සඳුදාට පත්තුවෙන චමල්ගේ රතිඤ්ඤා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සඳුදාට පත්තුවෙන චමල්ගේ රතිඤ්ඤා

Why-Chamal.jpg


ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය සනාථ කරමින් අභියාචනාධිකරණය ඊයේ දුන් තීන්දුවත් සමග ගෝඨාවාදීන් රට පුරා රතිඤ්ඤා පත්තු කළද සත්‍ය වශයෙන් නඩු තීන්දුවෙන් සිදුව ඇත්තේ ලබන සඳුදා ගෝඨාභයට ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමේ නුසුදුසු භාවය අධිකරණය විසින්ම තහවුරු කර දීමකැයි ද, ඒ අනුව ඔහු සිටින්නේ පෙරටත් වඩා අනතුරක බවද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ සේම දේශපාලන විචාරකයෝ පවසති.
ගීතා සහ ‌ගෝඨා..
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අයෙකුට පාර්ලිමේන්තු තරඟයකට ඉදිරිපත් වන අයෙකුගේ මූලික සුදුසුකම් තිබිය යුතු බවයි. ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැක්කේ 19 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකිය යන වගන්තිය ඇතුලත් කළ බැවිනි. ගීතා කුමාරසිංහට සිය මන්ත්‍රීධූරය අහෝසි වූයේ එබැවිනි.
ගෝඨා ද්විත්ව පුරවැසියෙක් බව අධිකරණය පිළිගැනීම අවාසියකි..
ඊයේ දුන් නඩු තීන්දුවෙන් තහවුරු කරන ලද්දේ ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යාණුකූල බවයි. එනම් දැන් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අධිකරණය පිළිගෙන තිබේ. එසේ වන කල්හි එය ඔහුට ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත්වීමට සුදුසුකම් නොව නුසුදුසුකමකි. වැඩි දුරටත් කියන්නේ නම් ඔහුගේ නුසුදුසු භාවය අභියාචනාධිකරණය විසින් ප්‍රශ්න කිරීමකින් තොරවම පිළිගෙන තිබේ.
මේ අනුව ලබන සඳුදා 07 වෙනිදා ඔහු මැතිවරණ කොමසාරිස් වරයා ඉදිරියේ නාම යෝජනා දෙද්දී තමා ද්විත්ව පුරවැසියෙකු නොවන බව සැකයකින් තොරව ඔප්පු කළ යුතුය.
ඇමරිකානු ජනාධිපති පවා විශ්මයට පත්කළ ‌ගෝඨාගේ සහතිකය..
මුළු රටම දන්නා පරිදි ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය සඳහා නිකුත් කළ සහතිකය සේම ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි ඔහු පෙන්වන සහතිකයද ප්‍රශ්නකාරීය. ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම නිවැරදි සහ සත්‍ය එකකැයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නොකියයි. ඔවුන් ඉන්නේ ගල් ගිල්ලා පරිදිය. මන්ද යත් තම පුරවැසි භාවය ඉවත් කරන්නැයි කියා ඇමරිකානු ආණ්ඩුවට ලංකාවේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා අප්‍රේල් 17 ඉදිරිපත් කරන ඉල්ලුම්පතක් වොෂින්ටන් හි රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන්ද අනුමැතිය ලබා මැයි 3 වැනිදා වන විට එනම් සතියේ වැඩ කරන දින 12 කින් තරම් කෙටි කාලයකින් නිකුත් කිරීම ඇමරිකානු ජනාධිපතිද විශ්මයට පත්කෙරෙන කාරණයක් වන නිසාය.
එකක දී අදහා ගත ‌නොහැකි තරම් කාර්යක්ෂම වූ ඇමරිකාව තව එකක දී අකාර්යක්ෂම වූයේ ‌කෙසේද?
ගෝඨාභය පෙන්වන සහතිකය තව දුරටත් ප්‍රශ්නකාරී වන්නේ පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයන් තවදුරටත් ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවට බදු ගෙවීම අවශ්‍ය වන්නේ නැති බැවින් ෆෙඩරල් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන බදු ගෙවීමෙන් ඉවත් කළ අයගේ නාම ලේඛනයේ ඔහුගේ නම සඳහන් නොවීමයි. මෙය වසරේ මාස 6 කට වරක් නිකුත් කරන්නකි. අවසන් නාම ලේඛනය නිකුත් කෙළේ ජුලි 30 වෙනිදා ය. එහි නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම නැත. මැයි 3 වෙනිදා පුරවැසිභාවය ඉවත් කළ අයෙකුගේ නමක් ජුලි 30 වෙනිදා නාම ලේඛනයේ නොවූයේ කුමන අරුමයකටද? පුරවැසිභාවය ඉවත් කරද්දීම අයැදුම්කරුවා ආණ්ඩුවට බදු ගෙවීමට තිබේ දැයි සොයා බැලේ. දින 12 කින් ඒ කාර්ය සොයා බලා පුරවැසිභාවය ඉවත් කිරීමට තරම් කාර්යක්ෂම වූ රජයක් මාස 2 යි දින 27 ක් යනතුරු එය නාම ලේඛනයකට ඇතුලත් කිරීමට තරම් අකාර්යක්ෂම වූයේ කෙසේ ද?
සහතිකය පමණක් මදි දිවුරුමත් අත්‍යාවශ්‍යයි..
නිව්යෝර්ක්හි සිටින ආගමන විගමන නීතිවේදීහු තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරති. එනම් යම් ඇමරිකානුවෙක් තම පුරවැසිභාවය ඉවත් කර ගන්නේ නම් එකී සහතිකය නිසැක වශයෙන්ම ලබා ගත යුත්තේ තමන් යලි පුරවැසිභාවය ලබන රටේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් හෝ කොන්සල් කාර්යාලයකිනි. එය ලබා ගන්නා අවස්ථාවේ දී ඔහු පුරවැසිභාවය ලබා ගනිද්දී ඇමරිකානු රාජ්‍යයට දුන් දිවුරුම සහා සමාන දිවුරුමක් ඉවත් කර ගැනීම අරභයාද ලබා දිය යුතුය. එකී දිවුරුම ලබා නොදෙන තාක් සහතිකයක් තිබුනද ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම නීත්‍යානුකූල වන්‌නේ නැත. එකී දිවුරුමද කටට ආ පළියට කියන්නක් නොවේ. එයද ලිඛිතව තිබිය යුතුය. ඒ එසේ නම් ගෝඨාභය තම පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ දී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දී දුන් දිව්රුම තිබිය යුතුය. ඔහු එය ලබා දුන්නේ කවර නම් නිලධාරියා ඉදිරියේ දැයි ඒ කවදා දැයි සඳහන් විය යුතුය.
( ඇමරිකානුවෙකු තම පුරවැසිභාවය ඉවත් කරගන්නේ ‌කෙසේද යන්න ගැන වටිනා ලිපියක් පහත දිගුවේ දැක්වේ. එහි සඳහන් වන ආකාරයට පවා එය අවම වශයෙන් මාස 5 ක් ගත වන ක්‍රියාවලියකි. කියවන්න https://nomadcapitalist.com/2018/01/17/renounce-us-citizenship-ultimate-guide/ )
තානාපති කාර්යාලය තලප කෑ උගුඩුවන්ද?
මේවා සම්බන්ධයෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට තව දුරටත් බඩ උලාගෙන, බකන් නිලාගෙන, තලප කෑ උගුඩුවන් සේ සිටිය නොහැකිය. මන්ද යත් දැන් උද්ගතව ඇත්තේ ඔවුන්ගේ පුරවැසියෙකුගේ ප්‍රශ්නයක් නොව රටක දෙකෝටි විසිපන් ලක්ෂයක ජනතාවකගේ ඉරණමක් පිලිබඳ ප්‍රශ්නයක් නිසා ය
ගෝඨා සඳුදාට විසිවෙයිද? ‌ශ්‍රේෂ්ඨාධිකරණයට ද?
ඉහත කාරණා ගෝඨාභය තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි වරින් වර පෙන්වන සහතික වල විශ්වාසය බරපතල ලෙස පළුදු කරයි. ඒ අනුව ලබන සඳුදා ඔහු ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙද්දී තමා තව දුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවේ යයි පිළිගත හැකි සාක්ෂි සහිතව මැතිවරණ තේරීම් භාර නිලධාරියාට ඉදිරිපත් කළ යුතුය. මන්ද යත් දැන් ඔහු ද්විත්ව පුරවැසියෙක් බව අධිකරණය විසින් සනාථ කර ඇති බැවිනි. නාමයෝජනා බාර දීමෙන් පසු විපක්ෂයෙන් මතුවන විරෝධතාවන් තේරීම්භාර නිලධාරියා පිළිගතහොත් ගෝඨාභයගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප විය හැකිය. නැතිනම් ඒ ප්‍රශ්නය ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විසඳාගැනීමට යොමු කෙරෙනු ඇත.
සඳුදාට පත්තු විය හැකි චමල්ගේ රතිඤ්ඥා...
රාජපක්ෂලා ඊයේ අවසාන මොහොතේ ‘ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය’ නම් ලියාපදිංචි නොකළ ස්වාධීන නාමයකින් චමල් රාජපක්ෂගේ නමට ඇප මුදල් බැන්දේ ඊයේ ගෝඨාගේ නඩුව සම්බන්ධයෙන් ලැබෙන තීන්දුව අනුව ගෝඨාභයගේ ඉදිරිපත් වීම ගැන පැන නැගෙන අවිනිශ්චිත භාවය වඩාත් තීව්‍ර වන බව දන්නා නිසා ය. දැන් ඔහු අභියාචනාධිකරණය පිළිගත් ද්විත්ව පුරවැසියෙකි. හඬා වැලපිය යුතු දිනයෙක ඒ බව නොදන්නා ගෝඨාවාදී ගොට්ටෝ ඊයේ සවස රතිඤ්ඤා පත්තු කළ නමුත් 7 වෙනි සඳුදා සවසට චමල්ගේ මිනිසුන් රට පුරා රතිඤ්ඤා පත්තු කිරීමට ද බොහෝ සෙයින් ඉඩ ඇත.

