සන්න

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,902
    35,841
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ප්‍රවීණ සිංහල නවකතා රචකයෙක් සහ කවියෙකි වූ පියසේන කහඳගමගේ මහතාගේ පුතුන් වන ප්‍රබෝධ කහදගමගේ මහතා විසින් ෆේස්බුක් සමාජ ජාලයට එක්කර තිබූ සටහනක් බොහෝ දෙනාගෙ අවදානයට යොමු වී තිබේ.

    එම සටහන පහතින්..

    උපුල් ශාන්ත සන්නස්ගල වනාහී ශාස්ත්‍රීය වංචනිකයෙකි. ඔහු පියසේන කහඳගමගේ ( මගේ පියා ) ජීවත්ව සිටියදී පවා ආයු කාලය කෙටි කිරීමට කටයුතු කෙරූවෙක් වෙයි. අම්පාර හද්දා පිටිසර පළාත්වල, කටු ගාලේ ගොඩේ, ගොඩැල්ලේ කරදගොල්ලේ, බණ්ඩර දුවේ කැලෑවේ , වැවේ, පැලේ, පිදුරේ, වන්නි හත් පත්තුවේ සෑම බිම් අඟලක්ම පීරා ඔහු විසින් සොයා ගන්නා ලද ශාස්ත්‍රීය බීජයන් අමු අමුවේ කිසිදු හිරිකිතයකින් තොරව කොපි කළ තැනැත්තකු ලෙස සන්නස්ගල නමැත්තා පෙන්වා දිය හැකි ය. කහඳගමගේයන්ගේ පොතේ පරිච්ඡේද කිහිපයක ම අත්දැකීම් ඉස්පිල්ලක් ඇලපිල්ලක් නෑර සන්නස්ගලයන් ද ලබා තිබීම අතිශය පුදුම සහගත ය .

    මතකෙට එන්නෙ 2003 වර්ෂය යි. එවකට මා සිටියේ මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පළමු වසරේ ය. හදිසියේ ම කහඳගමයන් කරාපිටිය මහ රෝහලය ඇතුළත් කළ බව අම්මා දුරකථන ඇමතුමකින් කීවා ය. අනතුරුව හෘද රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ පෙනහළු රෝගයක් සෑදී තාත්තා ලෙඩ ඇඳේ සිට ඔහු විඳි දුක් මට ද අයියාට ද කියූ ආකාරය අතිශය සංවේදී ය. ඇතැම් ශාස්ත්‍රීය බීජයන් සොයා ගිය කල්හි කුසට අහරක් නො ලදු ව, දුම්රිය පා පුවරුවේ, බස් රියේ පොල්ලේ එල්ලී, පා ගමනින්, ජීවත්ව සිටියදී ඔහුට තිබූ එකම වාහනය වන පුෂ්සයිකලයේ ගොස් ඔහු ශාස්ත්‍රීය කරුණු සොයා ගත් ආකාරය අදට ද අපට විස්මයක් ගෙන දේ. කිසිවකු තමාගේ කෘතියකින් කරුණු ලබා ගන්නේ නම් ඔහුගේ බලාපොරොත්තු වූයේ තම කෘතියෙන් උපුටා ගත් බව දැක් වීම පමණකි. ඔහු තම කෘතියක් එළි දැක්වීමෙන් ලැබූයේ ආත්මීය සතුටකි. ආධුනික ලේඛකයන් රැසක් ක්ෂේත්‍රයට ගෙන ඒමට දැඩි කැපවීමක් ගත් ඔහු සෑම කල්හි ම තමන්ගේ ඍජු කශේරුකාවෙන් යුක්තව කටයුතු කළේ ය.

    උපුල් ශාන්ත සන්නස්ගල නමැත්තා තාත්තගේ ප්‍රාදේශීය ව්‍යවහාර කෘතියෙහි කොටස් ඒ ඒ අයුරින්ම තමාගේ පොත්පත්වලට ගත්තේ ලෙඩ ඇඳේ සිටින මිනිසාගේ අන්තිම සාරය ද උරාබොමිනි. 2003 අගෝස්තු දෙවැනි සතියේ සිළුමිණ පත්තරේ "පුන්කලස'" මීට සාක්ෂ්‍ය සපයනු ඇත.

    තමා විසින් වරදක් කර ඇති බවත්, එය මාධ්‍යයට හෙළි නොකරන ලෙසත් , ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල ගෙවීමට සූදානම් බවත් සන්නස්ගලයන් අත්අකුරෙන් ලියා එවූ ලිපිය තවමත් අප සතුව ඇත.

    පෙන්වන මුහුණට මුඛරි කටට රැවටී සන්නස්ගල වන්දනාමානයේ යන අවිචාරශීලීයෝ ද අප අතර ම වෙති. මට ඔවුන පිළිබඳ ඇත්තේ කලකිරීමක් පමණි .එමෙන් ම සන්නස්ගල වනාහි කපටි නිර්මාණ ශිල්පියෙකු මෙන් ම අති දක්ෂ ව්‍යාපාරිකයකු බව කිව යුතු ය.
    තමාට හිමිව තිබූ තැනට වෙනත් අයෙකු සමීප වන විට දැනෙන රිදීම ඔහුට ද දැනෙන්නට ඇත.සිංහල සංස්කෘතියට ඔහු විසින් කරනු ලැබූ හානිය මතුවට ආත්ම ගණනක් ඔහුට විපාක දෙනු ඇත.

    රන්දුලයන් විසින් ගොනු කරන ලද මෙම ලිපිය හේතුවෙන් මතුව ආ හැඟීම මෙහි කෙටීමි. උක්ත සංවාදයට පරිබාහිරව වූයේ නම් ඉන් පාඨකයාට ඇතිවන කේන්තිය ද සන්නස්ගලයන්ගේ මතු අපාය ජීවිතයට ම හේතු වේවායි පතමි.

    (ප්‍රබෝධ කහඳගමගේ මහතා විසිනි)
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    oya sannasgala kiyana eka kunuharapu tikak
    kohen hari ahida gatta bara wachana tikak dala
    kiwwama samaharunta ithin u mara radical porak
     
    • Like
    Reactions: hichchiputha

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    issara elakiriye hitiya kavi liyana set ekak etana hitiye ruwan bandujeewath.mata matakai sanna uge class wala tutorials walata Banduwage “Kundalakeesi” kaviya dala tibba..mama Banduwata call karala ahuwa eth u dannewath na Sanna eka use kala kiyalawath.
     
    • Like
    Reactions: hichchiputha