සතුටින් ඉන්නේ කොහොමද ?

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    තමන්ට ඉටු කර ගන්න පුළුවන් ඉලක්කයක් හදා ගන්න . ඒ ඉලක්කයට යන්න වැඩ කරන්න .ඉලක්කය ඉටු උනාම තමන්ට ලැබෙන දෙවල්දකින්න .එකෙන් හිතට ලොකු සතුටක් එනවා මේකට සල්ලි ඕනි නැහැ . තමන්ට ප්‍රශ්න එනවා .ඒවත් එක්ක ගමන යනකොට තමයි අන්තිම ජයග්‍රහනයේදී සතුටු වෙන්න පුළුවන් .දැනට තියන ආර්ථික ප්‍රශ්න මේ වෙලාවේ පුළුවන් හැටියට අඩු මට්ටමින් විසදගන්න . ගමනක් යන්න බස් එකේ දැන් . දිනපු දවසට තමන්ගේම වාහනේක යන්න පුළුවන් .
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කිරියට නෑවිත් ඉදපන්. වැටුනොත් වැටෙන්නේ depression නුලක් තමයි.
    සදා සහ හවුල් අනාත එකම බෝට්ටුවේ.
    මෙවුවා බලලා නෑනේ
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,203
    2,402
    113
    Srilanka
    අපි නම් vaccine 3 ම ගැහුව්වා, Moderna 2, Pfizer 1, එහෙම අව්ලක් නැ, කිසි ලෙඩකුත් නැ, සතුටේ අඩුවකුත් නැ.
    1. No kids
    2. අතහැරීම පුරුදු කරලා ඉන්නේ, ඒ නිසා අනවශ්‍ය දේවල්, මිනිස්සු පස්සේ පස්සේ පන්නන්නේ නැ, අතහැරලා දානවා
    3. අතීතයේ ඉන්නේ නැ
    4. අනාගතයේ ඕනෑවට වඩා ඉන්නේ නැ, හැම වෙලාවේම වර්තමානයේ ඉන්නේ. එතකොට ගොඩක් සතුටෙන් ඉන්න පුළුවන්
    5. පුළුවන් වෙලාවට, අවශ්‍යතාව තියෙන කෙනෙක්ට පුළුවන් තරමින් දෙයක් දෙන්න බලන්න, මේකෙන් අතහැරීම පුරුදු කරන්න පුළුවන්, එතකොට සතුටක් ලැබෙනවා
    6. කරන වැඩේ (job, business) වංචාවක් නැතිව හරියට කරනවා

    2,3,4,5 තමා මගෙත් formula එක. දැනට නම් ආතල් එකේ ඉන්නව.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හෙට හොද වෙයි කියලා හිතපන්.
    අමාරුවෙන් හරි ආර්ථිකය ගොඩ දාගන්න සයිඩ් බිස්නස් ටීකක් කරපන්. නෑදෑයෙක්ට උනත් උබේ දැනුමෙන් කිසි දෙයක් නොමිලේ කරන්න එපා. එහෙම කරනවා නම් අද ඉදන් ඒක නවත්තපන්.ඒවගේම පුළුවන් තරම් ඉතිරි කරපන්. දවසට රු 100 ගානේ ඉතුරු කරත් මාසෙට 3000යි. අවුරුද්දට 36000යි. සල්ලි නැත්නම් ලංකාව වගේ රටක සතුට කියනේ හීනයක් මචන්. පුළුවන් තරම් සල්ලි පස්සෙ පලයන්.
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Compare කරන එක නවත්තන්න ඕනේ...fb ගියාම යාලුවෝ බදින ඒවයි උගේ achiement දැක්කම depress වෙනවා...

    හෙට හොද වෙයි කියලා හිතපන්.
    අමාරුවෙන් හරි ආර්ථිකය ගොඩ දාගන්න සයිඩ් බිස්නස් ටීකක් කරපන්. නෑදෑයෙක්ට උනත් උබේ දැනුමෙන් කිසි දෙයක් නොමිලේ කරන්න එපා. එහෙම කරනවා නම් අද ඉදන් ඒක නවත්තපන්.ඒවගේම පුළුවන් තරම් ඉතිරි කරපන්. දවසට රු 100 ගානේ ඉතුරු කරත් මාසෙට 3000යි. අවුරුද්දට 36000යි. සල්ලි නැත්නම් ලංකාව වගේ රටක සතුට කියනේ හීනයක් මචන්. පුළුවන් තරම් සල්ලි පස්සෙ පලයන්.
    විහිලුවට නොගෙන පොඩි ටයිම් එකක් අරන් හරි කමෙන්ට් එකක් ටයිප් කරන එකට බොහොම ඉස්තුති. සෑහෙන්න වැටිලා ඉන්න මිනිස්සු තමා දන්නේ පොඩි හරි කමෙන්ට් එකකින් එන අස්වැසිල්ලක අගය. මම මේ දැන් අද ඉදන් වෙනස් වෙනවා.මගේ ප්‍රෝගෙස් එක මම මාස කිහිපයකින් අප්ඩේට් කරන්නම්.උබලා හැමෝටම තියෙන කරදර බාධක නැතිවෙලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    • Love
    Reactions: helayalk and nooby

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    344798094_765659018259318_2089563751034372687_n.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන්ලා උබලා සතුටින් ඉන්නේ කොහොමද?
    මට නම් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සතුට කියන එකක් දැනෙන්නේම නෑ.කොහොමද සතුටින් ඉන්නේ?
    මයින්ඩ් එක හදා ගන්න විදිහක් කියන්න පුලුවන්ද ??
    මට නම් තේරිලා තියෙන හැටියට උඹට ආදරේ කරන මිනිස්සු එක්ක ඉන්න එක තමා.
     
    • Love
    Reactions: BornLord

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් සරලයි මචන්!

    මැරිච්ච අතීතය ගැනවත්, අවිනිශ්තිත අනාගතය ගැනවත් නොහිතා මේ මොහොතෙ පුලුවන් තරම් සතුටින් ඉන්න එක.

    එහෙමත් සතුටින් ඉන්න බැරි වෙලාවල්වල මම ගොඩක් ආසම දෙයක් කරලා අලුතෙන් ගැම්මක් ගන්න එක.

    ජීවිතය ගැන සහ සල්ලි ගැන පුලුවන් තරම් සරල විදිහට හිතන එක.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සතුටින් ඉන්න නම් මේ concept ටික පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගනිම්

    Minimalism
    Stoicism
    Gratitude
    Mindfulness
    Acceptance
    Kindness
    Self-compassion
    Authenticity
    Purpose
    Generosity
    Simplicity
    Resilience
    Connection
    Growth mindset
    Living in the present moment
    Finding meaning
    Forgiveness
    Balance life
    Optimism
    Self-care