සති දෙකකින් PTE ගොඩ දාමු!!!

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    219
    153
    43
    nugegoda
    Hi මචන්ලා, ඔන්න මේ කාලේ හැමෝම පිස්සුවෙන් වගේ හොයන කාරණයක් ගැන thread එකක් පටන් ගන්න යන්නේ. මාත් ගොඩක් එළකිරි එකේ හෙව්වා මේ සම්බන්දව. නමුත් හරිහමන් කරුණු ටිකක් හොයාගන්න බැරි උනා. ඒ නිසා මම ගත්තු අත්දැකීම් ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. මුල ඉඳන් අගටම හැමදේම නොමිලේම කියනවා. ඔයාලා දන්න කරුණුත් මේකේ share කරගන්න. හැබැයි මම මේ ගැන expert කෙනෙක් නෙවෙයි. මම කිසිම class එකකට නොගිහින් සති දෙකෙන් PTE ගොඩ දාපු විදිහ ගැන තමා මම කියන්න යන්නේ. PTE exam එක කරන්න ඉන්න කෙනෙක්ට මේ thread එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. සති දෙක කියන කාරණේ එක එක්කෙනාගේ හැකියාව මත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මට පුළුවන් උනා කියන්නේ උඹලා හැමෝටම ගේමක් නෑ.
    ඒ නිසා බය නැතුව වැඩේට බහිමු. ජය!
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    219
    153
    43
    nugegoda
    හරි. අපි මුලින්ම PTE ගැන සාමාන්‍ය දැනුමක් ලබාගනිමු. මේකෙදි මම මේ දේවල් ගොඩක් ගැඹුරට නැතුව ගොනා සේ විස්තර කරන්නේ. හැමෝටම සරල අවබෝදයක් ගන්න පුළුවන් වෙන්න. මේ කියන කරුණු ඔබ දැනටම දන්න දේවල් වෙන්නත් පුළුවන්. මීට වඩා වැඩි යමක් දන්නවනම් අනිවා comment කරලා මේ thread එකේම බෙදාගන්න.

    මොකක්ද PTE කියන්නේ?
    PTE කියන්නේ ඔබ වෙන රටකට ඉගෙනගන්න (Student visa) හෝ, රස්සාවක් කරන්න (job visa) හෝ ස්ථිර පදිංචිය (PR) සඳහා යද්දී ඔබේ ඉංග්‍රීසි දැනුම ඒ රටේ අයත් එක්ක පෑහෙන්න තරම් මට්ටමක තියෙනවා කියලා පෙන්නන්න කරන exam එකක්. IELTS ගැන අපි ගොඩක් අය අහල තියෙනවනේ. අන්න ඒ වගේම තවත් එක විභාගයක්.
    මේ exam එකේදී ඔබට මුලු ලකුණු 90ක් ලැබෙනවා. ඔබ යන රට හෝ විශ්ව විද්‍යාලය තීරණය කරනවා ඔබට ඒ රටේ පදිංචියට හෝ ඉගෙනගැනීමට අර ලකුණු 90න් අවම ලකුණු කීයක් අවශ්‍යද කියලා. ඒ සුදුසුකම සපුරගත්තම ඔබට ඒ සඳහා අයදුම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු Australia වල ස්ථිර පදිංචිය සඳහා ඔබ අයදුම් කරනවා කියලා skill migration category එකකින්. එහෙනම් ඔබට PTE අවම ලකුණු 65ක් අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ. සරලයි.
    IELTS වල types දෙකක් තියෙනවා general සහ academic කියල. ඔබට PR සඳහා ඉල්ලුම් කරනවානම් කරන්න වෙන්නේ general. ඉගෙනගන්න යනවනම් කරන්න වෙන්නේ academic. නමුත් PTE වල තියෙන්නේ PTE Academic කියල විතරයි. එකෙන් ඔය වැඩ දෙකම කරගන්න පුළුවන්.

    PTE exam එක මොන වගේද
    මේක තනිකරම computer based exam එකක්. ඒ කියන්නේ ඔබට computer එකක් ඉස්සරහ ඉඳගෙන එකේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, එකේ එක එක දේවල් type කරන්න, ඒකෙන් කියන දේවල් අහන ඉන්න වෙනවා. එක එක ජාතියේ ප්‍රශ්න ආකාර 20කට ඔයාට මුහුණ දෙන්න වෙනවා. එක ආකාරයකින් ප්‍රශ්න 5-6ක් සමහර ආකාර වලින් ප්‍රශ්න 1-2ක් වගේ එන්න පුළුවන්. එක එක ප්‍රශ්න වලට අදාලව time එකක් තියෙනවා. මුළු විභාගේටම ඔයාට යන්නේ පැය 2ක් වගේ. මේ හැමදේම in detail අපි ඉස්සරහට කතා කරනවා.

