සති අන්තයක් ළං වෙද්දි සහ ගෙවීගෙන යද්දි හිŞ
සති අන්තයක් ළං වෙද්දි සහ ගෙවීගෙන යද්දි හිතට එන හැඟීම් මෙන්න මේ වගෙයි
මට අනුවනං කාලය ගෙවෙන එකේ හොඳ ගොඩක් තියෙනවනං එයින් එකක් තමයි කාලය ගෙවිලා සති අන්තය එළැඹෙන එක. කාලය ගෙවී ගෙන යන එකේ එක හොඳයි නං තියෙන්නෙ ඒ තමයි කාලය ගෙවිලා ආයෙත් සති අන්තයක් ඉක්මනට එන එක. සතිඅන්තයක් ආවට කිසිම හොඳක් නැත්තං ඒ කියන්නෙ මං මැරිලා කියන එක. සති අන්තය අපිට ඒ ඒ කාලවලට ඒ ඒ විදියට දැනුනා. අපි මේ ලියන්නෙ ඒ ගැන. ඔයාලා සති අන්තයේත් රැකියාවල් කළත්, ඔයාලගෙ ඔලුවට ඒ නිදහස දැනිය යුතුමයි. මොකද මම මේක ලියන්නෙත් සති අන්තයක. මේ මගේ රස්සාව. එහෙනං ඇත්තටම මට සති අන්තෙ නිදහස දැනෙන්නෙ කොහොමද කියලා කියවලම ඉමු.
1. සිකුරාදා දවල් යාමය
Source – msecnd.net
සිකුරාදා දවල් දැන් අපි ඉන්නෙ ඔෆිස් එකේ වුනාට ඉස්සර හිටියෙ ඉස්කෝලෙ. ඔය මොකේ හිටියත් සිකුරාදා දවල් වෙද්දි හිතට එනව අමුතු සැනසීමක්. “යකෝ හෙට මේ දේවල් මොකුත් කරන්න නෑ නේද?” ඒ එක්කම හිතෙනව “යකෝ අනිද්දටත් මේ මොකුත් කරන්න නෑ නේද?” කියල. ඕක හිතුනට පස්සෙ සිකුරාදා දවල් වරුවත් හවස් වරුවත් අතරෙ ආෆ්ටර්නූන් එකම මල් හතයි. වෙනදට දකින්න ආස නැති අයවත් ආස විදියට පේන්න ගන්නවා. සිකුරාදා දවල් යාමය සුන්දර වෙන්නෙ සිකුරාදා දවල් වෙද්දි අපි සති අන්තෙට මුහුණ දීපු හින්දා නෙමෙයි. සති අන්තෙට මුහුණ දෙන්න කිට්ටුම මොහොත ඒක නිසාත්, සති අන්තෙ ඒ වෙනකොටත් ඇරඹිලා නැති නිසා මුළු සති අන්තෙම අපිට ඉතුරුයි කියන හැඟීම දැනෙන නිසාත් තමයි.
2. සිකුරාදා නිවසට පැමිණීම
Source – popkey.co
සිකුරාදා හවසට ගෙදරට එන්න වෙනදට වඩා වෙලාව යනව. ඒ සිකුරාදාට ට්‍රැෆික් වැඩි නිසා. ඒ එන අතරෙ අපි සිහින දකින්නෙ නොයෙකුත් දේ පිරුණු සුන්දර සති අන්ත වලට. ඒ දකින සිහින ඒ ඒ පුද්ගලයට අනුව වෙනස් වෙනවා. සමහරු හීන දකින්නෙ හයික් ගිහිල්ලා, රෑට ක්ලබ් එකකට ගිහිල්ලා ආතල් එකක් දාන්න, තවත් සමහරු මුළු සති අන්තෙම බොන්න ප්ලෑන් කරන්නෙ, සමහරු හීන දකින්නෙ බඩ පැලෙන්න කාලා හොඳට නිදාගෙන මොකුත් නොකර සෝෆා එකට වෙලා ටීවී බලන්න. ඉතින් ඔය ප්ලෑන් එක තමයි ගෙදර යනකං සිද්ධ වෙන්නෙ. සමහරු සිකුරාදා රෑම යාළුවො එක්ක සෙට් වෙලා වැඩ අල්ලලයි පටන් ගන්නෙ.
3. සිකුරාදා රාත්‍රිය
Source – aminoapps.com
සුන්දර සිකුරාදා රෑට ගොඩක් අය නින්දට යන්නෙ පහුවෙලා. ඒ සෙනසුරාදාට පහුවෙලා ඇහැරුනාට අවුලක් නැති නිසා. ඒත් සෙනසුරාදාත් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන සමහරු සිකුරාදාට කලින් නිදාගන්න යනවා. ඒ සෙනසුරාදා දවල් එකොළහ විතර වෙනකං නිදාගන්න බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් බැලුවොත් පැය පහළොවක වගේ නින්දක් ප්ලෑන් කරන මේ අය කලින්ම ගෙදර අයට කියලමයි නින්දට යන්නෙ ලෝකෙ කඩාගෙන වැටුනත් එකොළහ වෙනකං ඇහැරවන්නනං එපා කියල. ඒ වගේම මම ගැන කියනවනං මම නං සිකුරාදාට නින්දට යන්න කලින් උදේ පහට එලාම් එකක් තියෙනවා. එලාම් එකේ නමට ගහන්නෙ අද සෙනසුරාදා කියලයි. ඔයාලට හිතාගන්න පුළුවන්ද උදේ පහට හරිම වදකාර විදියට ඇහැරිලා අද සෙනසුරාදා එනිසා දවල් දොළහ වෙනකං තව පැය හතක් නිදාගන්න පුළුවන් කියල දැනුනහම මිනිහෙකුගෙ හිතට එන සතුට. ඒක සල්ලිවලට ගන්න බෑ මහත්තයො.
4. සෙනසුරාදා දවස
Source – gurunavi.com
සෙනසුරාදා කියන්නෙ මේ ලෝකෙ වේගෙන්ම ගෙවෙන දවස. සෙනසුරාදා දවල් දොළහට ඇහැරිලා බ්‍රන්ච් එක ගමයි ගන්නෙ. බ්‍රෙක්ෆස්ට් එකෙයි, ලන්ච් එකෙයි සංයෝගය තනි පිඟානකට බෙදාගන්න බැහැ. ඒක සිද්ධ වෙන්නෙ මෙහෙමයි. උදේට තිබ්බෙ පානුයි පරිප්පුයි පොල්සම්බෝලයි. දවල්ට චිකනුයි අලයි බතුයි. මුලින්ම ලොකු බත් පිඟානක් බෙදාගන්නව. ඊලඟට ඒකට අල හොදි පුරෝලා, අල කෑලි බත් යට හංගනවා. ඊටපස්සෙ මස් හොදි පුරෝලා මස් කෑලි පිඟානෙ හතරකොන සමපාත වෙන්න තියනවා. දැන් උදේ කන්න තිබ්බ පාන් පෙති පහක් අරගෙන පොඩි කෑලි කඩලා බත් එක උඩින් අතුරනවා. ඒ උඩින් ගානිෂ් එකක් විදියට හැම තැනටම වැටෙන්න පොල් සම්බෝල දාගන්නව. ඔය බත් එක කන්නෙ හද්දා ගොං ජෝක් තියෙන සිංහල ෆිල්ම් එකක් බලන ගමන්. සාමාන්‍යයෙන් වතුර බිබී බත් ලෝඩ් කරන්න මිනිත්තු හතලිස් පහක් විතර යනවා. ඒ කාලා ඉවරවෙලා මීකිරි හට්ටි බාගයක් ඉවර කරන්නෙත් කිරි කන්න ඕන තරං බඩේ ඉඩ තියෙන විත්තිය ඔප්පු කරන ගමන්මයි. ඔය ටික කෑවම ආයෙ ඇහැ පියවෙන්න එනව. සමහරු ඒ නිදි මතෙන්ම ඇහැ පියව ගත්තට මටනං පාප මිත්‍ර සේවනේ ඉහලින්ම තියෙන නිසා හවස් අතේ අඩියක් ගහන්න යන්නම වෙනවා.
