සනත් ගුණතිලක පැවිදි වෙයි

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    සනත් ගුණතිලක පැවිදි වෙයි

    සනත් ගුණතිලක පැවිදි වෙයි

    ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (22දා) හඟුරන්කෙත විමලරතන යන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

    අගෝස්තු 22 වැනිදා පෙරවරු 7.22 ට යෙදුණු සුභ මොහොතින් පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමියන්ගේ උපාධ්‍යායවරුන් ලෙස කටයුතු කර ඇත්තේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක හා දක්ෂිණ පාර්ශ්වයේ උප සභාපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ප්‍රමුඛ එම සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක හා විනිශ්චය කාරක සභාවේ ‍ලේකම් ශාස්ත්‍රපති දෙදදියවල තිලකසිරි හා එම සංඝ සභාවේම කාරක සභාවේම කාරක සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමිවරුන්ය.

    මෙසේ පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමිපාණෝ සියලු වත් පිළිවෙත් පුරමින් සතියක කාලයක් තාවකාලික පැවිදි දිවියක් ගත කිරීමෙන් අනතුරුව අගෝස්තු 29දා බ්‍රහස්පතින්ද ධර්මානුකූලවම එම පැවිදි කාලය අවසන් කිරීමට නියමිතව සිටිති.
    පැවිදි දිවියට ඇතුළත් වීමට පෙරාතුව සනත් ගුණතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ වත් පිළිවෙත් පුරන සැබෑ පැවිදි දිවියක වටිනාකම අවබෝධකර ගැනීම උදෙසාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත චිත්‍රපටයක පැවිදි චරිතයක යථා ස්වභාවය පිළිබඳව පූර්ව අත්දැකීම් ලබා ගැනීම උදෙසාත් මෙසේ පැවිදි දිවියට ඇතුළත් වන බවය.
    :rolleyes:

    san.jpg


    Source:
    http://www.rivira.lk/edition/article/50966-සනත්-ගුණතිලක-පැවිදි-වෙයි.html
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිළිවෙත් පුරන සැබෑ පැවිදි දිවියක වටිනාකම අවබෝධකර ගැනීම උදෙසාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත චිත්‍රපටයක පැවිදි චරිතයක යථා ස්වභාවය පිළිබඳව පූර්ව අත්දැකීම් ලබා ගැනීම උදෙසාත්

    එහෙම බොරුවට පැවිදි වෙන්න පුළුවන්ද බන් :confused:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    එහෙම බොරුවට පැවිදි වෙන්න පුළුවන්ද බන් :confused:

    ඒක තමයි ප්‍රශ්නෙ. මෙහෙම ගියොත් සාසනෙත් ඉවරයි බුදු දහමත් ඉවරයි. අද අර පානදුරේ සමලින්ගික කේස් එකේ පොරත් මහන උනා කියලා Thread එකක් දාලා තියෙනවා මම දැක්කා. ඉතින් මේ විදියට ගියොත් මිනී මරලා උනත් බෙරෙන්න මහන වෙයිනෙ. එතකොට මොකද වෙන්නෙ
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඒක තමයි ප්‍රශ්නෙ. මෙහෙම ගියොත් සාසනෙත් ඉවරයි බුදු දහමත් ඉවරයි. අද අර පානදුරේ සමලින්ගික කේස් එකේ පොරත් මහන උනා කියලා Thread එකක් දාලා තියෙනවා මම දැක්කා. ඉතින් මේ විදියට ගියොත් මිනී මරලා උනත් බෙරෙන්න මහන වෙයිනෙ. එතකොට මොකද වෙන්නෙ

    ehema karata kamak ne .Thailand wala ehema wanama kalayak thiyenawa aniwaryen pawadi kalayak gatha karanna one

    තායිලන්තෙ පැවිදිවෙන්නෙ බන් ජීවිතය ගැන ඉගෙන ගන්න මිසක් මේ වගේ ඊලග ෆිල්ම් එක සාර්තක කරගෙන මුදල් සහ ජනප්‍රියත්වය ලගා කරගන්න නෙමෙනෙ, එතන පොඩි අවලක් තියෙනව වගෙ :confused::confused::confused::confused:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පිළිවෙත් පුරන සැබෑ පැවිදි දිවියක වටිනාකම අවබෝධකර ගැනීම උදෙසාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත චිත්‍රපටයක පැවිදි චරිතයක යථා ස්වභාවය පිළිබඳව පූර්ව අත්දැකීම් ලබා ගැනීම උදෙසාත් මෙසේ පැවිදි දිවියට ඇතුළත් වන බවය

    :angry::angry:

    සාදු සාදු කියල අනුමෝදං උනා. ඒත් පස්සේ මේ ටික දැක්කේ. නිර්මළ සම්බුද්ධ ශාසනේ විනාශ කරන්න මුන් අළුත් අළුත් දේවල් ගේනව. මේ දේවල් වල පල විපාක හැමෝටම ඉක්මනටම විඳින්න වෙයි. එදාට පැවිදි උන අයටත්, පැවිදි කරවපු අයටත් කල්ප ගානකට ගොඩ ඒමක් නැති වෙයි.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එහෙම බොරුවට පැවිදි වෙන්න පුළුවන්ද බන් :confused:

    ඒක තමයි ප්‍රශ්නෙ. මෙහෙම ගියොත් සාසනෙත් ඉවරයි බුදු දහමත් ඉවරයි. අද අර පානදුරේ සමලින්ගික කේස් එකේ පොරත් මහන උනා කියලා Thread එකක් දාලා තියෙනවා මම දැක්කා. ඉතින් මේ විදියට ගියොත් මිනී මරලා උනත් බෙරෙන්න මහන වෙයිනෙ. එතකොට මොකද වෙන්නෙ

    buddha dharmayat kanawa me peretayo tika. shik...