සදාචාරය_වෑහෙන_දිවයිනේ_ඒ_පාර_ජෝඩු_භීතිකාව&#3482

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සදාචාරය_වෑහෙන_දිවයිනේ_ඒ_පාර_ජෝඩු_භීතිකාව&#3482

    40896_1663686394941_1320679829_31783342_542545_n.jpg


    උපුටාගැනීම facebook එකෙනි.

    අද[14] උදේ ලංකාදීප පත්තරේ දිග ඇරියාම ඔන්න තවත් ජෝඩු ප්‍රශ්නයක් ගැන ප්‍රධාන සිරස්තලයක්. ‛‛තහනම නොතකා ගාලු කොටුවේ රැඳුණු ජෝඩු 400 ක් අල්ලති’’ . ඒ ප්‍රවෘත්තියට අනුව, පොලිසිය, යුද හමුදාව, ගාල්ල මහ නගර සභාව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ ගාලු උරුමය පදනම එක්ව, ගාලු කොටුවේ සිදුවන අපචාර මැඩලීිමට දැවැන්ත වැඩසටහනක් දියත් කර ඇත. ඒ වැඩසටහන යටතේ විසිපස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ගාලු කොටුවේ තැන තැන වාඩි වී සිටින පෙම්වතුන් වෙත ගොස්, අසැබි ලෙස හැසිරීමේ ආදීනව කියා දී, ඔවුන්ට දැඩි ලෙස අවවාද කොට, අධිකරණයට ඉදිරිපත් කරන බවට තර්ජනය කොට, ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ඇති ඓතිහාසික හා පුරා විද්‍යා වටිනාකම ගැන ඔවුන් දැනුවත් කරන බව දැක්වේ. මීට දින දින කිහිපයකට පෙරත් (ඔක්තෝබර් 05 වැනිදා) ලංකාදීප පත්තරේ තුන්වැනි පිටුවේ ලොකු අකුරුවලින් තිබූ සිරස්තලයක් වූයේ ‛‛කුරුණෑගල හෝටලයකින් ජෝඩු 48 ක් අත්අඩංගුවට’’ යන්නයි. ඒ ප්‍රවෘත්තියෙන් කියවුණේ කුරුණෑගල නගරයේ කුඩා හෝටලයක් වැටලූ පොලීසිය එහි කාමර වල සිටි ජෝඩු 48ක් අල්ලා ගත් බවයි. පොලිස් නිලධාරීන් ඔවුන් ට දැඩි අවවාද කොට පිටත් කර හැරිය බවත් එහි කියවී තිබුණා. පොලීසියේ ‛‛දැඩි අවවාද කිරීම’’ කෙසේ වෙන්නට ඇතිදැයි අපිට සිතාගත හැකියි. මේ ප්‍රවෘත්ති දෙකෙන් එකකින් කියවෙන්නේ, ප්‍රසිද්ධ ස්ථානයක සිටි පෙම්වතුන් වෙත පොලීසිය, හමුදාව සහ තවත් උරුම පදනම්වල අයියලා කඩා පැනීමක් ගැනයි. දෙවැනි පුවතින් කියවෙන්නේ, කාමර ඇතුළට වී සිටි පෙම්වතුන් (පෙම්වතුන් යන්නට ඉරි ගසා වෙන් කළ නිශ්චිත නිර්වචනයක් නැති නිසා, එකට ගත කරන්නට කැමති, එකට තනිව ඉන්නට ආසා කරන, ලිංගිකව හැසිරෙන…….ආදී කොයි කවුරුත් ‛‛ජෝඩු’’ ගැන කතා කරන්නට මේ වචනය යොදා ගත්තාට කමක් නැතැයි සිතමි) වෙත පොලීසිය කඩා වැදීමයි. ඉතිං අපේ රටේ, ප්‍රසිද්ධියේ සිටියත්, කාමර අස්සේ සිටියත්, ජෝඩු වලට බේරිල්ලක් නැත. චිත්‍රපටි ශාලාවලට රිංගන පොලිස් නිළධාරීන් ඒවායේ සිටින ජෝඩු අල්ලාගන්නා ප්‍රවෘත්ති ගණනාවක්ම පසුගිය කාලයේ තව තව එක එක පත්තරවල පළ විය. විශ්ව විද්‍යාලයක පෙම්වතුන් සමග සිටි ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමට ඉස්පිරිතාලෙට ඇරිය උප කුලපති තුමෙක් ගැනත් මෑතකදී ආන්දෝලනයක් තිබුණි. මේ ප්‍රවෘත්තිවල නිතරම යෙදෙන වචනයක් වන්නේ ‛‛අසැබි ලෙස හැසිරුණු’’ යන්නයි. මේ ‛‛අසැබි’’ කම ප්‍රශ්නාර්ථයකි. ‛‛අසැබිකමේ’’ දිග පළල ඒ ඒ වේලාවට පනින අයට ඕනෑ විදියට අර්ථ දක්වා ගත හැක්කකි. අත අල්ලාගෙන සිටීම, ඇඟේ ගෑවෙන තරමට ලංවී සිටීම, මහුණ අතගෑම, මුහුණ ඉඹීම, කුඩයක් ඉහලාගෙන මුවා වී සිටීම, මුහුණට එබී ඉඹින්නට හැදීම, ආදී ක්‍රියාවන්ගේ සිට, නිදි යහනේ නිරුවතින් ඉඳීම දක්වා වන පරාසයක මේ ‛‛අසැබි’’ කම අර්ථ දක්වන්නට ‛‛අසැබි හැසිරීම්’’ වෙත කඩා පනින්නට පත් කළ බලධාරීන්ට අවසර ඇත. කඩා පනින පොලීස් නිලධාරීන්ගේ සහ අනෙක් උරුම කරුවන්ගේ ලිංගික අසහනයේ ප්‍රමාණයට මේ නිර්වචනය කපා කොටා හදා ගත හැකිය. ‛‛අසැබිකම’’ යන්න නිශ්චිතව නිර්වචනය