සති දෙකකින් PTE ගොඩ දාමු!!!

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    PTE ප්‍රශ්න ආකාර

    මම කලින් කිව්වා වගේ මේ exam එකේ ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. ඒ එක් එක්‌ කොටස යටතේ ප්‍රශ්න කිහිපයක් ලැබෙනවා. අපි මුලින් ඒ මොන වගේ ප්‍රශ්නද කියල අඳුනගෙන ඉමු.


    (1) Speaking and Writing Category

    1. Read Aloud (RA)
    මෙහිදී ඔබට ලැබෙන්නේ computer තිරය මත දිස්වෙන වාක්‍ය කණ්ඩයක් කට ඇරලා කියන්න. ඔබට සුදානම් වීම සඳහා තත්පර 35ක් සහ කියවීම සඳහා තත්පර 40ක් ලැබෙනවා. මේ යටතේ වාක්‍ය 6-7ක් ලැබෙන්න පුළුවන්.
    උදා :

    2. Repeat Sentence (RS)
    මෙහිදී ඔබට ලැබෙන්නේ computer එකෙන් ඇහෙන වාක්‍යයක් ඒ විදිහටම කියන්න. මෙහිදී recording එක පටන් ගත් විගස ඔබට ඇහුනු වාක්‍යය mic එකට කියන්න ඕන.
    උදා:

    3. Describe Image (DI)
    පින්තුරයක් දිහා බලාගෙන එක ගැන තත්පර 40ක් ඇතුලත කතා කරන්න ඕන. සුදානම් වීමට තත්පර 25ක් ලැබෙනවා.
    උදා:

    4. Retell Lecture (RL)
    යම් recording එකකට හෝ video එකකට සවන් දීලා ඒකේ කියපු දේවල් ගැන තත්පර 40ක් ඇතුලත කියන්න ඕන. තත්පර 10ක් සූදානම් වෙන්න ලැබෙනවා.
    උදා:

    5. Answer Short Question (ASQ)
    computer එක අහන ප්‍රශ්නෙකට සරල කෙටි උත්තරයක් දෙන්න ඕන.

    6. Summarize Written Text (SWT)
    ඔබට යම් විස්තරයක් තිරයේ දිස්වෙනවා. ඒ විස්තරය එක වාක්‍යකින් සාරාංශ ගත කරලා ලියන්න තියෙන්නේ. විනාඩි 10ක් ලැබෙනවා මේ සඳහා.

    7. Write Essay (WS)
    යම් මාතෘකාවක් යටතේ රචනාවක් ලියන්න ලැබෙනවා. විනාඩි 20ක් ඇතුලත වචන 200-300ක්.


    (2) Reading Category

    8. Fill in the Blanks - Reading & Writing (FIB- RW)
    paragraph එකක් දීලා ඒකේ යම් යම් හිස්තැන් වලට ගැලපෙන වචනය උත්තර 4ක් අතරින් තෝරන්න එනවා.

    9. Multiple Choice Multiple - Reading (MCM-R)
    paragraph එකක් කියවලා ඒකට අදාලව හරි හෝ වැරදි choices තෝරන්න තියෙන්නේ. එකකට වඩා වැඩි ගානක් හරි උත්තර තියෙන්න පුළුවන්.

    10. Re-order Paragraphs (RO)
    වාක්‍ය 4ක් 5ක් දීලා නිවැරදි අනුපිලිවෙලට සකස් කරන්න තියෙන්නේ ඒ ටික.

    11. Fill in the Blanks - Reading (FIB- R)
    paragraph එකක් දීලා ඒකේ යම් යම් හිස්තැන් වලට ගැලපෙන වචන, පහළ තියෙන වචන set එකක් අතරින් තෝරලා නිවැරදි හිස්තැනට දාන්න ඕන.

    12. Multiple Choice Single - Reading (MCS-R)
    paragraph එකක් කියවලා ඒකට අදාලව හරි හෝ වැරදි choice එක තෝරන්න තියෙන්නේ. හරි උත්තර එකයි තියෙන්න පුළුවන්.


    (3) Listening Category

    13. Summarize Spoken Text (SST)

    ඔබට අහන්න ලැබෙන විස්තරයක් සාරාංශ ගත කරලා type කරන්න තියෙන්නේ.

    14. Multiple Choice Multiple - Listening (MCM-L )
    යම් විස්තරකට ඇහුම්කන් දීලා ඒකට අදාලව හරි හෝ වැරදි choices තෝරන්න තියෙන්නේ. එකකට වඩා වැඩි ගානක් හරි උත්තර තියෙන්න පුළුවන්.

    15. Fill in the Blanks - Listening (FIB- L)
    paragraph එකක් තිරය මත දීලා ඒ paragraph එක computer එකෙන් ඇහෙද්දී ඒකේ යම් යම් හිස්තැන් වලට ගැලපෙන වචන type කරන්න ඕන.

    16. Highlight Correct Summery (HCS)
    යම් විස්තරකට ඇහුම්කන් දීලා ඒකට අදාලව ගැලපෙන සාරාංශය දීලා තියෙන choices වලින් තෝරන්න තියෙන්නේ.

    17. Multiple Choice Single - Listening (MCS-L)
    යම් විස්තරකට ඇහුම්කන් දීලා ඒකට අදාලව හරි හෝ වැරදි choice එක තෝරන්න තියෙන්නේ. හරි උත්තර එකයි තියෙන්න පුළුවන්.

    18. Select Missing Word (SMW)
    යම් විස්තරකට ඇහුම්කන් දීලා එම විස්තරය අවසන් වන වචනය හෝ වාක්‍ය කණ්ඩය වෙනුවට බීප් නාදයක් නිකුත් වෙනවා. ඊට සුදුසු වචනය දී ඇති උත්තර අතුරින් තෝරන්න ඕන.

    19. Highlight Incorrect Words (HIW)
    paragraph එකක් තිරය මත දීලා ඒ paragraph එක computer එකෙන් ඇහෙද්දී ඒකේ වැරදියට ඇහෙන වචන සළකුණු කරන්න ඕන.

    20. Write From Dictation (WFD )
    computer එකෙන් ඇහෙන වාක්‍යය නිවැරදිව type කරන්න ඕන.


    APEUni එකට ගිහින් මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් try කරලා බලන්න. එතකොට තවත් අවබෝධ වෙයි. මේ එක එක ප්‍රශ්නේ කොහොමද ගොඩ දාන්නේ කියලා ඉස්සරහට කතා කරමු.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Good thread🙏
    PTE walata apeuni wage IELTS walata free practice tests thiyena site ekak dannawada kawru hari?
    godak sites wala free tests keepayayi thiyenne.
     
    • Like
    Reactions: mihir.rc.uom

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    Good thread🙏
    PTE walata apeuni wage IELTS walata free practice tests thiyena site ekak dannawada kawru hari?
    godak sites wala free tests keepayayi thiyenne.
    Ape uni eka ganing ban loba nathuwa...mama gaththa premium.

    1667924765780.png