සතියේ දවස් හතට නම් හැදුණු හැටි

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
සතියේ දවස් හතට නම් හැදුණු හැටි

සතියේ සෑම දිනයක් සඳහාම යම් නාමයක් භාවිතා කිරීමට අපි හුරු වී සිටිනවා. ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා ලෙස හඳුන්වන මේ දිනයන්ට නම් ලද ආකාරය පිළිබඳවයි මේ.

වර්තමානයේදී අපි භාවිත කරන අයුරින් ග්‍රහයන්ගේ නම්වලින් දින හැඳීන්වීම ආරම්භ කළේ ඊජිප්තු ජාතිකයන් විසින්. හිරු, සඳු, අගහරු, බුධ, බ්‍රහස්පති, සිකුරු, සෙනසුරු, යන ග්‍රහයන්ගේ නම් යොදා ගිනිමිනි. හිරුගේ දිනය, සඳුගේ දිනය ආදී වශයෙන් ඔවුහු සතියේ දින හත නම් කරනු ලැබුවා. පසුකාලීනව රෝමානුවන් ද මෙම ක්‍රමය අනුගමනය කර තිබෙනවා.

නමුත් සතියේ දින පහ සඳහා ඉංග්‍රීසි නම් යෙදීමේ ගෞරවය හිමි වන්නේ ඇංග්ලෝ සැක්සන්වරුන්ටය. ඔවුහු තමා අදහන දෙවිවරුන්ගේ නම්වලින් ඒ ඒ දිනය හැඳින්වීමට හුරු විය. (ඇංග්ලෝ සැක්සන්වරුනගේ දෙවිවරුන් රෝම දෙවිවරුන්ට බොහෝ දුරට සමාන බව කියැවේ.)

ඒ අනුව හිරුගේ දිනය සවාන් ඩීග් හෙවත් සන්ඩේ ලෙසද, සඳුගේ දිනය මොතන්ඩීග් හෙවත් මන්ඩේ ලෙසද, යුධයට අධිපති ටිව් දෙවියන් වෙනුවෙන් ටියුස් ඩේ, දෙවිවරුන්ට අධිපති වූ වෝඩන්ගේ දිනය ලෙස වෙන්ස් ඩේ, මේඝ ගර්ජනා ඇති කරන තෝර දෙවියන්ගේ දිනය ලෙස තර්ස් ඩේ, ඕඩියන් දෙවියන්ගේ බිරිය වන ෆ්‍රිග් දෙවඟන වෙනුවෙන් ෆ්‍රයි ඩේ ලෙසද නම් විය. සෙනසුරාදා දිනය සැටර්න් ඩීග් ලෙසට නම් කළත් පසුව එය සැටර් ඩේ ලෙස වෙනස් ව තිබෙනවා.

sours --nethfm
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සෑර් සැටර් ඩේ එක පසුකාලීනව
    ප්‍රතිසංස්කරනීකරනයට ලක් වී තියනවා :cool: