සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී
සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී
සඳමත පය තැබූ සිවුවැනියා ලෙස සැලකෙන ඇමෙරිකන් ගගනගාමී ඇලන් බීන් දිවියෙන් සමුගත්තේය.
ඇලන් බීන් ටෙක්සාස් වැසියෙකි. ඔහු හූස්ටන් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී දිවියෙන් සමුගත් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 කි. පසුගිය සති කිහිපයේ ඇලන් බීන් දැඩි ලෙස රෝගී වී සිටි බව ද පැවැසෙයි.
ඇලන් බීන් ගගනගාමියකු පමණක් නොව, දක්ෂ සිත්තරකු ලෙස ද ප්‍රසිද්ධියට පත් වී සිටියේය. ඇලන් බීන්, ඇමෙරිකා නාවික හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කළ අයකු ද වෙයි.
ඇලන් බීන්, ඇපලෝ 12 මෙහෙයුම යටතේ සඳ මත පය තැබුවේ 1969 වසරේ දීය. ඉන්පසු ස්කයිලැබ් අභ්‍යවකාශ පර්යේෂණාගාරය එකලැස් කිරීම් සඳහා සිදු කළ ගගන මෙහෙයුම්වලට ද ඇලන් එක් විය. ඒ, 1973 වසරේදීය.
(රොයිටර්)

: ඔය ෆොටෝ 10000 හදන එක තමයි උන්ගේ project එකේ අමාරුම වැඩේ.... හැබැයි උන්ට එකට තක්ශනේ තිබුන. 

මේකෙ එකෙක් දවසක් flat eathers ලගෙ youtube videos වගයක් දාල ඇත්තටම දාල තිබ්බ යකෝ ඔහොම එකක් 