අවිද්‍යාව යනු චතුරාර්‍ය්‍ය සත්‍ය නො දැනීමය. විස්තර වශයෙන් කියතහොත් දුකය, දුක් ඇතිවීමේ සැබෑ හේතුවය, සැබෑ සැපය, සැබෑ සැපය ලැබීමේ සැබෑ හේතුවය යන කරුණු සතර පිළිබඳ නො දැනීම අවිද්‍යාවය
අවිද්‍යාව නිසා පඤ්චස්කන්ධය සුවයක් වශයෙන් දක්නා තැනැත්තා හට එය ගැන බලවත් කැමැත්තක් පහළ වේ. එය නැසෙන්නට නොදී පවත්වා ගැනීමට බලවත් ඕනෑ කමක් ඇති වේ. එයට තෘෂ්ණාව යයි කියනු ලැබේ
https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/9-3.html
භාවිත වූ බහුලීකෘත වූ අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවයි. සියලු රූපරාගය ගෙවයි. සියලු භවරාගය ගෙවයි. සියලු අවිද්‍යාව ගෙවයි. සියලු අස්මිමානය ගෙවයි, නසයි.
https://tipitaka.lk/sn-3-1-2-5-10/sinh
සුසුඛං වත ජීවාම, වෙරිනෙසු අවෙරිනො
වෙරිනෙසු මනුස්‌සෙසු, විහරාම අවෙරිනො.
(ප්‍රාණවධාදි පංචවිධ වෛරයෙන්) වෛරි වූ මනුෂ්‍යයන් අතුරෙහි (දුශ්චරිතවෛර නැතියෙන්) අවෛරි වූ අපි, මනුෂ්‍යයන් දුශ්චරිත වෛරයෙන් වෛරි වැ පවත්නා කල්හි අවෛරි ව වසමෝ ද, එසේ වූ අපි එකාන්තයෙන් ඉතා සුව සේ ජීවත් වමු.
සුසුඛං වත ජීවාම, ආතුරෙසු අනාතුරා
ආතුරෙසු මනුස්‌සෙසු, විහරාම අනාතුරා.
ආශ්චර්යයෙකි! අපි ක්ලෙශාතුරයන් අතුරෙහි අනාතුර වන්නමෝ ඉතා සුවසේ ජීවත් වමු . (මෙසේ) මිනිසුන් ක්ලෙශාතුර වන කල්හි අපි එයින් ආතුර නොවී වසමු.
More,
https://www.thripitakaya.org/sutta/index/21214