සනත් අයියේ දැන් ඇති.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සනත් අයියේ දැන් ඇති.

    අවසානයේ සනත් නිකන්ම යන්න ගියේය..

    2009 වසරේ ආසියානු කුසලාන අවසාන මහා තරඟයේදී 66 ට කදුළු 4ක් බිඳ වැටී තියනකොට ලෑල්ල දදා ඉඳල 125ක් ගහල ඉන්දියානුවන්ට හොඳ ඉලක්කයක් ලබා දීලා පිතිකරණ පැත්තෙන් ගොඩ දැම්ම මට මතකයි. අපි ආසියානු කුසලානය ලබා ගත්ත. පස්සේ අපිට ලෝක මට්ටමේ අවසාන මහා තරඟයක් ජයගන්න 2009 සිට 2014 වසර වෙනකන් වසර 5ක් බලාගෙන ඉන්න සිදු උනා. මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ලැබුනේ අවසාන මහ තරඟාවලි පරාජය පමණයි.

    දෛවයේ සරදමක් වගේ සනත් අයියා තේරීම් කමිටු සභාපති වෙලා තමන් සෙල්ලම් කරලා 2009 අරන් දුන්නු ආසියානු කුසලානය තමන් තේරීම් කමිටුවේ සභාපති වෙලා ක්‍රීඩකයින් කළමනාකාරිත්වයත් එක්ක එකතු වෙලා කොල්ලන්ට හොඳ මග පෙන්වීමක් දීලා නැවත 2014 වසරේදී අරන් දෙන්නේ අපේ තිබුණු ඒ අවසාන මහා තරඟාවලි පිපාසය නිමා කරමින්..
    එතනින් නොනැවතුන උඹ සනත් අයියේ කණ්ඩායමත් එක්ක සිටිමින් කණ්ඩායමට ශක්තියක් වෙමින්
    2014 විස්සයි විස්ස ලෝක කුසලානය
    ශුරයින්ගේ කුසලානයේ අවසන් පුර්ව තරඟයට
    දිගු කලක් බලා සිටි එංගලන්තයේදී එංගලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණය වැනි ලෝක මට්ටමේ ජයග්‍රහණ අපිට ලබාදීමේ එක පුරෝගාමියෙක් විය.

    වැඩ එසේ වෙද්දී 2015 ලෝක කුසලාන කණ්ඩායම හමුවේ සනත් අයියේ උඹට එන වගකීම සුළුපටු එකක් නොවන බව අප දනිමු. අවුරුදු 20ක් රට වෙනුවෙන් ක්‍රිකට් ගහපු උඹට මේ ලගන්දී ඉපදිච්චි රූපවාහිනියෙන් ක්‍රිකට් බලපු ඇත්තන් සමාජ මාධ්‍ය හරහ ක්‍රිකට් උගන්වන්න වෙර දරන හරි අපි උපේක්ෂාවෙන් බලා සිටිමු.

    සැමවිටම ක්‍රීඩකයින්ගේ නොහැකියාව පිට වන්නේ තේරීම් කමිටුව තුලිනි. ඇරත් උඹෙන් ගොඩක් ඒ පිට උනේ උඹ චන්දෙ ඉල්ලපු එකෙක් නිසාම විය යුතුයි. මිනිසුන් වන අප අතින් වැරදි සිදුවන එක සාමාන්‍ය දෙයකි. එහෙත් සමහරක් දේවල් පිලිබඳ ඇතුලාන්ත නොදැන මිනිසුන් පොඩි කොල්ලන් කරන චෝදනා උඹ නොදන්නවම නොවිය යුතුයි.

    සනත් ඔයා රැඩිකල් නොවිය. සැමවිටම කරේ නායක, පුහුණුකරුවන් හා සාකච්ඡා කරමින් තමන්ට හොඳම කණ්ඩායම පිටියට බැස්සවීම මිසක් "මට අවශ්‍ය ටීම් එක විතරයි ගහන්නේ. ඇන්ජි මම දෙන එකත් එක්ක සෙල්ලම් කරපන්" යනුවෙන් නොකී බව දන්නේ අතලොස්සක් පමණි. ඒවා රුපවාහිනියේ ගුවන් විදුලියේ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය නොවුනි. එහෙත් ඔබේ තනතුර තේරුම් කමිටු සභාපති නිසාවෙන් සැමවිටම ක්‍රීඩකයින්ගේ නොකියව ඔබ තුලින් දමා අත පිසදා ගැනීමට සැවොම මාන බලමින් සිටියහ.

