"සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    "සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."

    original ---->http://www.boondi.lk/article.php?ArtID=1338

    මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන’යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සි‍තුවිලි රළ අනුවය.

    "ජීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ"

    අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ" යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි. ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි.. ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි. ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැ‍ඳෙයි.

    "මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙක් සොයනු දැනේ"

    ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

    "මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා"

    සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුලෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් ප‍සින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්‍රතිවර්තනයක් ද?

    එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

    "සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
    ගණඳුරු රෑ - තනිකම නෑ ...
    සොයා එන්න ගණඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි"

    ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි. සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි. ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුරෙහි සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.

    මානව සබඳතාවක් තුළ මිනිසෙකු අත්විඳින අසීරුම වේදනාවක් මෙන්ම ඒ අත්දැකීම තුළ මිනිසෙකුට ස්පර්ශ කළ හැකි මිනිසත් බවෙහි ඉහළම ඉසව්වක් වෙත ද මේ ගීත රචකයා අප ගෙන යන්නේ මෙබඳු අත්දැකීම්හි ලා නිරන්තරයෙන් දැක පුරුදු වෛරී තිරශ්චීන ඊර්ෂ්‍යාපරවශ ගති ස්වභාවයන්ට අභියෝග කරමිනි. මෙහි කතා නායකයා සියළු බැඳීම් වලින් මිදුණු තවුසෙකු සාංදෘෂ්ටිකවාදියෙකු හෝ ශුන්‍යවාදියෙකු නොවේ. ඔහුගේ සංකීර්ණ සිතුවිලි ඉතා සියුම්ව ප්‍රවේශමෙන් තෝරා ගත් වචන කිහිපයකින් අපට දැනවීමට ප්‍රේම් සමත් වන අයුරු අපූරුය. ඔහු සංයමයෙහි පිහිටයි. එසේම වේදනාව ද සංවේදනය කරයි. මෙය මිනිසෙකුගේ අත් කර ගැනීමක් මෙන්ම අත් හැරීමට අසීරු සංතාපය ද මනාව චිත්‍රණය කරන රචනයක් වන්නේ එබැවිනි.

    ඉස්සු ෙව් ෙමතිනින් http://www.boondi.lk/article.php?ArtID=1338
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට තේරෙන විදියට කොල්ලා කෙල්ලෙකුට ට්‍රයි. ඒ අස්සෙ තව එකෙක් ර් කෙල්ලටම ලයින් කරනවා. කොල්ලට බයයි කෙල්ල අරූට සෙට් වෙයි කියලා :(
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පැටියා;17306640 said:
    මට තේරෙන විදියට කොල්ලා කෙල්ලෙකුට ට්‍රයි. ඒ අස්සෙ තව එකෙක් ර් කෙල්ලටම ලයින් කරනවා. කොල්ලට බයයි කෙල්ල අරූට සෙට් වෙයි කියලා :(
    poddak kiyawapan machan uda tiyana mokkada real meaning eka:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    poddak kiyawapan machan uda tiyana mokkada real meaning eka:P
    ඇයි ඔය ආටිකල් එක ප්‍රේමකීර්ති ද අල්විස් ද ලියලා තියෙන්නෙ? :rofl:
    ඕක කාගෙ හරි විචාරයක්. මම දැම්මෙ මගෙ විචාරෙ. තෙරියා? :rofl:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මම අහල තියන විදියට මේ ගීතයට පසුබිම් වෙලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ජීවිතයේ සැබෑ අත්දැකීමක්. මම අහල තියන ඒ සිදුවීම ගැන මෙතන ලියන්ඩ බැහැ. මොකද කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ද කාරණයක් ගැන කතා කිරීම සුදුසු නැති නිසා. ඒවගේ සත්‍ය අසත්‍යතාව කුමක් උනත්, ප්‍රේමකීර්ති ද අල්විස් නම් අපුර්වතම මිනිසා අතින් බිහි වූ තවත් එක් සුන්දර ගීතයක්.
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම අහල තියන විදියට මේ ගීතයට පසුබිම් වෙලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ජීවිතයේ සැබෑ අත්දැකීමක්.