    PTE exam එක offer කරන්නේ කවුද?
    Pearson කියන ආයතනයෙන් තමා මේ exam එක පවත්වන්නේ. https://www.pearsonpte.com/ කියන්නේ එයාලගේ page එක. මේකට ගිහින් ඔයාට මේකේ account එකක් හදාගෙන exam එක book කරගන්න පුළුවන්. ලංකාවේ මේ exam එක පවත්වන්න බලය පැවරිලා තියෙන්නේ Knowledge Merchandising Pvt Ltd කියන ආයතනයට. එයාලගේ විභාග ශාලා 3ක් දැනට තියෙනවා. මේවා ගැන මම වෙන වෙනම කතා කරනවා.

    PTE ඕනි රටක පිළිගන්නවද?
    නෑ. ඔබ Australia හෝ New Zealand යනවනම් ඔබ PR ඉල්ලුවත් student ගියත්, work විසා ගියත් හැමදේටම PTE exam එක පිළිගන්නවා. නමුත් UK, USA, Canada වගේ රටවල මම දන්නා තරමින් PR ඉල්ලුම් කරන්න PTE වලින් බෑ. නමුත් ඒ රට වල සමහර universities තියෙනවා PTE පිළිගන්න. ඒ නිසා ඔබ ඉල්ලුම් කරන රට හෝ university එක PTE පිළිගන්නවද කියලා ඉස්සෙල්ල හොයලා බලන්න පහල link එකෙන්.

    https://www.pearsonpte.com/who-accepts-pte

    PTE වලට කොච්චර වියදමක් යනවද?
    Exam එකට register වෙන්න ඔබට USD 160ක් වගේ යනවා. ඒ කියන්නේ දැනට ලංකාවේ මුදලින් රුපියල් 65000ක් වගේ. ඔයිට අමතරව මේ විභාගය සඳහා practice කරන්න පුළුවන් web sites තියෙනවා. ඒ සඳහා මාසෙකට ඔබට යම් මුදලක් ගෙවන්න වෙයි. මේ සඳහා class ගියොත් නම් තව ඔබට රුපියල් 50000 - 100000ක් අතර මුදලක් යයි. නමුත් බය වෙන්න එපා. ඒ මුදල ඉතුරු කරගෙන කොහොමද ගොඩ දාන්නේ කියලනේ අපි මේ කතා කරන්න යන්නේ. ඒ නිසා රුපියල් 70000කින් වගේ ඔබට මුළු වැඩේම ගොඩ දාගන්න පුළුවන්.

    IELTS ද PTE ද?
    මේක නම් සෑහෙන්න බීලා කතා කරන්න ඕන ප්‍රශ්නයක්. ගොඩක් අය දැන් PTE කරනවා IELTS වලට වඩා ලේසියි කියලා. වියදම අනුව නම් දෙකේම ලොකු වෙනසක් නෑ. හැබැයි මගේ දැනුමේ මට්ටමට මේකේ යම් ඇත්තක් තියෙනවා. මොකද PTE exam එකේදී ඔබට ලැබෙන්නේ AI Score එකක්. ඒ කියන්නේ ඔබව මැනෙන්නේ computer එකකින්. නමුත් IELTS එකේදී ඔබව examiner කෙනෙක් තමා evaluate කරන්නේ. අපි හිතමු ඔබට රචනාවක් ලියන්න ලැබුනා කියලා. එතකොට ඔබ මහන්සි වෙලා රචනාව කට පාඩම් කරගෙන ගියොත් PTE exam එකේදී මුළු ලකුණුම ගන්න පුළුවන්. මොකද computer එකකින් බලන්න පුළුවන් ඔබේ වචන වල spellings හරිද, grammar හරිද සහ මාතෘකාවේ තියෙන key words වලින් කොච්චර තියෙනවද කියන එක විතරයිනේ. නමුත් examiner කෙනෙක් බලද්දී ඒවාට අමතරව ඔබ කොච්චර මාතෘකාවට අදාලව කරුණු ලියලද, කොච්චර professional language එකක් පාවිච්චි කරලද, රචනාවේ අන්තර්ගතය කොහොමද, මාතෘකාව සම්බන්ධයෙන් ඔබේ දැනීම කොහොමද වගේ දේවල් පවා බැලෙනවා. ඒ අතින් බලද්දී PTE වලින් ලකුණු ගන්න ඔබට English ලොකුවට ඕනි වෙන්නේ නෑ.
    අනිත් අතට ඔබ කෙනෙක් එක්ක කතා කරද්දී ඔබට වචන වරදින්න පුළුවන්, ගොත ගැහෙන්න පුළුවන්. නමුත් ඔබ සමස්තයක් විදිහට හොඳට කතා කරනවා වෙන්න පුළුවන්. ඒත් ඔබව computer එකකින් analyze කරද්දී ඒ වගේ fluency, pronunciation සම්බන්දව වැරද්දක් උනොත් ඔබට ලකුණු අඩු වෙනවා. ඒ වගේම mic එකේ දෝෂයක් තිබ්බත් එහෙම වෙනවා. අන්න ඒ වගේ කාරණා PTE exam එකකදී ඔබට අවාසියකට හිටින්න පුළුවන්.
    මම ඔබට යෝජනා කරනවා ඔබේ English දැනුම හොඳනම් ඔබට IELTS කිරීම වඩා වාසිදායක වෙන්න පුළුවන්. ඔබේ smart බව, මතක ශක්තිය, කාල කළමනාකරණය වගේ දේවල් හොඳ නම් PTE වඩා වාසිදායක වෙන්න පුළුවන්. නමුත් ඔබේ English දැනුම මදි නම් ඔබට අනිවා PTE වලින් ගොඩ යන්න පුළුවන් මම මේ thread එකේ කියන කරුණු එක්ක.

    .......................................................................................................................................................................................................................................................

    හරි. කොතනින්ද පටන් ගන්නේ?
    මුලින්ම ඔබ කරන්න ඕන PTE සඳහා සුදානම් වෙන එක. ඒ සඳහා ඔබට practice web site එකක register වෙන්න වෙනවා. Pearson ආයතනයේ system එකෙන්ම practice කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. මොකද ඒ system එකමනේ ඔබට exam එකේදිත් එන්නේ. නමුත් ඉතින් එකේ ගණන් නම් ගොඩක් වැඩියි. අපි වගේ දුප්පත් කොල්ලොන්ට දරාගන්න අමාරුයි.
    ඒ නිසා අතේ තියෙන ගානට ඇතිතරම් practice කරන්න පුළුවන් reviews අතිනුත් ඉතාම හොඳ site එකක් තියෙනවා APEUni කියල. මම practice කලේ මේකෙන්.
    https://www.apeuni.com/en තමයි එයාලගේ page එක.

    මම කලින් කිව්වා වගේ මම මේකේ practice කලේ සති 2කටත් වඩා අඩු කාලයක්. මට ලකුණු 75ක් ආවා. practice කරන්න කරන්න ඔබට ගන්න පුළුවන් ලකුණු ගාන වැඩි වෙනවා. හැබැයි ඉතින් මම නම් හිතන්නේ ලකුණු 65කට වඩා ගන්න මේ කාලේ හොඳටම ඇති වෙයි. කොහොමින් හරි ඔබට කොච්චර කාලයක් අවශ්‍ය වෙයිද කියල මුලින් තීරණය කරගන්න වෙනවා. මොකද ඕකේ paid version එක මාසෙකට ගන්නවානම් USD 15ක් වගේ යන්නේ. මාස 3කට ගන්නවනම් USD 30යි. මාස 6කට ගන්නවානම් USD 60ක් වගේ.තමන්ට අවශ්‍ය කාලය බලල එක පාර ගත්තොත් ලාබයි.

    පළමු පියවර හැටියට මේකට ගිහිල්ල පොඩ්ඩක් තියෙන ප්‍රශ්න අතපත ගාලා බලන්න. ඔබට මේකේ ඕනෑම ප්‍රශ්නයක් නොමිලේ කරන්න පුළුවන්. ලකුණු දැනගන්න තමා paid version එක අවශ්‍ය වෙන්නේ. දවසකට ප්‍රශ්න 5ක් ද කොහෙද නොමිලේ score කරගන්න පුළුවන්. පොඩ්ඩක් එහෙම කරලා බලන්න තමන් ඉන්නේ මොන මට්ටමකද කියලා. බලලා තමන්ට අවශ්‍ය කාලෙට paid version එක මිලට ගන්න.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    3,770
    5,802
    113
    PTE nan danne na. IELTS vage nan sathi deken ba. Kochchara kal yanavada kiyala dana ganna danata kochchara puluvanda kiyana eka balanna one. 0 nan aurudu dekakvath yanava expert level ekata enna.
     
    • Like
    Reactions: mihir.rc.uom

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    25,050
    1
    56,158
    113
    30
    Kalutara
    PTE nan danne na. IELTS vage nan sathi deken ba. Kochchara kal yanavada kiyala dana ganna danata kochchara puluvanda kiyana eka balanna one. 0 nan aurudu dekakvath yanava expert level ekata enna.
    මොනවද බන් IELTS වල ඔච්චර අමාරු ඉංග්‍රීසිය? රැජිනගෙ කාලේ ඉංගිරිස් වලින්ද ප්‍රශ්න අහන්නේ?
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    219
    153
    43
    nugegoda
    PTE Exam Structure

    දැන් මේක සති දෙකෙන් ගොඩ දාන්න නම් මේක මොන වගේ exam එකක්ද කියලා මුලින්ම දැනගෙන ඉන්න එපැයි නේද? මම කලින්ම සඳහන් කරපු විදිහට මේක computer based exam එකක්. ඒ කියන්නේ ඔබට ප්‍රශ්න ලැබෙන්නෙත් computer එකෙන්. ඔබේ දැනුම මනින්නේත් computer එකෙන්. කිසිම විදිහක 3වෙනි පුද්ගලයෙක් සම්බන්ධ වෙන්නේ නෑ ඔබත් computer එකත් හැරෙන්න. exam එක පටන් ගත්තට පස්සේ එක දිගට පැය දෙකක් විතර ඔබට එක එක ප්‍රශ්න ලැබෙනවා. ඔබට එක හුස්මට ඒ ටික කරගෙන කරගෙන යන්න තියෙන්නේ. exam එක ඉවර කරලා පැය දෙක තුනකින් ඔබට ලකුණුත් ලැබෙනවා mail එකකින්. හරි සරලයි.

    අපි පොඩි කාලේ ඉඳන් ඕන තරම් විභාග කරලා තියෙනවනේ. එක ප්‍රශ්න පත්‍රයක් ගත්තොත් එක එක විදිහේ ප්‍රශ්න තියෙනවනේ. මතක් කරගන්නකො ඔයාලගේ O/L සිංහල paper එක. රචනා ලියන්න, සාරාංශ ලියන්න, හිස්තැන් පුරවන්න, ඉරි ගහන්න ඔය වගේ එක එක ආකාර තියෙනවනේ. අන්න ඒවගේ PTE වලත් ඔයාට ප්‍රශ්න ආකාර 20ක් ලැබෙනවා. එක ආකාරයකින් ප්‍රශ්න 1ක් හෝ කිහිපයක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රචනා ප්‍රශ්න එකකුත් පින්තූරයක් ගැන විස්තර කරන්න ප්‍රශ්න 3කුත් ලැබෙන්න පුළුවන්.

    ඔය ප්‍රශ්න සියල්ලම Speaking and Writing, Reading සහ Listening කියන කොටස් 3ක් යටතේ තමා ලැබෙන්නේ.

    සමහර ප්‍රශ්න වලට වෙන වෙනම කාලයක් ලැබෙනවා. ඒ කියන්නේ රචනාවට ගත්තොත් මිනිත්තු 20ක්. ඔබ ඒ මිනිත්තු 20 අඩුවෙන් පාවිච්චි කළා කියල වෙන ප්‍රශ්නෙකට කාලය ඉතුරු වීමක් වෙන්නේ නෑ. සමහර ප්‍රශ්න කිහිපයකටම එක පොදු කාලයක්. අන්න ඒ වෙලාවට කාල කළමනාකරණය වැදගත් වෙනවා. ඒ වගේම මම මුලින් කියපු කොටස් 3 අතර විනාඩි 2ක් වගේ කාලයක් ලැබෙනවා ඔබට පොඩි විවේකයක් ගන්න. එක කොටසක් තුළ අඩංගු ප්‍රශ්න සියල්ලම එක දිගට කරගෙන කරගෙන යන්න ඕන. Next button එක ඔබපු ගමන් ඊළඟ ප්‍රශ්නේ එනවා.

    එක එක ප්‍රශ්නෙට ලකුණු ලැබෙන විදිහ වෙනස් වෙනවා. PTE exam එකෙන් IELTS වගේම ඔබේ English දැනුමනේ මනින්නේ. ඉතින් ඔබට Speaking, Writing, Reading සහ Listening කියන skills මොන වගේද කියල ඔය ප්‍රශ්න වලින් මැනෙනවා. එක ප්‍රශ්නෙකින් එක skill එකකට වඩා වැඩි ප්‍රමාණයක් මැනෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට යම් වාක්‍ය කණ්ඩයක් කියවන්න දීලා ඒකෙන් ඔබේ reading සහ speaking කියන දෙකම මනිනවා. අන්න ඒ වගේ.

    පහත වගුවෙන් ඔබට බලාගන්න පුළුවන් අර මම කියපු ප්‍රශ්න ආකාර වලට එන ප්‍රශ්න ප්‍රමාණය, ලැබෙන කාලය සහ ලකුණු ලැබෙන විදිහ ගැන දල අවබෝධයක්. ගැටළු තියෙනවනම් comment කරන්න.

    APEUni PTE Score Breakdown Table.png