සතුටින් ඉන්න පින් කරන්න.

hpalpola

Well-known member
  • මිනිස්සුන්ට විවිධ ආශාවල්, බලාපොරොත්තු, අරමුණු තියෙනවා. සමහර හිතනවා සල්ලි තියෙනවා නම් හැමදේම හරි. තව අය හිතනවා ලස්සන තියෙනවා හරි. තව අය හිතනවා නිරෝගීකම තිබ්බනම් හරි. තව අය හිතනවා වයසට නොයනවානම් හරි. සමහරුන්ට ආශයි එක්තරා වාහනයක් ගන්න. නැත්නම් එක්තරා ආකාරයක ගෙයක් හදා ගන්න. ඒ විතරක් ද තව කෙනෙක් බලාපොරොත්තු වෙනවා තමුන් ආශ ගැහැණු කෙනෙක්ට නැත්නම් පිරිමියෙක්ට. එයා හිතනවා ඒ කෙනා ලැබුනා නම් සේරම හරි කියලා. තව වෙලාවකට හිතෙනවා වෙච්චි දේවල් නොවුනා නම් හරි නේද කියලා. මේ වගේ විවිධ ආශාවන්, බලාපොරොත්තු, අරමුණු, හීන මිනිස්සුන්ට තියෙනවා. හැබැයි මෙි දේවල් ඒ විදියට වෙන්නෙ නැතිවුනාම මිනිස් හිතට දැනෙන්නෙ දුකක්, වේදනාවක්, පසුතැවීමක්. ඉතින් මේ තත්ත්වයෙන් මිදෙන්න විවිධ දේවල් මිනිස්සු කරනවා. සමහරු මත්වෙන්නෙත් ඒකයි.

    බුදු දහමට අනුව ගත්තම මිනිස්සුන්ට මේ වගේ බලාපොරොත්තු වෙන දේවල් නැත්නම් තමුන් කැමැති විදියට ජීවත් වෙන්න ඉඩ නොලැබෙන්න ප්‍රධානම හේතුව තමයි පින් නැතිකම. මහා මංගල සූත්‍රයෙ මේ නිසා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා පෙරපින් ඇති බව මංගල කරුණක් කියලා. මංගල කරුණු කියන්නෙ සතුටින් ජීවත් වෙන්න ඉඩ සලස්වන කාරණා ටිකක්නෙ. මේ නිසාම කතාවටත් කියනවා 'පූරුවෙ කල පින් අපට කොයින්දා' කියලා.

    නිධිකණ්ඩ සූත්‍රයෙ දි බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා “මේ පින් දෙවිමිනිසුනට සියලු කැමති දේ දෙන නිධානයයි. යමක් ඔහු පතත්ද ඒ සියල්ල මේ පුණ්‍ය නිධාන හේතුවෙන් ලැබේ." කියලා.

    ඇස් අරලා වටපිට බලද්දි පේනවා සමහරු සැප විඳිනවා, සමහරු සැප විඳිනවා. සැප විඳින කෙනා දිහා බලන් දුක් විඳින කෙනා හූල්ලනවා, ශාප කරනවා. හැබැයි සැප විඳින කෙනා සැප විඳින හේතුව ගැන හිතන්නෙ නැහැ. පින කියන්නෙම සතුට. යම් ක්‍රියාවක් නිසා හිත සතුටු වෙනවා නම් ඒක පින. එහෙම කිව්වම කෙනෙක්ට ගහලත් කෙනෙක් සතුටු වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මේ. තමුන් කරන ක්‍රියාවක් හෝ නොකර හැරීමක් නිසා අනුන්ටත් හානියක් නොවී තමුන්ටත් හානියක් නොවී දැනෙන පිනවීමයි මේ.

    මේ භවයෙදි දුකෙන් නම් ඔයාට ඉන්න වෙලා තියෙන්නෙ බුදු දහම අනුව ඒකට ප්‍රධානම හේතුව තමයි පෙර පින් නැති බව. ඒ නිසා දුකෙන් පෙලෙන කෙනෙක් කරන්න ඕනා ප්‍රධානම දේ තමයි පින් රැස් කරගන්න එක. පින් කරන්න කරන්න හිතට සතුට ලැබෙනවා. පින් කරන අයට මේක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ අය දන්නවා මේ කියන දේ. හඳහන් බලන අයත් කරදරයක් වුනාම ඒකෙන් ගැලවෙන්න කරන්න කියන්නෙ පින්කම්නෙ. බෝධිපූජා, අභය දාන දෙන එක වගේ. හැබැයි ඒ පින්කම්වලට වඩා අරුත්බර පින්කම් බුදු දහම තුළ තියෙනවා. නිකමට හිතන්න. පන්සලකට නිකන් ගියත් සතුටක් සැනසීමක් දැනෙන්නෙ නැද්ද.

    මෙනිසා මොනවහරි හේතුවක් නිසා ඔබ ඉන්නෙ දුකෙන් නම් කල් අරින්නෙ නැතුව පින්කම් කරන්න. අනිවාර්යයෙන් ඔබට සැනසීමක් දැනෙයි. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙන දේවල් ගැනත් වෙනසක් දැනෙයි.

    pexels-sansaranna-1020411.jpg
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මෙනිසා මොනවහරි හේතුවක් නිසා ඔබ ඉන්නෙ දුකෙන් නම් කල් අරින්නෙ නැතුව පින්කම් කරන්න. අනිවාර්යයෙන් ඔබට සැනසීමක් දැනෙයි. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙන දේවල් ගැනත් වෙනසක් දැනෙයි.

    etawadiya hoda nadd duka hata ganna hethuwa mokakd kiyala balala e hethuwa nathi karana eka