සන්න පොන්නස්ගල

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    සන්න පොන්නස්ගල

    attachment.php
     

    Attachments

    • TMPDOODLE1438268485896.jpg
      TMPDOODLE1438268485896.jpg
      70.2 KB · Views: 181

    PeeKolla

    Banned
    Jul 30, 2015
    26
    4
    0
    එළු පාලනය
    කුඩා පරිමාණයේ සත්ව පාලන කටයුතුවලදී එළු පාලනයට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. එළුවන් ඇතිකිරීමේ අරමුණු කීපයකි. මස් ලබාගැනීම, කිරි ලබා ගැනීම, පොහොර ලබාගැනීම සම් ලබාගැනීම ඒ අරමුණු අතර වෙයි.වියළි කලාපයේ මස් පිණිස බහුලව එළුවන් ඇතිකරනු ලබන අතර මැද රට හා උඩරට ප‍්‍රදේශයේ කිරි ලබාගැනීම සඳහා එළුවන් ඇති කැරේ.ඉතාමත් අඩු ප‍්‍රාග්ධනයක් යොදා ආරම්භ කළ හැකි සත්ව පාලනයක් වන අතර සියයට සියයක්ම ශාක කොළ අතු ලබාදෙමින් සතුන් පෝෂණය කළ හැකිය. වෙළෙඳ පොළේ එළු මස් කිලෝවක මිල රුපියල් 350/- ක් පමණ වන අතර එළු කිරි ලීටරයක මිල රුපියල් 80/- ක් පමණ වෙයි. අද පවතින රැකියා ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස ස්වයං රැකියාවක් වශයෙන් පවත්වාගත හැකි ඉහළ ආදායමක් ලබාගැනීමට විශාල හැකියාවක් ඇති එළු පාලන කටයුතු සඳහා රජයේ දායකත්වය පහළ මට්ටමක පවතී.එළු කිරි සඳහා වෙළෙඳ පොළ හොඳ ඉල්ලුමක් ඇත. එළු කිරි පහසුවෙන් දිරවිය හැකි සහ කුඩා මේද ගෝලිකා සහිත බැවින් කුඩා ළමයින්ට වැඩිහිටියන්ට මෙන්ම ඇදුම රෝගීන් සඳහාත් ඉතා හොඳ ඖෂධයකි. විශේෂයෙන්ම සෙම නිසා ඇතිවිය හැකි රෝග තත්ත්වවලදී එළුවන්ගේ සුවඳ ආඝ‍්‍රාණය කිරීම එම රෝග තත්ත්වයෙන් සුවවීමට හේතුවන බව බොහෝ අය විශ්වාස කරයි.


    සත්ව පාලනයේ යෙදී සිටින ගොවීන් අතර එළු පාලනය ජනප‍්‍රිය වී ඇත. එයට හේතු වනුයේ එළුවන්ට රළු කටුක පරිසරවල ජීවත් විය හැකි වීම, දැඩි නියං තත්ත්වයන් යටතේ වුවද වියළි තෘණ හා ශාක කොටස් ආහාරයට ගෙන ජීවත්වීමට හැකි බව, ශාක වර්ග විශාල ප‍්‍රමාණයක් ආහාර ලෙස ලබා දීමට හැකි බව, කෘෂිකාර්මික අතුරුඵල හා කුස්සියෙන් ඉවත් කරන බොහෝ දේ එළුවන්ගේ ආහාර ලෙස යොදාගත හැකි වීම, භෝග නිෂ්පාදනය හා වෙනත් සත්වපාලන කටයුතු සඳහා යොදාගත නොහැකි බිම් එළු පාලනයට යොදාගත හැකිවීම, වියළි කලාපයෙ පිහිටි කටු පඳුරු සහිත ලඳු කැළෑ එළු පාලනයට යොදා ගත හැකි වීම, පාලන කටයුතු සරල සහ පහසුවීම, එළු පාලනය සඳහා තාක්‍ෂණික දැනුමක් හා පුහුණු ශ‍්‍රමයක් අවශ්‍ය නොවීම, ගෘහණියන්ට මෙන්ම ළමයින්ටත් පාලන කටයුතු කළ හැකි වීම, මස් පිණිස හා කිරි සඳහා එළුවන්ට හොඳ ඉල්ලුමක් තිබීම, වරකට පැටව් දෙදෙනෙකු හෝ තිදෙනකු දැමීමට හැකි වීම, එනිසා කෙටි කාලයක් තුළ ගොවිපළ තුළ සත්ව ගහනය වැඩිවීම, ඔවුන්ගේ මළ ද්‍රව්‍ය ඉතා හොඳ කාබනික පොහොරක් බැවින් ගොවිතැන් සඳහා යොදාගත හැකි වීම ආදි බොහෝ හේතූන් නිසා එළු පාලන කටයුතු පහසු වී ඇත.


    එළු ගොවිපළක් ආරම්භ කිරීමේදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත. එනම් අභිජනනය සඳහා සුදුසු පැටව්, එළුවන්, එළිච්චියන් තෝරා ගත යුතුය. අරමුණට ගැළැපෙන එළු වර්ග තෝරා ගැනීම කළ යුතුය. මීට අමතරව ප‍්‍රදේශයේ ඉල්ලුමට ගැළැපෙන අයුරින් සතුන් ඇතිකිරීම, ඇතිකිරීමට බලාපොරොත්තු වන එළු ගහණයට ප‍්‍රමාණවත් අයුරින් වසර පුරා ශාක කොළ ලබාගැනීමට හැකිවන අයුරින් බහු වාර්ෂික ශාක හෝ තෘණ සිටුවීම, එළුවන්ගේ ආරක්‍ෂාව සඳහා එළු නිවාස තනාදීම, එළු ගාල ආසන්නයේම ගව ගාල ඉදි නොකිරීම වැනි කරුණු කෙරෙහි ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. එළුවන් හා ගවයින් එකම ගොවිපළ තුළ ඇති කිරීම සුදුසු නොවන අතර එනම් ගොවිපළක ගවයින් හා එළුවන් ඇතිකිරීමට සිදුවුවහොත් ගව ගාල සහ එළු ගාල ඉතාමත් දුරස්ථ අයුරින් ඉදිකළ යුතුය. පරපෝෂිත පාලනය හා රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය පශු වෛද්‍ය සේවය ලබාගත යුතුය.මෙම උපදෙස්වලට අනුව ඕනෑම අයෙකුට එළු පාලනයට පිවිස හොඳ ආදායමක් ලබාගැනීමේ හැකියාව ඇත.දැනට ශ‍්‍රී ලංකාවේ සිටින එළු ප‍්‍රභේද කිපයකි. දේශීය එළු ප‍්‍රභේද, ඉන් එක් වර්ගයකි. ශරීරය කුඩා පාද කෙටි එතරම් උස් නොවූ එළු වර්ගයක් වන දේශීය එළු ප‍්‍රභේදය ශරීර වර්ණය කළු, දුඹුරු, හා සුදු මිශ‍්‍ර සහිතය. කෙටි කන් සහිත ඒවා ඉහළට පිහිටයි. වැඩුණු පිරිමි සතෙක් කිලෝ ග‍්‍රෑම් 35 ක් පමණ වේ. ශරීර ප‍්‍රමාණය කුඩා වන අතර කිරි නිෂ්පාදනය ද අඩු වේ. පැටවුන් ලැබීමේ කාල පරතරය අඩු අතර නිවුන් පැටව් ලැබීමේ ප‍්‍රතිශතය මධ්‍යස්ථ ය. මස් සඳහා ඇතිකරන අතර කටුක පරිසර තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දේ.
     
    Last edited: