චීන්නු සඳමත බීජ පැළ කරති 

චීනයට අයත් චැන්ජි-4 යානයෙන් සඳවෙත ගෙනගිය බීජ සාර්ථකව පැළවී දළුලා ඇතැයි එරට ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය පවසයි.
එය මෙතෙක් සඳමත සිදුවූ ප්‍රථම ජෛවවිද්‍යාත්මක සංසිද්ධිය බව විද්‍යාඥයෝ පවසති.
එමෙන්ම මෙය දීර්ඝකාලීන අභ්‍යවකාශ ගවේශනයන් සඳහා වැදගත් පියවරක් වනු ඇති බව ද පැවසේ.
මෙසේ පැල කරනු ලැබූයේ පුළුන් සහ අර්තාපල් බීජ බවත් පුළුන් ඇට පැලවී ඇති බවත් සඳහන් වේ. පොළවෙන් ගෙනගිය පස් මාධ්‍යයක බීජ පැළ කරනු ලැබීය.
පෘථිවියට නොපෙනෙන සඳේ අඳුරු පැත්තට යැවූ ප්‍රථම යානය චැන්ජි-4 වන අතර පසුගිය ජනවාරි 03වනදා එය සඳ මතට පතිත කරවනු ලැබිණ.
මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාර්ථකව බීජ පැළකරනු ලැබූ නමුත් සඳමත එවැන්නක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සඳහන් වේ.

නොදන්නා මිනිස්සු හිතාවි උන් හඳේ වලක් හාරලා පැලයක් හිටවල වතුර දාල ඇවිත් කියල