සති පාසල වැඩසටහන

dilann

Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ඒකම තමා හදන්න හදන්නෙ. උපතින් බෞද්ධ වූ පලියට සිහිය කියන දේ ඉදිරියට එන්නෙ නැහැ. නිතර නිතර සිහියට තැන දුන්නම ප්‍රගුණ කළහම වෙනදා අසිහියෙන් වැඩකරන තැන්වල දිත් නිරුත්සහයෙන් සිහිය ඉදිරියට එනවා. ඒකටම තමා සිහිය කියන එක මුලු ජීවිතයටම බද්ධ කරලා උගන්වන්නෙ.
    ඉතින් සිහියෙන් දෙයක් කරන්න නම් ඕන තරම් සියුම් ක්‍රියාකාරකම් තියනව , ක්‍රීඩා තියනව ලමයි කැමැත්තෙන් ම කරන.
    ඔතන අති බහුතරයක් වෙන්නේ ලොකු උන්ගේ උවමනාවට උන්ට ඕන ඉරියව්වක් , නිරුපණය කරන එකක් මිසක් ඒක කරන ඒකා ඇත්තටම සිහියෙන් වැඩක් කරනවද කියලා බලන්න බෑ .
    කරන එකාට ඉදගෙන , අත්දෙක බැදගෙන වෙන වෙන දෙයක් හිතන් ඉන්න පුලුවන්. ඔය වයසේ ළමයි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඕක ආතල් එකට ගන්නවා හරියට අර උදෑසන ශරීර සුවතා වගේ.

    "සතිය" කියලා subject එකක් වගේ කාලය වෙන් කරගෙන කරල තේරුමක් නෑ . සාමන්‍ය ඉගැන්වීම ඇතුලෙම ඒක ළමයට යන විදියට අධ්‍යාපන දෙන විදියයි වෙනස් වෙන්න ඕනේ.

    අනේ මන්ද ඉතින් . කාලෙන් කාලෙට ඔහොම ඒවා ඇවිත් ඉවර වෙලා යනවා.. පොඩි කාලෙකට media ෂෝ විතරයි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    සිවුරෙ අවුලක්ද කොහෙද තියෙන්නෙ ටයි කෝට් දාගත්ත ඩයල් එකක් ආව නන් ඔය මොකවත් නෑ. මෝටිවේසන් ගාගෙන යන්නෙ
    පල්ලියක ෆාදර් කෙනෙකුත් ගෙන්නුවා නන් මේකේ ඉන්න නිරාල සෙට් එක මීක් නෑ , සිවුර දැක්ක ගමන් නිරා ලා මීක් මීක් 😉



    සිහියෙන් මේ මොහොතේ ඉඳන් වැඩක් කරන්න පුරුදු කරන එක කොච්චර දෙයක්ද. Flow එකට ඉක්මනට ඇවිත් වැඩේ 2x වලින් ඉවර කරන්න පුළුවන්
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙමත් දකින්න පුලුවන් අවශ්‍යනම්.
    අමුතුවෙන් දකින්න දෙයක් නෑ බන් ගොනා හැරෙනකොට ලංකාවේ කැම්පේන් ගැන දන්නා උන දන්නවා පොල් පැලේට කෙලින්න තමයි හදන්නේ කියලා.

    බෝම්බ ගහලා , ජාතිවාදේ අවුස්සලා චන්ද දිනපු උන්ට ඕවා මොනවද

    අඬාගෙන බඩෙන් එලියට ඇවිත් අම්මගෙ තණපුඩුවෙන් ගලපු කිරිවලින් "මොළ හෝදගන්න" පටන් ගත්ත මිනිස්සුනෙ අපි.
    මොකක්ද ඒ කතාව


    මේක සෙකියුලර් වැඩසටහනක්. බුදුහාමුදුරුවන්ට වඳින්නෙ නැහැ. තමන් කැමති දෙවියන් හෝ ශාස්තෘවරයෙක් සරණ යනගමන්ම හෝ එහෙම නොකර සහභාගී වෙන්න පුලුවන්.

    • මෙම ‘සති පාසල’ වැඩ සටහන ස්වේච්ඡාවෙන් සහභාගි වීමට කැමැත්ත පළ කරන පාසල් සඳහා අරමුණු කරගත්තකි. කැමැත්ත ප්‍රකාශ කරන ඕනෑම පාසලක් බඳවාගනු ලැබේ.
    • සතිමත් බව පුහුණුව ආගම් භේදයකින් තොරව සිදු කෙරේ. මෙය කිසිම ආගමකට සම්බන්ධ නොවූ වැඩ සටහනක් ලෙස හඳුන්වා දෙමු.
    මෙතන සහභාගි වීමට ඇති කැමැත්ත කියලා කියන්නේ, පින්සිපල් තමන්ට තියෙන දුෂණ අක්‍රමික තා යටගහගන්න , ඇමතියට එක දාගන්න තියෙන කැමැත්ත මිසක් වෙන කාගෙවත් කැමැත්ත නෙවෙයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් සිහියෙන් දෙයක් කරන්න නම් ඕන තරම් සියුම් ක්‍රියාකාරකම් තියනව , ක්‍රීඩා තියනව ලමයි කැමැත්තෙන් ම කරන.

    ඔතන අති බහුතරයක් වෙන්නේ ලොකු උන්ගේ උවමනාවට උන්ට ඕන ඉරියව්වක් , නිරුපණය කරන එකක් මිසක් ඒක කරන ඒකා ඇත්තටම සිහියෙන් වැඩක් කරනවද කියලා බලන්න බෑ .කරන එකාට ඉදගෙන , අත්දෙක බැදගෙන වෙන වෙන දෙයක් හිතන් ඉන්න පුලුවන්. ඔය වයසේ ළමයි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඕක ආතල් එකට ගන්නවා හරියට අර උදෑසන ශරීර සුවතා වගේ."සතිය" කියලා subject එකක් වගේ කාලය වෙන් කරගෙන කරල තේරුමක් නෑ . සාමන්‍ය ඉගැන්වීම ඇතුලෙම ඒක ළමයට යන විදියට අධ්‍යාපන දෙන විදියයි වෙනස් වෙන්න ඕනේ.





    අනේ මන්ද ඉතින් . කාලෙන් කාලෙට ඔහොම ඒවා ඇවිත් ඉවර වෙලා යනවා.. පොඩි කාලෙකට media ෂෝ විතරයි.

    එහෙම වෙන්නත් ඉඩ තියනවා. කෝටියකට ඉගැන්වුවොත් මිලියනයක් වත් මේ ගැන දැනුවත් වෙන්නත් ඉඩ තියනවා.
     
    • Like
    Reactions: dilann

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    1672902036519.jpeg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක

    ඔව් ඔය වගේ දේවල් හොදයි.
    ඔය video බලද්දිත් තේරෙනව නේ ළමයි මොන දේවල් ද කැමැත්තෙන් කරන්නේ කියලා.

    මම කිව්වේ ලොකු උන්ට ඕන ඉරියව් වල බලෙන් ඉන්දල සිහිය ගන්න පුලුවන් වගේ හිතන් ඉන්නවනම් නිකන් ළමයිනේ කාලේ කන එක කියලා.


    උඩ මම කිව ලංකාවේ උන්ගේ සිහියේ නියම ස්වරුපය ආගමික සංකේත වෙනස් කරාම වෙනස් වෙන විදිය ගැන.
    ඒකත් මේකේ ඉන්න උන් ආගමික සංකේතයකින් අල්ලාගෙන පල්ලියක් ගැන , නිරා ගැන කියවනවා.. මම කිව්වෙත් එහෙම කට්ටිය ගැන තමයි. 🙃 .
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔව් ඔය වගේ දේවල් හොදයි.
    ඔය video බලද්දිත් තේරෙනව නේ ළමයි මොන දේවල් ද කැමැත්තෙන් කරන්නේ කියලා. මම කිව්වේ ලොකු උන්ට ඕන ඉරියව් වල බලෙන් ඉන්දල සිහිය ගන්න පුලුවන් වගේ හිතන් ඉන්නවනම් නිකන් ළමයිනේ කාලේ කන එක කියලා.

    මේ වැඩසටහන ගැන, ඉහත ප්‍රකාශය හරි හැටි නොදැන කරපු ප්‍රකාශයක් කියන එක තරමක් දුරට හරි පැහැදිලි වෙන්න ඇතිනෙ එහෙනම්.

