ඒ රත්තරං අම්මා ඇගේම කුසින් නැවත එම දරුවාම මෙලොවට ජනිත කරන්නට මතු භවයෙන් භවයට විවරණ පතනවා ඇති...
ඒ අම්මා අද මදිවෙච්ච පිං හෙට උපද්දන්න ඉන්න ඒ දරුවා වෙනුවෙන් එක්රැස් කරනවා එහෙමත් නැත්නම් පූරෝනවා වෙන්න ඇති....
අම්මේ උඹ මාත් කර පින්නාගෙන යන්නට යන මෙ සංසාර ගමනේදී මතු කිනම් භවයකදී හෝ මෙතේ බුදුන් දැක අප එකට සසරින් එතෙර වෙමු....
සියලුම මනස් රූපයන් හා බැඳි සිතුවිලි ධාරාවන් එකට ගැට ගසා ඔබ විසින් එලියට දමන ලද හදවතේ ගැඹුරුම උල්පතින් පැන නැඟී ආ උච්චම මාතෘ විලාපයයි මේ..
නංගී මගේ ආචාරය ඔබේ මාතෘ සෙනෙහසට.........