5. සෙනසුරාදා රාත්‍රිය
Source – hellorf.com
සෙනසුරාදා රාත්‍රිය ගෙදරට එන්නෙ පොඩි අවුලකින්. මුල් කාලෙ ඔය අවුල මොකද්ද කියල හඳුනගන්න පුළුවන් වුනේ නැහැ. ඒත් පස්සෙ මීටර් වුනා මේ ඔලුවට ගහල තියෙන්නෙ හෙට ඉරිදා මූඩ් එක නේද කියලා. අපි ඊයෙ රෑ මේ විදියට සතුටු වුනේ අද රෑ නිදාගෙන පටන් ගන්න සති අන්තෙ තව පැය හතලිස් අටක් තියෙනව කියලයි. ඒත් ඒ සතුට පැය විසි හතරක් යද්දිම අපෙන් ඈත් වෙලා ඉවරයි. ඒක දුකක් තමයි ඒත් ඒකෙ හොඳක් තියෙනවා. ඒ තමයි ඒ පොඩි කාලකන්නි ගතියෙන් අපේ සති අන්තය ප්‍රොඩක්ටිවු වෙන එක. ඒ කියන්නෙ අපිට ඉරිදා රෑට හෙට සඳුදනෙ කියල දැනෙන කාලකන්නිකම සෙනසුරාදා කාලකන්නිකම කලින්ම දැනෙන එකෙන් සැර බාල වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ නිසා දැන් ආතල් දාන්න කාලයක් නෙමෙයි ගෙදර තියෙන වැඩකුත් කරන්න ඕන කියන හැඟීම ඇති වෙනවා. අන්න ඒ හොඳේ නිසා සෙනසුරාදා රෑ ටිකක් විතර ස්ට්‍රෙස් පිට නින්දට යන්න වුනත්, කමක් නෑ හෙටත් නිවාඩුනෙ ගහනව ඔන්නොහේ නින්දක් කියලා හිත හදාගන්න පුළුවන්කම ඇති වෙනවා.
6. ඉරිදා දවස
Source – gradeslam.org
කොච්චර ප්‍රොඩක්ටිවු වෙන්න ප්ලෑන් කලත් ඉරිදා ප්‍රොඩක්ටිවු කරගන්න පුළුවන් වෙන්නෙ එහෙමත් මිනිහෙකුට තමයි. මොකද ඉරිදට තමයි සති අන්තෙ වැඩ මතක් වෙලා කම්මැලි හිතෙන්නෙ, කලින් දවස්වල බීපුවා ඇඟේ වැඩ කරන්නෙ, අම්ම උදේ කෑමට කිරිබත් වගේ බර ආහාරයක් හදන්නෙ. ඒ ඔක්කොම එකපාර පත්තු වුනාම නින්ද යනව දැනෙන්නෙ නැහැ. ඉතින් හරිම මලානික දවසක් තමයි ඉරිදා දවල් සහ හවස් වරුව. ටීවී එකේවත් හරි හමන් දෙයක් නැහැ. ඉරිදා උදේට යූඑෆ්සී ටීවී එකේ ගියාට කවුද ඔවුව බලන්න ඇහැරෙන්නෙ හීනෙන් ගහගත්තොත් මිසක්.
7. ඉරිදා රාත්‍රිය සහ සඳුදා අළුයම
Source – nnm.me
ඉරිදා රෑ තමයි මේ ලෝකෙ හෙමින්ම ගෙවෙන වෙලාව. ඇයි කියන්න තාම මම දන්නෙ නෑ. හෙට වැඩ තියෙනවා කියන කාලකන්නි හැඟීම ඔලුවට දෙන ගමන් ඉක්මනට ඒ වැඩ ටික කරවන්න ඉඩක් නොදී තව වෙලා ඇද ඇද යන සීන් එකක් තමයි ඉරිදා රෑට සිද්ධ වෙන්නෙ. දවස් දෙකක් එක ලඟ හොඳට නින්ද ප්‍රැක්ටිස් කරලා සඳුදා උදේ ඇහැරෙන එකනං ආණ්ඩුවෙන් සහණ ඉල්ලනව වගේ වැඩක්. ඒ හින්දා ගොඩක් අය සඳුදා උදේ වැඩට යන්නෙ පරක්කු වෙලා. ඒ මදිවට සමහරු සඳුදට නිවාඩු දාන වෙලාවලුත් තියෙනවා.
8. බෝනස්
Source – birminghammail.co.uk
සිකුරාදා හෝ සඳුදාත් නිවාඩු දවස්වීම බෝනස් එකක් විදියට එකතු කරන්නෙ එකෙන් අපේ මේ සති අන්ත රූටීන් කණපිට ගැහෙන්න පුළුවන් නිසායි. ගෙදරට වෙලා නිදහසේ ගත කරන්න හිතපු මිනිස්සුන්ට දිගු දුර ගමන් යන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං පවුලේ අය දිගු දුර ගමන් ගිය නිසා සතුටින් ගෙදරට වෙලා සැපේ නිදාගන්න ඉඩ ලැබෙන්නත් පුළුවන්. ඒ දවස් තුනට අමතරව තවත් දවසක් නිවාඩු දාලා දවස් හතරක් සොමියක් ගන්නත් කට්ටියට ඉඩක් තියෙනවා.

copied from aniwa.lk

Last edited: