ඉතින් සිහියෙන් දෙයක් කරන්න නම් ඕන තරම් සියුම් ක්‍රියාකාරකම් තියනව , ක්‍රීඩා තියනව ලමයි කැමැත්තෙන් ම කරන.ඒකම තමා හදන්න හදන්නෙ. උපතින් බෞද්ධ වූ පලියට සිහිය කියන දේ ඉදිරියට එන්නෙ නැහැ. නිතර නිතර සිහියට තැන දුන්නම ප්‍රගුණ කළහම වෙනදා අසිහියෙන් වැඩකරන තැන්වල දිත් නිරුත්සහයෙන් සිහිය ඉදිරියට එනවා. ඒකටම තමා සිහිය කියන එක මුලු ජීවිතයටම බද්ධ කරලා උගන්වන්නෙ.
ඔතන අති බහුතරයක් වෙන්නේ ලොකු උන්ගේ උවමනාවට උන්ට ඕන ඉරියව්වක් , නිරුපණය කරන එකක් මිසක් ඒක කරන ඒකා ඇත්තටම සිහියෙන් වැඩක් කරනවද කියලා බලන්න බෑ .
කරන එකාට ඉදගෙන , අත්දෙක බැදගෙන වෙන වෙන දෙයක් හිතන් ඉන්න පුලුවන්. ඔය වයසේ ළමයි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඕක ආතල් එකට ගන්නවා හරියට අර උදෑසන ශරීර සුවතා වගේ.
"සතිය" කියලා subject එකක් වගේ කාලය වෙන් කරගෙන කරල තේරුමක් නෑ . සාමන්‍ය ඉගැන්වීම ඇතුලෙම ඒක ළමයට යන විදියට අධ්‍යාපන දෙන විදියයි වෙනස් වෙන්න ඕනේ.
අනේ මන්ද ඉතින් . කාලෙන් කාලෙට ඔහොම ඒවා ඇවිත් ඉවර වෙලා යනවා.. පොඩි කාලෙකට media ෂෝ විතරයි.