සන්ගාව දේශනයට තොරාගත්තේ ඇයි...?

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
සන්ගාව දේශනයට තොරාගත්තේ ඇයි...?

සන්ගාව දේශනයට තොරාගත්තේ ඇයි...?
2532kumar-sangakkara.gif

ඔහු සුපිරි ක්‍රීඩකයෙකු වගේම බුද්ධිමතෙක් - සංවිධායක

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අද්විතීය අවස්ථාවක් සනිටුවහන් කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර හට ලබන ජූලි 04 වනදා ලෝඩ්ස්හිදී MCC Spirit of Cricket Cowdrey දේශනය කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මහ ගෙදර ලෙසින් සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ හිමිකාරීත්වය ඇති පුරාතනයේ සිට පැවත එන මැරිලිබොන් ක්‍රිකට් සංගමය (MCC – Marylebone Cricket Club) විසින් මෙම දේශනය 2001 වසරේ සිට පවත්වන්නේ එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන Colin Cowdrey සිහිවීම සඳහායි.


මෙම දේශනය සඳහා සංගක්කාරට කර තිබෙන ආරාධනාව සුවිශේෂී වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටියදී මෙම දේශනයට සහභාගී වන පළමු ක්‍රීඩකයා සංගක්කාර වන නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.


මෙම දේශනය කරන ලාබාලතම ක්‍රීඩකයා 33 හැවිරිදි සංගක්කාර බවත් මීට පෙර ඇඩම් ගිල් ක්‍රිස්ට්, ජෙෆ්රි බෝයිකෝට්, ආර්ච් බිෂොප් ඩෙස්මන්ඩ් ටුටු හා ඉම්රාන් ඛාන් වැන්නවුන් මෙම දේශනයට සහභාගීවී තිබෙන බවත් සඳහන්ය.
මැරිලිබොන් ක්‍රිකට් සංගමයේ සභාපති ක්‍රිස්ටෝපර් මාර්ටින් ජෙන්කින්ස් පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ශක්තිමත් වූ බවත් මේ නිසා එරටට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් සංගක්කාරට මෙම දේශනය සඳහා ආරාධනා කළ බවයි.


“සංගක්කාර ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වී සිටින්නේ සුපිරි ක්‍රීඩකයෙකු හැටියට විතරක් නෙමෙයි. ඔහු බුද්ධිමතෙකු ලෙසද ප්‍රසිද්ධයි. වත්මන් කාරණා පිළිබඳව ඔහු දරන අදහස් දැන ගැනීමට බොහෝ දෙනෙකු උනන්දුවකිනුයි සිටින්නේ.“


උපුටා පළකිරීම www.cricturf.com
 
Last edited: