සඳුනි (නොකියූ කතාව)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඉතින් මේක කියවලා
    කොල්ලො කෙල්ලන්ව කැම්පස් යවන එකක් නැති වෙයිද දන්නෙ නෑ
    ලියපන් මචං ගුඩ් ලක් සහෝ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ela machan
    digatama liyamu
    ela machan
    Thanks machanla :D
    ela ela ikmanata anith tikath oneee... balan yana kota mul tika lagin lagin yanoooo
    ah umbatath mehema scene ekak unada :shocked: mata kiyapanko scene eka welawaka ekada balanna ;)
    උබ ඔක්කෝම දැම්මහම කියවන්නම් මචන්
    එළ මචන් :D
    Happaa:sorry::dull: Eelanga epiya ikmanatama daamu malli :)
    දාන්නම් අක්කා හෙට :D
    දැන් ඉතින් මේක කියවලා
    කොල්ලො කෙල්ලන්ව කැම්පස් යවන එකක් නැති වෙයිද දන්නෙ නෑ
    ලියපන් මචං ගුඩ් ලක් සහෝ
    ඒව වෙන්න බැරි නෑ :shocked::oo:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    අනේ බන්..... දුක හිතෙන අවසානයක් නම් දැන්ම කියපන්... අවුල් යනවා බ්‍රෝ.... :sorry::sorry::sorry::(:(:(
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    digatama yn.. ela..
    Ela Ela :D
    අනේ බන්..... දුක හිතෙන අවසානයක් නම් දැන්ම කියපන්... අවුල් යනවා බ්‍රෝ.... :sorry::sorry::sorry::(:(:(
    දුක සතුට දෙක විතරක් නෙවේ දෙකම නැති වෙන්නත් පුලුවනි. ඉවර වෙනකං ඉදල බලමු :dull:
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :love: සඳුනි - පස්වන කොටස :love:


    ඔහුගේ සිත ඈ තවත් නිර්දෝෂී කරන්නට වෙහෙසුනේ නැත.

    “මචන්”
    කිසිවක් නොකියාම යන්නට ගිය ඔහු ආපසු හැ‍රුනේය.

    “සඳුනිව බලන්නද ආවේ?” වෛද්‍ය සිසුවා ඇසීය.
    “ඔව් මහත්තයෝ, මහත්තයලා කතා කරනවනේ. මම පස්සේ එන්නම්. මේ පළතුරු ‍ටික එයාට දෙන්න.” තමා මෙතරම් වෙලා තුරුලකරන් සිටි පළතුරු බෑගය ඔහු‍ වෙතට සාරංග දිගු කළේය.
    “කවුරු දුන්න කියලද කියන්නේ?”
    “ඉස්කෝලෙ යාලුවෙක් දුන්න කියන්න. මම ගිහින් එන්නම් මහත්තයෝ.”

    සාරංග හිස් අතින් නැවත ඉස්පිරිතාලයෙන් පිටතට පැමිණියේය. වෙනදා මෙන් අද ඔහුට අරමුණක් නැත. ඔහුට කරන්නට දෙයක් හිතාගන්නට බැරිය. සිදුවූ දේ විශ්වාස කරන්නට නොහැකිය. කල්පනා ලොවේ ගිලී සිටියදී නොදැනීම ඔහු ගුඩ් ශෙඩ් බස්නැවතුම්පලට පැමිණ අවසන්ය. කුරුණෑගල බස් රථයකට ගොඩවුනු ඔහු හිස් බැල්මකින් අවිනිශ්චිත අනාගතය ගැන සිතන්නට විය.

    ---------------------------------------------------------------------------------

    “සාරංග”

    සඳුනි හිටිහැටියේ අවදි විය. තමා අසලට වී සිටින අපැහැදිලි රුව දෙස ඈ ඇස් පොඩි කර බැලුවාය.
    නමුත් ඒ සාරංග නොවේ. අනුරාධගේ තම අතින් අල්ලා සිටින අයුරු දකින ඈ වහා තමාගේ අත මුදා ගන්නීය.

    “අයියේ? මොකද මේ කරන්නේ? කවුරු හරි දැක්කොතින් එහෙම?” ඈ ලැජ්ජාවෙන් කීය.
    “කවුරුත් දකින්නෑ නංගි. මම දැන් ඇවිත් පැයක් විතර. නිදි හින්දා ඇහැරවන්න හිතුනේ නෑ. දැන් කොහොමද?”
    “දැන් ඇඟට ටිකක් ‍සනීපයි අයියා. උණ හෙම්බිරිස්සාව හැදුනම මට මෙච්චර අමාරු වෙලාම නෑ.”
    “තව දවස් කීපයක් රෙස්ට් කරාම හරියයි. මම හොර්ලික්ස් එකකුයි තව බිස්කට් වගයකුයි ගෙනාව. කාල බීල හිටියම අපේ දොස්තර නෝනගෙ ලෙඩ ඉබේම හොඳ වෙයි.” අනුරාධ සුපුරුදු සිනහව මුවේ රඳවාගෙන කීය.
    “අනේ අයියා මට මේවා ඔක්කොම කන්න බෑ. අයියා ටිකක් තියල අරන් යන්න. පළතුරුත් තියෙනවා. ඒටික තියල ඉතුරුව අරන් යන්න.”
    “නංගි තියාගන්නකො. ලෙඩ්ඩුන්ට ගෙනාපුව අපි ගෙදර අරන් ගිහින හරියනවද?”
    “හ්ම්”
    “මම යන්නම් නංගි. ආයේ වෙලාවක එන්නම්කෝ.”
    “හොඳමයි අයියේ.”

    අනුරාධ වාට්ටුවෙන් පිටව යන අයුරු ඈ නිහඬව බලා සිටියාය.

    “දැන් ඇඟට කොහොමද සඳුනි?” හෙදිය විමසීය.
    “ටිකක් සනීපයි මිසී. ඈ කීය.”
    “මිසී? මාව බලන්න මම නිදි වෙලාවේ වෙන කවුරුත් ආවද?”

    “මෙඩිකල් ස්ටුඩන්ට් එක්ක එක‍් කෙනෙක් ආවා. තව පිරිමි කෙනෙක් ආවා එයා නං වැඩි වෙලා හිටියේ නැද්ද කොහෙද.”
    “හරි. ස්තූතියි මිසී.”

    අනුරාධ හැර ආ අනෙක් පුද්ගලයා කවුද? සාරංගද? එයා දැක්කද දන්නෑ. අනේ දෙයියනේ. ඇගේ සිත සිතුවිලි අතර අතරමං විය. නිපුනි අතේ පණිවිඩයක් වහාම යැවිය යුතුය.

    ---------------------------------------------------------------------------------

    සතියකට පසු සඳුනි රෝහලින් ටික‍ට් කපාගෙන ගෙදර පැමිණියාය. ගෙදර ආ විගසම ඈ කළ මුල්ම දේ සාරංග සොයා යාමයි. නමුත් එවිට ඔහු නිවසේ නොසිටි බැවින් ඈට නැවත හිස් අතින් ආපසු එන්නට සිදුවිය.
    දවස් දෙක තුනකට පසු මහත් වෙහෙසක් දරා ඈ සාරංගව මුණ ගැසුණාය.

    “සාරංග? මම ‍ඔයාව කොච්චර හෙව්වද? ‍විභාගේ කොහොමද? මේ? ඔයා දන්නවද මම අසනීප වෙලා ඉස්පිරිතාලෙ හිටිය සතියකටත් වැඩිය. ඔයා මාව බලන්නවත් ආවද?” ඈ ඔහුගේ අතින් අල්ලාගෙන ඇසුවාය.
    “ආ. අසනීප වෙලාද හිටියේ? ඔව් මට නිපුනි කිව්වා.”
    “ඉතින්? ඇයි ආවේ නැත්තේ?”
    පිළිතුරුක් නැත ඔහුගෙන්.
    “සාරංග?” ඈ ඔහුගේ අතින් අදින්නට වූවාය.

    ඔහු ඇගේ අත ගසා දැමීය.

    “සාරංග? මොකද වෙලා තියෙන්නේ? ඇයි මේ?”
    “මට තවත් කතා කරන්න දෙයක් නෑ. වැඩ තියනවා මට. කියන්න ආපු දෙයක් ඉක්මණට කියලා යන්න.” ඔහු එක හුස්මට කීය.
    “ම‍ට කියන්න ඔයා ආවද නැද්ද කියලා.”
    “ආවා. දැන් හරිද? ඉවරයිද? තව ප්‍රශ්න තියෙනවද? මං යන්නද?”
    “ඇයි ඔච්චර තරහින්? මොකද උනේ? අනේ තරහ නැතුව මට කියන්න.” ඈ ඔහු ඉදිරියේ බැගෑපත් විය.
    “මම යනවා. ආයේ මාව හම්බවෙන්න නාවට කමක් නෑ.‍ කොහොමත් දැන් ඔයයි මමයි වෙනස්. ඔයාගේ සමාජෙට ආයෙ මට එන්න බෑ.”

    ඇගෙන් මිදුනු සාරංග අවිනිශ්චිත අනාගතයක් කරා තබන පළමු පියවර තැබීය.

    ---------------------------------------------------------------------------------

    අසුරු සැනින් හුවමාරුවූ වචන කීපය අතර ඈ තවමත් අතරමංවීලාය.

    “දැන් ඔයයි මමයි වෙනස්. ඔයාගේ සමාජෙට ආයෙ මට එන්න බෑ.”

    සාරංගගේ අවසන් වදන් කීපය සඳුනිගේ සිතේ දෝංකාර දෙන්නට විය.
    සාරංග මෙතරම් වෙනස් වන්නට කුමක් හෝ දෙයක් සිදුවී තිබිය යුතුය. සාරංග දුර දිග බලා කටයුතු කරන අයෙක් බව ඈ දැන සිටියාය. ඔහු යමක් සිය ඇස් දෙකින් දකින තුරු විශ්වාස කරන්නෙකු නොවේ. සිදුවූ දෙය කෙසේ හෝ සොයා ගත යුතුය. නමුත් මේ අවස්ථාවේ සාරංග හඹායෑම ඥාණෝන්විත නොවන නිසාම ඈ නැවතත් නිපුනිගේ සහය පතන්නට තීරණය කළාය.

    ---------------------------------------------------------------------------------

    “එයා ඇවිත් තියෙනවා නිපූ. මම නිදි වෙලාවක ඇවිත් යන්න ඇති. ඒත් ඇයි එයා මට කියලා ගියේ නැත්තේ?”

    “ශුවර් එකට අනුරාධ අයියා ඉන්න වෙලාවක එන්න ඇත්තේ. එයා කීපාරක් ආවද?”
    “මම එයාට කීවේ නෑ. කොහෙන් දැනගෙනද මන්දා. එයාට වැඩ මේ දවස් වල. එක පාරයි ආවේ මට මතක විදියට. සෙනසුරාදා. එදා මම මිසීගෙන් ඇහුවා. එයත් කීව හැබැයි තව පිරිමි කෙනෙක් ඇවිත් ගියයි කියල.”
    “එහෙනම් එවෙලේ එන්නැත්තේ. එයා උඹල දෙන්නව දැක්කද දන්නෑ.”
    “අනේ ‍නිපූ.” ඈ ඉකිගසන්නට විය.
    “දැන් මොනවා කරන්නද කෙල්ලේ. කොහොමත් ඔයාගේ වැරැද්දක් නෑනේ. ඔයා අසනීප වෙලා හිටියම ඉතින් ඕන කෙනෙක්ට ‍ඔයාව බලන්න එන්න පුලුවන්නේ. එකට ඔයා පලි නෑනේ.”
    “ඒ උනාට දැන් සාරංග හිතන් ඉන්නේ වැරදියටනේ. එයා ඇයි මගෙන් ඇහුවේ නැත්තේ?”

    “මම සාරංගට කතා කරල බලන්නම්. එයා දැනුම් තේරුම් ‍තියෙන කොල්ලෙක්නේ. කතාව මුල ඉඳල හරියට කිව්වම තේරුම් ගනීවි. බය නැතුව ඉන්න. මම ඉන්නවනේ.” නිපුනි ඈ සනසවන්නට විය.

    ---------------------------------------------------------------------------------

    නිපුනි පසුදිනෙක සාරංග හමුවිය. නමුත් ඈට දැඩිවූ ඔහුගේ හිත වෙනස් කරගන්නට නොහැකිවිය.

    හිස් අතින් ආපසු පැමිණි නිපුනි මේ බව සඳුනිට දැන්වූවාය.

    “දැන් මොකද කරන්නනේ?” සඳුනි බිඳුනු ස්වරයකින් ඇසීය.
    “තව කරන්න තියෙන්නේ එක දෙයයි.”
    “ඒ මොකද්ද නිපූ?”
    “ඒත් ඒක කරන්න පුලුවන් වෙයිද කියල නම් මම දන්නේ නෑ.”
    “කියන්න. සාරංග වෙනුවෙන් මම ඕන දෙයක් කරන්න ලෑස්තියි.” ඈ කඳුලු පිසිමින් කීය.
    “ඔයාට කරන්න තියෙන දෙයක් නෙවෙයි සඳූ.”
    “එහෙනම්??”

    “අපි අනුරාධ අයිය‍ට කියමු සාරංගට කතා කරන්න කියලා.”

    -මතු සම්බන්ධයි-
    සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.
    චන්දිම [02-01-2016]
     
    • Like
    Reactions: Kudnadun