සතියක් යනකල් විදුලිය බිදවැටේ

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දිවයින පුරා බලපැවැත්වුනු විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණ ද ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියෙන් ගිලිහී අක්‍රීයවූ නොරොච්චෝලේ බලාගාරය යළි පණ ගැන්වීම සඳහා අවම වශයෙන් තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.එම නිසා විටින් විට විදුලිය බිදවැටිම් සිදුවේ.

    අක්‍රීයවූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ටර්බයින සිසිල් වනතෙක් එය යළි පණ ගැන්විය නොහැකි බව විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය.

    ඒ සඳහා ගතවන කාලය තුළ ජලවිදුලි උත්පාදනයට පියවරගන්නා බව කී ඔහු සඳහන් කළේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත නොකෙරෙන ජලය මේ සඳහා යොදාගන්නා බවකි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    බලු මහින්දයා බාල චීන බඩු දාපු නිසා දැන් මුළු රටම විඳවනවා..

    ගල් අඟුරු බලාගාර වල බිඳවැටීම් අධික යි..... ඒක ඒ තාක්ෂණයේ හැටි. ඕක නැත්නම් මීට කලින් power කප්පාදු එන්නෙ.
     
    • Like
    Reactions: harshana123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    බලු මහින්දයා බාල චීන බඩු දාපු නිසා දැන් මුළු රටම විඳවනවා..

    ඒරොප්පේ හැදුවත් Shut down වෙච්ච ගල් අඟුරු බලාගාරයක් ආයෙ Restart කරන්න කාලයක් යනව මම හිතන්නෙ
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    2/3 දීපු ගමන් බලාගාරයක් හදන්න එපැයි නේද බන්. 😂😂
    ජෙප්පෝ දාන ගොන් joke හැටියට කවදා චන්දයක් දිනයිද මන්දා? මුන් ඇවිල්ල උන්ට චන්දෙ දෙන එක එපා කරවනවා.
     
    • Haha
    Reactions: M a d d i e