    ශ්‍රී ලංකාව සහභගි වන සෑම විදේශ තරඟයක් දේශීය තරඟයක සනත් ඔයා කොහෙහරි කොනක වාඩි වී සිටීම සුලබ දර්ශනයක් විය. රූපවාහිනියෙන් තරඟ බලා කණ්ඩායම තොරනවාට වඩා තම අවුරුදු 20ක අත්දැකීම් පිට්ටනියේම ක්‍රීඩකයන් හා බෙදාගැනීමට උඹ ලෝභ නොවුයේ රටට තවත් ජයග්‍රහණ අවශ්‍ය නිසාය. මන්ද තරඟ ජයග්‍රහණ අවශ්‍යම පිරිස අතරින් උඹද එකෙක් නිසාය. එහෙයින් සැමවිට කරන්නේ තරඟ දිනවීමට මිස පරාජය කිරීමට නොවන බව මම දනිමි.

    දුෂ්මන්ත චමිරලා කිත්රුවන් විතනගේල කුසල් ජනිත්ල කරලියට එන්නේ ඔබේ තේරීම් හමුවේය. ඔවුන් දස්කම් පෑ විට " පට්ට කොල්ලෙක් බන්" කියන්නත් අසමත් වන විට "සනත් මොන *&%* කරනවද මන්ද මේ කාලකන්නින් දාල" යනුවෙන් කියන්නට අප සමහරක් ක්‍රීඩා ලෝලීන් පසුබට නොවුයේ ක්‍රිකට් ගැන ඇති පට්ට දැනුම සම්භාරය නිසාවෙනි.

    ක්‍රීඩාලෝලීන් මාධ්‍යවේදීන් දැන් කුලප්පු වී සිටින්නේ 2015 ලෝක කුසලානය පැරදුනු නිසාය. ජයග්‍රහණය හමුවේ එක ලකුණක් ඔබ හමුවේ නොතබන ඔවුන් පරාජයේදී මුලින්ම එල්ල දික් කරන්නේ තේරීම් කමිටුවටය. උඹටය. ඒ උඹ සනත් ජයසුරිය නිසාය. කවදත් අපිව විවේචන කරන්නේ අපේම මිනිසුන් නිසාවෙන් ඒවා උඹ ගණන් නොගන්න බවද මම දනිමි. මන්ද ලංකාවේ කුහක පිරිසට වඩා රටින් පිට ඉන්න උඹේ ක්‍රීඩා ලෝලීන් ගැන මම ඇරෙන්න වෙන කව්රු දැනගන්නද..

    සනත් අයියේ දැන් ඇති.
    වෙච්ච දේවල් රට හමුවේ කියමු.
    කවුද අරයව ගත්තේ..
    කාටද මෙයාව ඕන උනේ..
    අපි බලන් ඉන්නවා උඹෙන් ඒවා එලියට එනකන්..
    අන්න එදාට ගොඩක් උන්ගේ කටවල් වැහෙයි මොකද ඇත්ත දන්නේ ටික දෙනෙක් නිසා.. .

    දැන් විවේක ගමු..
    බයිපාස් එකෙන් විවේක ගන්න කියල දොස්තරලා කිව්වත් දුරකතනයෙන් හරි "යකෝ මේක කරපන් මෙහෙම ගහපන්" කියල මන් ඉස්සරහම උඹ කට්ටියට කියපු හැටි මට මතකයි.. මොන සීතලේ හරි බෙහෙත් ටික බිල ක්‍රීඩකයින් එක්ක පිට්ටනියට බහින්නේ උඹට කහනවට නෙමෙයි කියලත් දන්නේ උඹට ආදරේ කරන පිරිස්ම විතරයි.
    යටිගිරියෙන් කැ ගගහ පිට්ටනියේ කොල්ලන්ට බයින හැටි fb එකේ comment, like සහ share පොරවල් නොදන්නවා උනාට මම දනිමි.

    උඹ කියල කිව්වේ ආදරේට......

    මහේෂ් මධුසංක
    ( සනත් ජයසුරිය තේරීම් කමිටු සභාපතිතත්වයෙන් ඉල්ලා අස්වීම වෙනුවෙන් ලියන ලද ලිපියකි. ඉංගිරිසි භාෂාවෙන් නොදමන්නේ පිටරැටියන් මේය දුටුවහොත් අප මාධ්‍ය සහෘදයන් සහ ක්‍රීඩා ලෝලීන් පිලිබඳ සිතන විදිහ වැලැක්වීම නිසාය)


    fb එකේ තිබුනේ මේ ඇත්තද ? :oo::oo:
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Aththa machan.

    Ape kollanwa unta ona widihata mach walata dala ape aluth kollo dakshatha oennanne nathuwama wicket yaddi hithata marama dukai bn.

    Dan athi kiwata thawa kochchara kalayak mehema weida danne?

    good thread machan.
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    yeah some of it is true. we had lot of success after he was appointed as selection comitee head. when we won the t20 worldcup nobody praised his selection. But when we lost a match everybody tells its his fault...as a person and politician he might be bad but as a cricketer he was the best. kauru mona kiwwath india we pandithayanta sana gen passe atha diga arala ridenna gahanna ekek awe ne...antimata e wage gahanawa dekke oya mulin kiyapu final eke:no::no::dull: