සඳමත බීජ පැළ

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    චීන්නු සඳමත බීජ පැළ කරති :shocked::shocked:

    චීනයට අයත් චැන්ජි-4 යානයෙන් සඳවෙත ගෙනගිය බීජ සාර්ථකව පැළවී දළුලා ඇතැයි එරට ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය පවසයි.

    එය මෙතෙක් සඳමත සිදුවූ ප්‍රථම ජෛවවිද්‍යාත්මක සංසිද්ධිය බව විද්‍යාඥයෝ පවසති.

    එමෙන්ම මෙය දීර්ඝකාලීන අභ්‍යවකාශ ගවේශනයන් සඳහා වැදගත් පියවරක් වනු ඇති බව ද පැවසේ.

    මෙසේ පැල කරනු ලැබූයේ පුළුන් සහ අර්තාපල් බීජ බවත් පුළුන් ඇට පැලවී ඇති බවත් සඳහන් වේ. පොළවෙන් ගෙනගිය පස් මාධ්‍යයක බීජ පැළ කරනු ලැබීය.

    පෘථිවියට නොපෙනෙන සඳේ අඳුරු පැත්තට යැවූ ප්‍රථම යානය චැන්ජි-4 වන අතර පසුගිය ජනවාරි 03වනදා එය සඳ මතට පතිත කරවනු ලැබිණ.

    මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාර්ථකව බීජ පැළකරනු ලැබූ නමුත් සඳමත එවැන්නක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සඳහන් වේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සඳ මත කීවට හඳේ පස් වල පැල කරලා නෙවේ උන් ගෙනිච්ච කුටීරයක් අස්සේ හැදෙන්නේ නේද.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සඳ මත කීවට හඳේ පස් වල පැල කරලා නෙවේ උන් ගෙනිච්ච කුටීරයක් අස්සේ හැදෙන්නේ නේද.

    Ow ban balapam me harak news daana hati :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සඳ මත කීවට හඳේ පස් වල පැල කරලා නෙවේ උන් ගෙනිච්ච කුටීරයක් අස්සේ හැදෙන්නේ නේද.

    ඒක තමයි මාත් බැලුවේ :rofl:

    දෙරණ නිවුස් එකට ගියේ අනාගතයේ හදට යන මිනිස්සුන්ට හදේ අස්වැන්න නෙලාගෙන කාලා එන්න පුළුවන් කියලා :lol: