සතුන්ටද ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය
මිනිසුන්ට මෙන්ම සතුන්ටද
ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය
සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට සූදානම් වන පරිසරයක් තුළ අහිංසක සතුන් නොරුස්‌නා මනුෂ්‍ය කොට්‌ඨාසයක් විසින් තමන්ගේ සන්තානගත නොමිනිස් කුරිරුකම් විදහාපෑමට මේ දිනවල ප්‍රයත්න දැරීම සංවේගයට කරුණකි. මේ පීඩාකාරී ක්‍රියාකාරකම් තුළින් චිත්ත සන්තානයේ ඇති කෲර ස්‌වභාවය එළිදැක්‌වෙන වග අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ. බොහෝ මිනිසුන්ගේ සිත් තුළ මෙන්ම ජීවන රටාව තුළට කි¹ බැස ඇති විකෘති වූ මනෝභාවයන් සත්ත්ව හිංසනයට පාදක වේ. "දහම් දිවයින යෑයි විරුදාවලිය ලද අපගේ මවුබිම තුළ සතුන්ට හිංසා පීඩා ගෙන දීම සිදුකරනු ලැබුවද, විදෙස් රටවල ජීවත්වන අන්‍යාගමික පිරිස් තුළ අහිංසක සතුන් පිළිබඳව ඇත්තේ කරුණාව හා සතුන්ගේ සුබසාධනය සැලැසීම සම්බන්ධයෙන් වන ධනාත්මක ක්‍රියාකාරකම්ය. තායිලන්තය බෞද්ධ රටකි. එහි රජතුමා විශේෂයෙන්ම සුනඛයන් පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමුකර කටයුතු කරයි. එමගින්, රටවැසියන් තුළ යහපත් වූ ආකල්පයන් වර්ධනය කරගැන්මට ආදර්ශ සම්පන්නව ක්‍රියා කිරීමක් දැකිය හැක. රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වාගෙන යනු ලබන සුනඛයන් සංවර්ධනය කිරීමේ මධ්‍යස්‌ථානයන් ඇති අතර පන්සල් ආශ්‍රිතව සත්ත්වයන් සුරැකීමේ මධ්‍යස්‌ථාන ස්‌ථාපිත කිරීමට පූජ්‍ය පක්‍ෂය උනන්දු කර ඇති වගද වාර්තා වේ. එමෙන්ම, විශ්වවිද්‍යාලයන්හි සත්ව රෝහල් ස්‌ථාපනය කොට අධ්‍යාපනය ලබන සිසු පරපුර තුළ පරිසරය හා සතුන් පිළිබඳව කරුණාව හා අහිංසාව පෙරදැරිව සතුන්ගේ පෝෂණයත් රැකවරණයත් සඳහා උනන්දුව ඇති කිරීමට ප්‍රයත්න දරා ඇති ආකාරය ගැන දැන ගැනීමට ඇත. එහෙත් ශ්‍රී ලංකාව තුළ විද්‍යමාන වන්නේ ඊට හාත්පසින් වෙනස් වූ අකාරුණික කෲර ක්‍රියාකාරකම් වග, සඳහන් කරනුයේ සංවේගය මුසු හදවතිනි.