කොට එහි පිටපත් පොලීසිවලට සහ කඩා පනින අනෙකුත් උරුම කරුවන්ට ලබා දීමත්, ඒ නිර්වචනය ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමත් අත්‍යවශ්‍ය වන්නේ මේ නිසාය. මේ ප්‍රවෘත්ති කියවන විට මට මෑතකදී මා මුහුණ දුන් පෞද්ගලික අත්දැකීමක් මතකයට නැගේ. මමත් මගේ ස්වාමිපුරුෂයාත්, අපේ අවුරුදු හතරක් වයසැති පුතා සමඟ කොළඹ නිදහස් චතුරස්‍රයට ගියේ නිවාඩු දවසේ ගෙදරින් පිටට ගොස් පැයක් දෙකක් ගත කිරීමේ බලාපොරොත්තුවෙනි. දුව පැන අවිදින්නට හොඳට ඉඩ කඩ ඇති නිසා පොඩි පුතා නිදහස් චතුරස්‍රයට යන්නට කැමතිය. දරුවාට සෙල්ලම් කරන්නට හැර මාත් මගේ සැමියාත් ගල් කණුවකට හේත්තු වී කතා කරමින් සිටියෙමු. අපි ඒ වෙලාවේ සැහැල්ලුවෙන් සිටි නිසා ටිකක් උස් හඬින් සිනා සෙමින් කතා කර කර සිටියෙමු. එකවරටම අප වෙත පැමිණි සෙකියුරිටි ඇඳුම් ඇඳගත් වයසක පහේ මහත්මයෙක් බොහොම සැර මුහුණක් දමාගෙන, ‛‛ඕගොල්ලන්ට මෙතන ඔය විදියට හැසිරෙන්න බෑ. කරුණාකරලා යන්න’’ කියා කීවේය. අතිශයින් කෝපයට පත් වූ මම ‛‛ඇයි අපි මොකක්ද කරපු වරද අංකල්?’’ කියා ඇසුවෙමි. ඔය විදියට කපල්ස්වලට මෙතන ඉන්න තහනං’’ ‛‛අංකල් අපි කපල් එකක් තමයි. හැබැයි අපි දෙන්නා නෝනයි මහත්තයයි. අපි ආවේ අපේ පුතා එක්ක’’ වෙලාවේ හැටියට ‛‛කසාදේ’’ අධිකාරිය ඉස්සරහට දමා මම කිව්වෙමි. ‛‛ඕන එක්කෙනුට කියන්න පුළුවන්නෙ අපි බැඳලා කියලා. මොකද අපි කසාද සහතික පරීක්ෂා කර කර ඉන්නයැ. පොඩි ළමයෙක් හිටපු නිසා තමයි මම මෙච්චර වෙලාත් මොනවත් නොකිව්වෙ….කරුණා කරලා යන්න’’ එතනින් එහාට ඇති වූ බහින්බස් වීම ගැන දීර්ඝව ලියන්නට මම අදහස් නොකරමි. නමුත් මේ අපේ රටේ දිනෙන් දින උත්සන්න වන ‛‛ජෝඩු භීතිකාවේ’’ අසාධ්‍ය තත්ත්වයයි. ඒ අසරණ වසයක සිකුරිටි අංකල්ට උපදෙස් ලැබී ඇත්තේ, නගර සභාවෙන් හෝ පොලීසියෙන් විය යුතුයි. ඒ අංකලුත් රාජකාරි උණ, තමන්ගේ ජීවිතයේ පීඩනයෙන් සහ අසහනයෙන් තවත් වැඩි කරගෙන මිනිස්සුන්ට පාට් දමමින් කාලකණ්ණි සතුටක් ලබයි. කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සිටින සිකුරිටි අයියලා සහ අංකල්ලා පෙම්වතුන්ට තිත්ත කුණු හරුපයෙන් බැණ අඬගාමින්, විසිල් ගස ගසා එළවන අන්දම මම සියැසින් දැක ඇත්තෙමි. විහාර මහා දේවී උද්‍යානයට වරක් පිරිමි මිතුරෙකු සමග ඇතුල් වෙන්නට ගිය විට මගේත් ඔහුගේත් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්නට අපට සිදුවුණි. මේ සියල්ලේම පිළිබිඹුව වන්නේ අපේ සමාජයේ රෝගී භාවයයි. මිනිසුන්ට නිදහස් තැනක නිදහසේ කතා බහ කරමින් ඉන්නට තැනක් අපේ රටේ නැත. පෙම්වතුන්ට වාඩි වී සිටින්නට බංකුවක් නැත. ප්‍රේම කිරීම, ප්‍රේමය පළ කිරීම, ලිංගික සම්බන්ධතා පැවැත්වීම ලෝකයේ කොයි කවරදාවත් නතර කළ හැක්කක් නොවේ. ඒවාට කිසිදු ඉඩක් කඩක් නැති සමාජයක ගොජ ගැහෙන්නේ පීඩනයයි, වෛරයයි. අපව පීඩාවට පත් කරන දේ ඕනෑ තරම් අවට ඇත. තමන් කැමති කෙනෙක් සමඟ පෙම් කිරීම අපරාධයක් නම්, මේ රටේ මිනිසුස්න්ට ඉතුරු වන්නේ මොනවාද? ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක් වීම වැනි දරුණු සමාජ ගැටළු විසඳීමට හැක්කේ, පොලිසිවල හෝ ජාතික උරුමකරුවන්නේ කඩා පැනිලි වලින් ගෑණු පිරිමි අල්ලා ගැනීමෙන් නොවේ. ඒ අපරාධ වලට හේතු වන සමාජ සහ ආර්ථික ගැටළු මොනවාදැයි ගැඹුරින් සොයා බලා ඒවාට දීර්ඝ කාලීන පිළියම් සෙවීමෙනි. එසේ නැතුව, මිනිසුන්ගේ නිදහස, පෞද්ගලිකත්වය අමානුෂික ලෙස උල්ලංඝණය කරමින් කරන පහත් පෙළේ ‛‛මෙහෙයුම්’’ වලින් නොවේ.

    උපුටාගැනීම facebook එකෙනි.
     
    • Like
    Reactions: krizta
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    minissu kiyanne tirisannu nemei dakina dakina tena geniwa aran gihin hemotama penna or nopenenna sex karanna.tamnge geni innawanam room gane yanna one nene.minissu igena ganna one molayak tiyenawanam hariyata hesirenna.echchcaratama inna beri nam geniyek gattata weraddak ne.etakota gedara tiyagenama karaganna beriya ona 1k.
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මිනිස්සුගෙ නිදහස නැති කිරිමෙ පලමු පියවර තිබ්බා ... ඔය නිතිය දාපු එවුන් පෙම් කෙලින්නෙ තරු 7 හොටල් වලනෙ .. අහින්සක මිනිස්සුගෙ ජිවිතය ගැන එ කාලකන්නින්ට තෙරෙන්නෙ නැහැ ... :no:
     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මිනිස්සුගෙ නිදහස නැති කිරිමෙ පලමු පියවර තිබ්බා ... ඔය නිතිය දාපු එවුන් පෙම් කෙලින්නෙ තරු 7 හොටල් වලනෙ .. අහින්සක මිනිස්සුගෙ ජිවිතය ගැන එ කාලකන්නින්ට තෙරෙන්නෙ නැහැ ... :no:


    ඔයා හරි.....

    පිට රටවල වෙනම තැන් තියනවා කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි ඉන්න නිදහසේ කතා කරන්න කිස් එක්කක් හරි දෙන්න තැනක්.....

    කොහෙද එම තැන් අපෙ ලන්කාවේ නැහැ......

    විහාර මහා දෙවි පාක් එක්කට අරන් ගියොත් එතනටත් පොඩි එවුන් උස්සන් මිනිස්සු එනවා සෙල්ලම් කරන්න එතන වෙනම තැනක් හදලා තියනවා පොඩ් එවුන්ට සතුටු උයන කිලා එත් එන්නෙ කෙල්ලො කොල්ලො ඉන්න තැන් වලට

    තරුන වයසෙදි අදරෙ තියෙන්න ඔනා....

    ඔය ප්‍රශ්න නිසා තමා කෙල්ලො කොල්ලො රූම් ගානේ යන්නේ එතකොට වෙන්නෙ ඉටවඩා ලොකු දෙවල් ඉටපස්සේ අඩනවා......

    කෙල්ලන්ට කොල්ලන්ට වෙනම තැන් හැදුවනම් අදරේ කරන්න කිලා හරි....

    දැන් අපේ රට ඉස්සර වගේ නෙමෙ ගොඩක් වෙනස්......
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    mewa sima karana eka hodai
    ratak hadanna winaya aniwaryayen thiyenna ona

    මචන් උඹ කවදාහරි කොල්ලෙක් වෙලා ඉදලා තියෙනවද??:dull: විනය ඕනෙ රටක් හදන්න... ඒත් ඕනවට වඩා මිනිස්සු හිර කරාම වෙන්නෙ ආයිත් විනයක් නැති වෙන එක...:baffled:

    මේ වගේ දේවල් සීමා කලාම තමා අපචාර, දූශන වැඩිවෙන්නෙ.... කොල්ලො කාලෙ ආතල් එකක් ගන්න බැරිවෙච්ච නාකි පොරවල් තමා වයසට ගිහින් ඒවා කරන්න ට්‍රයි කරන්නෙ...

    ඔය ඔක්කොම නීති දාන එවුනුත් ඒ කාලෙ ඕවා කරල තියෙනවා... දැන් තමන්ට එහෙම කාලයක් තිබ්බේ නෑ වගෙ ගොන් පාට් දානවා...:rolleyes::dull::nerd:

    විනය හදන්නනන් අල්ලපන්කො Hilton,Taj,Galadari එකෙ ඉන්න බඩු,couples...:P
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    mewain wenne asahanaya wedi wena eka... mona magulakda kellek ekka park ekakata wela innawath berinam..ammage nidahasakne?%$!#@$!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහම වෙන එක වලක්වන්න බෑ. දැන් රටේ සදාචාරය ගැන ගොඩක් හිතන කාලයක්. සාමාන්ය සමාජ මතය අනුව අද ජෝඩුවක් අත් අල්ලාගෙන යාම පවා සමාජයේ ගැරහුමට ලක් වෙනවා. ඒකේ සාධාරනය අසාධාරනය එක එක පුද්ගලයන්ට අනුව වෙනස්වෙන්න පුලුවන්. පෙම් කරන අයට ඒගොල්ලන් ඉවත් කරන එක අසාධාරනයක් උනාට පෙම්වතුන්ගේ වැඩ බලන් ඉන්න අයත් අපහසුවට පත්වෙන බව මතක තබාගන්න ඕනේ. ගාල්ලේ ඉන්න අයගේ ඇත්තම තත්වය මම දැකලා තියෙනවා. ඒවගේ හැසිරීම් නිසා ගාලු කොටුව බලන්න එන අයට ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා. ජෝඩුවලට තමන් කැමති ආකාරය හැසිරෙන්න පිටරටවල පුලුවන් උනත් ඒවගේ හැසිරීමක් අපේ රටේ ප්‍රායෝගිකව සාධාරණීකරනය කරන්න බෑ. ඒක තරුණ තරුණියන් දැනගන්න ඕනේ. එහෙම නැතුව පොලීසියට බැනලා වැඩක් නෑ
     

    HaximShinoda

    Member
    Dec 24, 2009
    131
    11
    0
    mewa sima karana eka hodai
    ratak hadanna winaya aniwaryayen thiyenna ona


    Ekanam aththa thamai....umbe ammai thaththai winaya rakkanam,mey ELAKIRI.COM eke eka kunugodak nathiwenawa.....umba jeewitheta kellekge atha allagena paraka wath awidapu ekek nemeda???umba jeewath wenne monawage lokekada????
     
    • Like
    Reactions: krizta

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    mewa sima karana eka hodai
    ratak hadanna winaya aniwaryayen thiyenna ona

    ඊට කලින් නරකද ඔක්කොටම කලින් පාර්ලිමේන්තුවෙ ඉන්න නරින්ට විනය ගැන කියලා දුන්නොත්..??
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ""මිනිස්සුගෙ නිදහස නැති කිරිමෙ පලමු පියවර තිබ්බා ... ඔය නිතිය දාපු එවුන් පෙම් කෙලින්නෙ තරු 7 හොටල් වලනෙ .. අහින්සක මිනිස්සුගෙ ජිවිතය ගැන එ කාලකන්නින්ට තෙරෙන්නෙ නැහැ ...""

    ""ඔයා හරි.....

    පිට රටවල වෙනම තැන් තියනවා කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි ඉන්න නිදහසේ කතා කරන්න කිස් එක්කක් හරි දෙන්න තැනක්.....

    කොහෙද එම තැන් අපෙ ලන්කාවේ නැහැ......

    විහාර මහා දෙවි පාක් එක්කට අරන් ගියොත් එතනටත් පොඩි එවුන් උස්සන් මිනිස්සු එනවා සෙල්ලම් කරන්න එතන වෙනම තැනක් හදලා තියනවා පොඩ් එවුන්ට සතුටු උයන කිලා එත් එන්නෙ කෙල්ලො කොල්ලො ඉන්න තැන් වලට

    තරුන වයසෙදි අදරෙ තියෙන්න ඔනා....

    ඔය ප්‍රශ්න නිසා තමා කෙල්ලො කොල්ලො රූම් ගානේ යන්නේ එතකොට වෙන්නෙ ඉටවඩා ලොකු දෙවල් ඉටපස්සේ අඩනවා......

    කෙල්ලන්ට කොල්ලන්ට වෙනම තැන් හැදුවනම් අදරේ කරන්න කිලා හරි....

    දැන් අපේ රට ඉස්සර වගේ නෙමෙ ගොඩක් වෙනස්......"""


    AGREE WITH ALL OF YOU...
     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    මෙහම වෙන එක වලක්වන්න බෑ. දැන් රටේ සදාචාරය ගැන ගොඩක් හිතන කාලයක්. සාමාන්ය සමාජ මතය අනුව අද ජෝඩුවක් අත් අල්ලාගෙන යාම පවා සමාජයේ ගැරහුමට ලක් වෙනවා. ඒකේ සාධාරනය අසාධාරනය එක එක පුද්ගලයන්ට අනුව වෙනස්වෙන්න පුලුවන්. පෙම් කරන අයට ඒගොල්ලන් ඉවත් කරන එක අසාධාරනයක් උනාට පෙම්වතුන්ගේ වැඩ බලන් ඉන්න අයත් අපහසුවට පත්වෙන බව මතක තබාගන්න ඕනේ. ගාල්ලේ ඉන්න අයගේ ඇත්තම තත්වය මම දැකලා තියෙනවා. ඒවගේ හැසිරීම් නිසා ගාලු කොටුව බලන්න එන අයට ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා. ජෝඩුවලට තමන් කැමති ආකාරය හැසිරෙන්න පිටරටවල පුලුවන් උනත් ඒවගේ හැසිරීමක් අපේ රටේ ප්‍රායෝගිකව සාධාරණීකරනය කරන්න බෑ. ඒක තරුණ තරුණියන් දැනගන්න ඕනේ. එහෙම නැතුව පොලීසියට බැනලා වැඩක් නෑ

    aththa ban... godak unta mewa therenne ne