    මේ වැඩසටහන නිර්මාණය සහ නියාමනය වෙන්නෙ සිහිය ගැන අවුරුදු 40ක පමණ ප්‍රායෝගික අවබෝධයක්, බොහෝ කාලයක් තිස්සෙ කැටිකරන ලද දැනුම් සම්භාරයකට හිමිකම් කියන පිරිසක්. සිවුරු දරාගෙන අවුරුදු ගණන් සතිය වඩන්න උත්සහ කරලා දානෙ බෙදන්න ආපු තරුණියකගෙ මැණික්කටුවෙන් පහල අත්ල කොටස දැකලා සිහියට පයින් ගහලා ගිහිකමට යන පුද්ගලයින් අධ්‍යනය කරලා (විවිධ අය සිහිය තේරුම් ගන්නෙ කොහොමද, සිහිය වඩන්නෙ සහ වැඩෙන්නෙ කොහොමද යනාදී දෑ ගැන ප්‍රායෝගික අවබෝධයක් සහිතව) තමා මේ ස්වාමීන්වහන්සේලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරවන්නෙ.

    සිහිය කියන එකට තම තමන්ට කැමති පරිදි එන්ගේජ් වෙන්න පුලුවන්. කඩුවෙල තියන ස්ථානයේ දරුවන්ට අවශ්‍ය පරිදි නිදහසේ සෙල්ලම් කරන්න දීලා තියෙන තැනක්. සෙල්ලමකින් පටන් අරගෙන ඇවිදිනකොට, වාඩිවෙනකොට, කනකොට නිදියනකොට සහ කය පට්ටල් කරගෙන පර්යංකගතතවත් කරන්න පුලුවන් බව දරුවාට, දරුවා තුලින්ම ඒත්තු ගැන්වීමයි වැඩසටහනේ අරමුණ.
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    සිවුරු දරාගෙන අවුරුදු ගණන් සතිය වඩන්න උත්සහ කරලා දානෙ බෙදන්න ආපු තරුණියකගෙ මැණික්කටුවෙන් පහල අත්ල කොටස දැකලා සිහියට පයින් ගහලා ගිහිකමට යන පුද්ගලයින් අධ්‍යනය කරලා තමා මේ ස්වාමීන්වහන්සේලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරවන්නෙ.
    ඔය කියන්නේ සිහියක් නෙවෙයි නේ. සිහිය කියන්නේ ගිහි ද පැවිදි ද කියන දෙයක් නෙවෙයි සිහියට පයින් ගහල ගිහි වෙන්න..
    ඔය කියන්නේ බලෙන් ආරෝපණය කරගන්න ගිය බ්‍රහ්මචාරී කම අත් හැරලා කියලා.
    සමහර විට තරුණියකගේ අතක් දැක්කම හරි සිහියට ඇවිත් මෙහෙම ආරෝපණය කරගත්ත ජීවිතයක ඉන්නේ නැතුව සාමන්‍ය විදියට ජිවත් වෙන්න ඕන කියලා හිතල එහෙම කරා වෙන්න පුලුවන්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය කියන්නේ සිහියක් නෙවෙයි නේ. සිහිය කියන්නේ ගිහි ද පැවිදි ද කියන දෙයක් නෙවෙයි සිහියට පයින් ගහල ගිහි වෙන්න..
    ඔය කියන්නේ බලෙන් ආරෝපණය කරගන්න ගිය බ්‍රහ්මචාරී කම අත් හැරලා කියලා.
    සමහර විට තරුණියකගේ අතක් දැක්කම හරි සිහියට ඇවිත් මෙහෙම ආරෝපණය කරගත්ත ජීවිතයක ඉන්නේ නැතුව සාමන්‍ය විදියට ජිවත් වෙන්න ඕන කියලා හිතල එහෙම කරා වෙන්න පුලුවන්.

    නැහැ, මෙතනදි දෙකක්. එකක් සති මාත්‍රය, අනෙක සම්මා සතිය.

    කරන වැඩය නිවැරදිව ඒ තුල ඇති දැනගැනීම් මත සිටිමින් කිරීම සති මාත්‍රය. ඒක තුල මූලික බෞද්ධ අරමුණු බොහෝදුරට (හැකිතරම්) ඉවත් කරලා තියෙන්නෙ. ඒක තමා සිහිය කියලා සතිපාසල වැඩසටහනින් හඳුන්වලා දෙන්නෙ.

    උදාහරණය තුල අරගෙන තියෙන්නෙ ධර්මය තුල තියන සම්මා සතිය. සම්මා සතිය තුල හැසිරීමේ අපහසුව මැනවින් දන්නා අය තමා සති මාත්‍රය කියන සෙකියුලර් අදහස් ගොඩනගන්න උත්සහ කරන්නෙ කියන එක තමා ඒ රිප්ලයි එකෙන් කියන්නෙ. ඒ කියන්නෙ ඒ අය සති මාත්‍රය තුලත් හැසිරීමේ අපහසුතාවයන් සහ ඒවා මගහරවන්නෙ කොහොමද කියන එකත් පිලිබඳව අවධානයෙන් තමා පසුවෙන්නෙ. ඔයා මුලින් කියපු

    මම කිව්වේ ලොකු උන්ට ඕන ඉරියව් වල බලෙන් ඉන්දල සිහිය ගන්න පුලුවන් වගේ හිතන් ඉන්නවනම් නිකන් ළමයිනේ කාලේ කන එක කියලා.

    මෙන්න මේ කාරණා පිළිබඳ අවබෝධයක් තියෙන නිසාම තමා සම්මා සතිය වෙනුවට සති මාත්‍රයත්, සක්මන හෝ පර්යංකය වෙනුවට "සති ක්‍රීඩාත්" හඳුන්වලා දීලා තියෙන්නෙ. මුලදිම ඔයා මේක පිලිබඳව නිසි අවබෝධයක් නැතිව පිටින් බලල ක්‍රිටිසයිස් කලාට, සති ක්‍රීඩා වැනි ළමා මනස ඇඳබැඳ තබාගන්නා ක්‍රියාකරකම් වලින්ම තමා ළමයින්ට සතිය පුරුදු පුහුණු කරවන්නෙ.

    Edited - typo
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕක ප්‍රමෝට් කරන ප්‍රොෆෙක් මම දන්නවා. ඒත් උගන්වන් වෙලේට සතියෙන් නෙමෙයි ඉන්නෙ. ලෙක්චර් එකේ මුල එක දෙයක් කිව්වොත් ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් මැදක් යනකොට ඉවර වෙද්දි තවත් එකක්. කවුරුහරි ප්‍රශ්න කළොත් එක්කො ඌට බනිනවා නැත්නම් වෙන මොකක් හරි කියලා මඟ අරිනවා.

    අසයින්මන්ට් එකක් බලන්න ගියොත් එකෙකුට හොඳයි කියන දේටම තව එකෙකුට බනිනවා. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය හාමුදුරුවො මේ වෙනකොට AI Human brain research කීපයකටත් සම්බන්ද වෙලා ඉන්නව.

    මම ඒක ගැන දැනුවත් නැහැ. මේ සම්බන්ධව කියවන්න හෝ බලන්න ලින්ක් තියද?

    ඕක ප්‍රමෝට් කරන ප්‍රොෆෙක් මම දන්නවා. ඒත් උගන්වන් වෙලේට සතියෙන් නෙමෙයි ඉන්නෙ. ලෙක්චර් එකේ මුල එක දෙයක් කිව්වොත් ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් මැදක් යනකොට ඉවර වෙද්දි තවත් එකක්. කවුරුහරි ප්‍රශ්න කළොත් එක්කො ඌට බනිනවා නැත්නම් වෙන මොකක් හරි කියලා මඟ අරිනවා.

    මේකෙන් ගන්න දේවල් දෙකක් තියනවා.පලවෙනි එක තමා, සතිය මාස්ටර් කරන එක ලෙහෙසි නැහැ. කොයිතරම් ජගතෙක් උනත් සිහිය කියන දෙය නිතර නිතර ප්‍රගුණ කරන්න ඕනෙ. මොකද ඕක මේ තියනවා මේ නෑ.

    දෙවනි එක තමා ඉහත කියපු "මේ තියනවා මේ නෑ" කියන එකට සාදර-ගෞරව දැක්වීම.තවත් විදිහකට කිවහොත් තමාට (සතියට) වෛර නොකිරීම. එහෙමත් නැතිනම් උපේක්ෂා සහගත වීම. ආන්න එතකොට සතිය ඇති බවත් දැනගන්නවා සතිය නැති බවත් දැනගන්නවා. ඒ දැනගැනීමම සතිය පෝෂණය කරනවා (තමන් තමන්ට වෛර නොකර ඉන්න පුරුද්දක් ගොඩනැගෙනවා). සරලවම කිව්වොත් සතිය නැති බව දැනගැනීමම සතිය බවට හැරවෙනවා. මෙහෙම වෙනකොට කෙමෙන් කෙමෙන් සතියේ උපේක්ෂා සහගත කොටසට තල්ලුවෙනවා. ආන්න එතකොට පිහිටන සතිය බංකරයක් වගේ.
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    https://scholar.google.com/citations?hl=en&user=InC7bJMAAAAJ&view_op=list_works&sortby=pubdate

    me sir eka thama kare. publish karada nada nan dan ne research eka karagena giya meditaion karadi brain eke pulse ehema record karala

    "බ්‍රේන් එකේ පල්ස් එහෙම රෙකෝඩ් කරන" එකක් ගැන දේශනාවක සඳහන් කරනවා මතකයක් "තියනවා නෑ" වගේ මට. මතක විදිහට හාමුදුරුවො ඔය ගැන දැක්වූයෙ නම් උදාසීන මතවාදයක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    "බ්‍රේන් එකේ පල්ස් එහෙම රෙකෝඩ් කරන" එකක් ගැන දේශනාවක සඳහන් කරනවා මතකයක් "තියනවා නෑ" වගේ මට. මතක විදිහට හාමුදුරුවො ඔය ගැන දැක්වූයෙ නම් උදාසීන මතවාදයක්.
    Mekai case eka eka hena amaru wedak apita thiyena resources ekka. Sahena reading tikak ganna wenawa mokak Hari adahasak ganath. Tikak kal yai oken monawa Hari deyak Hoya ganath.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Mekai case eka eka hena amaru wedak apita thiyena resources ekka. Sahena reading tikak ganna wenawa mokak Hari adahasak ganath. Tikak kal yai oken monawa Hari deyak Hoya ganath.

    ඔව්, එහෙමත් කරන්න පුලුවන් වෙයි සමහරවිට. මගෙ නම් ඒතරම් විශ්වාසයක් දැනට නැහැ.

    පුලුවන් නම් ධම්මජීව හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා අහන්න වෙලාවක් ලැබෙන හැටියට. ඉදිරියට පටන් ගන්න තියනවා කටුකුරුන්දේ ස්වාමීන්වහන්සේගෙ "මනසේ මායාව" (කාලකාරාම සූත්‍රයට විවරණයක්) කියන පොතේ ඩිස්කශන් එක. ඒවයෙදි හාමුදුරුවො ඔය විවිධ අය ඇවිත් කරන පර්යේෂණ ගැන, වෙන රටවල එහෙම සිදු කරපු පර්යේෂණ ගැන සඳහන් කරනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඔව්, එහෙමත් කරන්න පුලුවන් වෙයි සමහරවිට. මගෙ නම් ඒතරම් විශ්වාසයක් දැනට නැහැ.

    පුලුවන් නම් ධම්මජීව හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා අහන්න වෙලාවක් ලැබෙන හැටියට. ඉදිරියට පටන් ගන්න තියනවා කටුකුරුන්දේ ස්වාමීන්වහන්සේගෙ "මනසේ මායාව" (කාලකාරාම සූත්‍රයට විවරණයක්) කියන පොතේ ඩිස්කශන් එක. ඒවයෙදි හාමුදුරුවො ඔය විවිධ අය ඇවිත් කරන පර්යේෂණ ගැන, වෙන රටවල එහෙම සිදු කරපු පර්යේෂණ ගැන සඳහන් කරනවා.
    අපිට ගැටලුවක් තියෙනව AI වල කොහොමද මිනිස්සු වගේ හිතන්න පුලුවන් General Intelligence එකක් හදන්නෙ කියන එකට. ඒකට එක එක විදි වල පරීක්ෂණ මිනිස්සු කරනව. එතන ගොඩක් අය මනස ගැන දීර්ග කාලයක් පරීක්ශණ කරපු පෙරදිග දැනුම ඇතුලෙත් දේවල් හොයනව.