මිනිස්සුන්ට තියෙනවා තමුන් ගැන මමත්වය. සමහරුන්ට හීනමානය . සමහරුන්ට අභිමානය. මේ කොයි ආකාරයෙ මිනිහෙකුට වුනත් දුක, වේදනාව දැනෙනවා. විවිධ අවස්ථාවල විවිධ විදියට දුක දැනෙනවා. සමහරු දුකෙන්ම තමයි ජීවිතේ වැඩිහරියක් කල් ගෙවන්නෙ. ඇත්තටම දුක ඇති වෙන්න තියෙන හේතු සංකීර්ණයි. තමන් විසින් ම තමුන් ගැන හිතනකොට මේ කතාව තේරෙයි. සමහරු හිනා වෙන්න බලා ඉන්නෙ සේරම දුක ඉවර වුනාම. ඒත් දුක විඳලා ඉවර වෙන්න කලින් මනුස්සයා දුකෙන්ම මැරිලා. එහෙම වෙන්න එපා. ඒ කියන්නෙ, සතුටු වෙන්න දුක ඉවර වෙනකම් කියලා බලාගෙන ඉන්න එපා. දුක කොච්චර දරුණු වුනත්, ගැඹුරු වුනත්, සංකීර්ණ වුනත් සතුටු වෙන්නත් වෙලාවක් හොයා ගන්න. නැත්නම් ජීවිතේ අපරාදේ.