විමල් ධීරසේකර
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP eke okkoma lawyers la innne. anura kumara vijitha herath oya okkoma.ai supporters la unuth lawyers la :D:D:yes::yes:;);):D un ithin nadu danawa. oya jvp unta kiyawaganna bari wenna okkoma laws English walin withrak danna one. ara anura kumara lankawe usawiye cost ekai parliment eke cost ekai dekatama waga kiyanna one. u parliment eketh ohomai dawasema uge kathawa ita passe iwarai parliment ithin unp eka paradai;):D:D:yes::yes:ai parliment eke ksima deyak wenne na. katha nayakai senkolei eddi kattiya hitagena idagannawa .anura kumara idaganne na . u ethana idan kathawa paya ganak:D:D:yes::yes:;)
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සත්‍ය වශයෙන් නඩු තීන්දුවෙන් සිදුව ඇත්තේ ලබන සඳුදා ගෝඨාභයට ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමේ නුසුදුසු භාවය අධිකරණය විසින්ම තහවුරු කර දීමකැයි ද, ඒ අනුව ඔහු සිටින්නේ පෙරටත් වඩා අනතුරක බවද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ සේම දේශපාලන විචාරකයෝ පවසති.:yes::yes::yes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    සත්‍ය වශයෙන් නඩු තීන්දුවෙන් සිදුව ඇත්තේ ලබන සඳුදා ගෝඨාභයට ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමේ නුසුදුසු භාවය අධිකරණය විසින්ම තහවුරු කර දීමකැයි ද, ඒ අනුව ඔහු සිටින්නේ පෙරටත් වඩා අනතුරක බවද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ සේම දේශපාලන විචාරකයෝ පවසති.:yes::yes::yes:

    ප්‍රවීනයෝ ජංගි දාලද පවසලා තියෙන්නේ? :rofl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ȜMA X;24827504 said:
    ප්‍රවීනයෝ ජංගි දාලද පවසලා තියෙන්නේ? :rofl:


    කාණු කටේ, මුඩුක්කුවේ ඉපදුන හැම එකාම ඒකේ ලගින්නේ නෑ. උඹත් කාණු කටෙන් උඩට වරෙන්. ජංගි වෙනුවට දේශපාලනය ගැන මහත්මයෙක් වගේ කතා කරන්න ඉගෙන ගනිං.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සත්‍ය වශයෙන් නඩු තීන්දුවෙන් සිදුව ඇත්තේ ලබන සඳුදා ගෝඨාභයට ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමේ නුසුදුසු භාවය අධිකරණය විසින්ම තහවුරු කර දීමකැයි ද, ඒ අනුව ඔහු සිටින්නේ පෙරටත් වඩා අනතුරක බවද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ සේම දේශපාලන විචාරකයෝ පවසති.



    ඕයි තමුසේ ගංජා ගහලද මිනිහෝ කිරියට රිංගන්නේ ?


    :rofl::rofl::rofl:
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    කාණු කටේ, මුඩුක්කුවේ ඉපදුන හැම එකාම ඒකේ ලගින්නේ නෑ. උඹත් කාණු කටෙන් උඩට වරෙන්. ජංගි වෙනුවට දේශපාලනය ගැන මහත්මයෙක් වගේ කතා කරන්න ඉගෙන ගනිං.

    පැය 24ම මේකට ‌වෙලා එක එකාගේ ඇට මිරිකන හාල් කැල්ලක් තෝ. Online ‍නිර්නාමිකව ඉදලත් පච වෙන එකේ උපරිම පචවෙන හිගන්නා මහත්මයෙක් වගේ කතා කරන්න ටොක්ස් ඉශු ‌කරනවා මේකේ. ආත්මේ මාරු කරගනින් පොන්නයෝ එක එකාට වහල් කම් නොකර :lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කාණු කටේ, මුඩුක්කුවේ ඉපදුන හැම එකාම ඒකේ ලගින්නේ නෑ. උඹත් කාණු කටෙන් උඩට වරෙන්. ජංගි වෙනුවට දේශපාලනය ගැන මහත්මයෙක් වගේ කතා කරන්න ඉගෙන ගනිං.

    :yes::yes: පුක හෝදන එක උනත් මහත්මයෙක් වගේ කරන්න ඕන.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :yes::yes: පුක හෝදන එක උනත් මහත්මයෙක් වගේ කරන්න ඕන.

    ආ ඒකද උඹේ ජොබ් එක.. හොඳායි පුතා මහත්මයෙක් වගේ ඒක කරපං! අපෙන් සුභපැතුම්:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: hirashgeff

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රාකශය

    පචාරක ලේකම්

    සිංහල ගහන්න බැරි එකෙක් හදපු එකක්.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ȜMA X;24827603 said:
    පැය 24ම මේකට ‌වෙලා එක එකාගේ ඇට මිරිකන හාල් කැල්ලක් තෝ. Online ‍නිර්නාමිකව ඉදලත් පච වෙන එකේ උපරිම පචවෙන හිගන්නා මහත්මයෙක් වගේ කතා කරන්න ටොක්ස් ඉශු ‌කරනවා මේකේ. ආත්මේ මාරු කරගනින් පොන්නයෝ එක එකාට වහල් කම් නොකර :lol:

    සැර වැඩිද මංදා.... :lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජනාධිපතිවරණයට පිළිගත් නාමයෝජනා පහතින් දැක්වේ:
    සමරවීර වීරවන්නී
    ජයන්ත කැටගොඩ
    බත්තරමුල්ලේ සීලරතන හිමි
    අජන්තා විජේසිංහ පෙරේරා මිය
    සමන්සිරි හේරත්
    ඒ.එස්.පි. ලියනගේ
    එම්.කේ. සිවාජිලිංගම්
    සමන් ප්‍රසන්න පෙරේරා
    සිරිපාල අමරසේන
    බැද්දේගමගේ නන්දමිත්‍ර
    සරත් විජිතකුමාර කීර්ති රත්න
    අශෝක වඩිගමංගාව
    දුමින්ද නාගමුව
    ප්‍රියත් මුනියන් එදිරසිංහ
    ආරියවංශ දිසානායක
    අජන්ත ද සොයිසා
    චමින්ද අනුරුද්ධ
    මිල්රෝයි ප්‍රනාන්දු
    අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි
    රොහාන් පල්ලේවත්ත
    නාමල් රාජපක්ෂ
    අපරැක්කේ පුන්‍යානන්ද හිමි
    වජිරපානි විජයසිරිවර්ධන
    අනුර කුමාර දිසානායක
    අරුන ද සොයිසා
    එම්.එල්.ඒ. හිස්බුල්ලා
    ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ්
    බසීර් සේගුදාවුද්
    පියසිරි විජයනායක
    රජිව් විජේසිංහ
    සරත් මනමේන්ද්‍ර
    සුබ්‍රමනියම් ගුණරත්න
    සජිත් ප්‍රේමදාස
    ගෝඨාභය රාජපක්ෂ
    මහේෂ් සේනානායක
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    නාමල් රාජපක්ෂ :confused:
    ජනාධිපතිවරණයට පිළිගත් නාමයෝජනා පහතින් දැක්වේ:
    සමරවීර වීරවන්නී
    ජයන්ත කැටගොඩ
    බත්තරමුල්ලේ සීලරතන හිමි
    අජන්තා විජේසිංහ පෙරේරා මිය
    සමන්සිරි හේරත්
    ඒ.එස්.පි. ලියනගේ
    එම්.කේ. සිවාජිලිංගම්
    සමන් ප්‍රසන්න පෙරේරා
    සිරිපාල අමරසේන
    බැද්දේගමගේ නන්දමිත්‍ර
    සරත් විජිතකුමාර කීර්ති රත්න
    අශෝක වඩිගමංගාව
    දුමින්ද නාගමුව
    ප්‍රියත් මුනියන් එදිරසිංහ
    ආරියවංශ දිසානායක
    අජන්ත ද සොයිසා
    චමින්ද අනුරුද්ධ
    මිල්රෝයි ප්‍රනාන්දු
    අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි
    රොහාන් පල්ලේවත්ත
    නාමල් රාජපක්ෂ
    අපරැක්කේ පුන්‍යානන්ද හිමි
    වජිරපානි විජයසිරිවර්ධන
    අනුර කුමාර දිසානායක
    අරුන ද සොයිසා
    එම්.එල්.ඒ. හිස්බුල්ලා
    ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ්
    බසීර් සේගුදාවුද්
    පියසිරි විජයනායක
    රජිව් විජේසිංහ
    සරත් මනමේන්ද්‍ර
    සුබ්‍රමනියම් ගුණරත්න
    සජිත් ප්‍රේමදාස
    ගෝඨාභය රාජපක්ෂ
    මහේෂ් සේනානායක