සනත් නිශාන්ත ගේ මරණය ගැන මිනිස්සු සතුටුවෙන්නේ ඇයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සනත් නිශාන්ත ගේ මරණය ගැන මිනිස්සු සතුටුවෙන්නේ ඇයි වැඩියෙ මිනිස්සු නොදන්න මෙයාගෙ කතාව මොකක්ද කියල හිත හිත ඉද්දි ෆේස්බුක් එකේ දැක්ක පෝස්ට් එකක්..
    සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන...
    ******************************
    මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?

    ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ.

    මීට වසර බොහෝ ගනනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කල නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කලේ නැත.

    වරක් රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. " සනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා" රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධවය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කල පහර දීම නිසාය.

    මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලාය. පුටු මේස පෙරලලාය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය.

    ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි.

    සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය.

    අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි. "A man's got to know his limitations"

    ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හෑලි ලියල රට බයිලා ගහලා බොලව රවට්ටන්න උවමනාවක් නෑ. කෙටියෙන් කියන්නම්.

    බයියො දුක් වෙන නිසා මා සතුටු වෙමි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sanath-nishantha-.jpg
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    meka attakda boruwakda
    දන්නැහැ බං ඔරිජිනල් පෝස්ට් එක හම්බුනේ නැහැ. දැක්ක හැම එකම කොපිඩ් කියල දාල තිබුනෙ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    සරලවම කතන්දරේ අති බහුතරය මිනිස්සු සතුටු වෙන්නෙ දුක් වෙන්නෙ තමන්ගෙ දේශපාලන මත අනුව.

    කවද හරි ලංකාවේ සමාජය civilized උනොත්, දියුණු උනොත් ඇර මේක වෙනස් වෙන්නෙ නැ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    සරලවම කතන්දරේ අති බහුතරය මිනිස්සු සතුටු වෙන්නෙ දුක් වෙන්නෙ තමන්ගෙ දේශපාලන මත අනුව.

    කවද හරි ලංකාවේ සමාජය civilized උනොත්, දියුණු උනොත් ඇර මේක වෙනස් වෙන්නෙ නැ
    දේශපාලන මත වලට වඩා මිනිස්සුන්ට මූව හිරිකිත වෙන්න ඇත්තෙ ගස් ගෙම්බෙක් වගෙ කියවන බේසික කට නිසා. අනිත් එකා ජොනී
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    සනත් නිශාන්තයා මැරුනු එකට සතුටු වෙන්න බැරිනම් උන් මිනිස්සු වෙන්න බෑ
    ඒ වගේ පොන්නයන්ව ගූ වලවල් වල ගිල්ලල මරන්න ඕනේ