සඳ කැන් වැසිලා ගීතයේ අර්ථය (සැබැ අත්දැකිම&#348

djhashan

Member
Sep 8, 2006
141
30
0
සඳ කැන් වැසිලා ගීතයේ අර්ථය (සැබැ අත්දැකිම&#348

තමුන් ආදරය කරන බිරිද තමුන් නිවසට පැමිණෙන විටදි තවත් පිරිමියෙකු සම්ග යහන්ගත වෙලා ඉන්නවා දැකපු එ ඇස් 2 මේ ලෝකයට කථා කරපු මහ පුදුම පණිවිඩයක් මේ ගිතයේ ඇතුලෙ සැග වෙනවා

සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
ගනඳුරු රෑ.. තනිකම නෑ..
සොයා එන්න ගනඳුර, තරු නිවලා..
මගේ එලිය, අද ඔබ පමණි..

https://www.youtube.com/watch?v=M979Z8l-1K4
 
  • Like
Reactions: Ashman and sat_12

lvcs

Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Patta song eka.. et hariyatama etha naththa danne na...
    Prema keerthida alwis mahath mayage supiri ganaye nirmanayak..hodata ahanna..jayawewa..
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ලොව ගැහැණු මිනිස් සබඳතා ඇරඹෙන්නේ මිනිසුන් පෘථිවිය මත වාසය ඇරඹු දා පටන්ය. උල් කෝටුවකින් දඩයම් කොට සතුන් මරා කෑ වනචාරී යයි හැඳින්වෙන යුගයේ පටන් අන්තර්ජාලය හරහා පීට්සා ඇණවුම් කරන අද දවස දක්ව‍ා ඒ සබඳතාව අනේකවිධාකාරයෙන් සංකීර්ණ වෙමින් ශිෂ්ටාචාරයට අත්‍යවශ්‍ය සාධකයක්ව මහඟු මෙහෙවරක් ඉටුකරයි. ආදම් හා ඒවගෙන් ඇරඹී සිද්ධාර්ථ-යසෝදරා, මාක් ඇන්ටනී-ක්ලියෝපැට්රා,

    අරවින්ද-බතී, රෝමියෝ-ජුලියට්, දුයිෂෙන්-අල්තීනායි, සිරිපාල-රන්මැණිකා, බිල් ක්ලින්ටන්- මොනිකා ලෙවෙන්ස්කි, දම්මි-සුගත්, අභිෂේක්- ‍ඓශ්වර්යා දක්වාත් ඉන් ඔබ්බටත් සැබෑ හෝ පරිකල්පිත සියළු චරිත අතර මේ සංකීර්ණත්වය යළි යළිත් ඔප ගැන්වෙයි.

    ජීව විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව ආසන්න හේතු නිර්වචනය කළ ද මිනිසෙකු හෝ ගැහැණියක එකිනෙකා වෙත බැ‍ඳෙන පරම හේතුව නිශ්චිතව කිව හැකි යමෙක් මිහි මත නැත. එය එතරම්ම පුද්ගල බද්ධය, අන්තර් සම්බන්ධිතය, මනෝ හා සමාජ-දේශපාලන සාධක සංකලනය හේතුවෙන් සංකීර්ණය. එසේ බැඳෙන ගැහැණිය හා මිනිසා අතර ඇති එකම බැඳීම ප්‍රේමය පමණක් නොවේ. ලිංගිකාශය (sexual drive), සාමාජයීය හේතු, හුදෙකලා වීමට ඇති නොකැමැත්ත, අයිතිවාසිකම (possession), සහයෝජනය කෙරේ ඇති මූලිකාශය (drive for affiliation) වැනි තවත් බොහෝ ඓතිහාසික කරුණු (උදා: ළමා වියේ අත්දැකීම්, සංකීර්ණතා/childhood experiences and complexes) එවැන්නක් තුළ දැකිය හැකිය.

    සාමාන්‍ය ලෝකයේ බැඳීමක් ගත් කළ දැකිය හැකි මූලිකම කරුණක් වන්නේ සිය සහකරු හෝ සහකාරිය වෙත පූර්ණ අවධානය (project) යොමු කිරීමයි. ඔහු හෝ ඇය ඒ තුළ සිය හිස්වූ අර්ධය සපුරා ගැන්මට තැත් කරයි. සාර්ථක වන මොහොතවල් සංහිඳියාවේ නිමේෂයන් වන අතර අසාර්ථක වන තැන් අර්බුදයන් නිර්මාණය කොට අපේක්ෂා භංගත්වයට පත්කරයි. ප්‍රේමය පදනම වන්නා වූ සබඳකම් උස්පහත් වීම් තුළ වුව ද ගලා යන අතරම ප්‍රේමයෙන් ක්‍රමයෙන් වියුක්ත වන්නාවූ බැඳීම් අපේක්ෂා භංගත්වයේ සහ අතෘප්තියේ තිත්ත කාඩියෙන් පිපාසය නොසිඳෙන තැන කුසලානය පහත දමා නිමා වෙයි. එක්ව විසුව ද වෙන්ව විසුව ද එය පොදුය. ඇතැම් තැනෙක කුසලානය පහත හෙලුව ද සාදය නිමා නොවෙයි. ලොව සතුටු කරනු වස් තිත්ත කාඩිය යළි යළිත් පානය කෙරෙයි. ඇතැම් තැනෙක තිරය පහත හෙළා සාද සංවාද නිමා කෙරෙයි.

    මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන’යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සි‍තුවිලි රළ අනුවය.

    "ජීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ"

    අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ" යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි. ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි.. ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි. ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැ‍ඳෙයි.

    "මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙක් සොයනු දැනේ"

    ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

    "මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා"

    සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුලෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් ප‍සින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්‍රතිවර්තනයක් ද?

    එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

    "සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
    ගණඳුරු රෑ - තනිකම නෑ ...
    සොයා එන්න ගණඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි"

    ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි. සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි. ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුරෙහි සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.

    මානව සබඳතාවක් තුළ මිනිසෙකු අත්විඳින අසීරුම වේදනාවක් මෙන්ම ඒ අත්දැකීම තුළ මිනිසෙකුට ස්පර්ශ කළ හැකි මිනිසත් බවෙහි ඉහළම ඉසව්වක් වෙත ද මේ ගීත රචකයා අප ගෙන යන්නේ මෙබඳු අත්දැකීම්හි ලා නිරන්තරයෙන් දැක පුරුදු වෛරී තිරශ්චීන ඊර්ෂ්‍යාපරවශ ගති ස්වභාවයන්ට අභියෝග කරමිනි. මෙහි කතා නායකයා සියළු බැඳීම් වලින් මිදුණු තවුසෙකු සාංදෘෂ්ටිකවාදියෙකු හෝ ශුන්‍යවාදියෙකු නොවේ. ඔහුගේ සංකීර්ණ සිතුවිලි ඉතා සියුම්ව ප්‍රවේශමෙන් තෝරා ගත් වචන කිහිපයකින් අපට දැනවීමට ප්‍රේම් සමත් වන අයුරු අපූරුය. ඔහු සංයමයෙහි පිහිටයි. එසේම වේදනාව ද සංවේදනය කරයි. මෙය මිනිසෙකුගේ අත් කර ගැනීමක් මෙන්ම අත් හැරීමට අසීරු සංතාපය ද මනාව චිත්‍රණය කරන රචනයක් වන්නේ එබැවිනි.

    නිර්මාණ ඉවෙන් හෝ බිහි කළ හැකිය. සැබෑ දැනුමෙන් තොරව එය සිදුවිය හැකිය. එහෙත් එයින් වෙනස්ව නිර්මාපකයා ලොව දෙස බලන දාර්ශනික මානය පොහොසත් වන්නේ යම් සේ ද ඔහු අතින් බිහිවන නිර්මාණය ද රසිකයා ඥානනය කිරීමේ වගකීම ඉටු කරමින් වඩ වඩා ඉහළට එසවෙයි.

    වික්ටර් යනු මායාවී ලෙස අනුරාගී කට හඬකින් අප මෝහනය කරන ගාන්ධර්වයෙකි. මේ ගීතයෙහි ලා ඔහුගේ ගැයුම ඔහුගේම ස්වර සංයෝජනය හා මුසුවී වින්දනයේ සොඳුරුම ඉම් පෙදෙස් කරා අප ගෙන යයි. මිනිස් සංතානය ප්‍රවේශමින් ස්පර්ශ කොට එහි ප්‍රමෝදයන් හා වේදනාවන් අපට සියුම්ව දනවයි. එබඳු නිර්මාණ අප තුළ ඇති මිනිස් විභවය අවදි කොට ප්‍රඥාව දල්වයි.

    වික්ටර් ම ස‍ංගීතයෙන් ඔප කොට සුනිල් එදිරිසිංහ "හුලවාලී" චිත්‍රපටයට ගැයූ "කුඩා ගමේ මද්දහනේ" ගීත‍යෙහි අවසන් කොටස ධර්මසිරි ගමගේ මෙසේ ලියා තබා ඇත.

    ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
    ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
    ආල වඩන යන තේරුම බෝසත් කම සකී

    *****

    සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
    ගණඳුරු රෑ - තනිකම නෑ
    සොයා එන්න ගණඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි

    ජීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ

    මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා

    ගායනය - වික්ටර් රත්නායක
    ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - වික්ටර් රත්නායක

    http://www.boondi.lk/article.php?ArtID=1338
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ඇත්තම අත්දැකීමක්ද? :shocked: මොනා උනත් පුදුම ලස්සන සිංදු ලියපු පට්ට පොරක් තමයි... සිංදු වල සැඟවුණු ලස්සන අර්ථයක් තියෙනවා... මේ මනුස්සයව නැති කරපු උන් අද ලස්සන කතා කියනවා දේශපාලන වේදිකාවේ... හෙන ගහනවා... :angry:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    පුදුම කවිකමක් තමයි. පුදුම දුකක් දැනෙන්නේ මේක අහපුවම
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ඇත්තම අත්දැකීමක්ද? :shocked: මොනා උනත් පුදුම ලස්සන සිංදු ලියපු පට්ට පොරක් තමයි... සිංදු වල සැඟවුණු ලස්සන අර්ථයක් තියෙනවා... මේ මනුස්සයව නැති කරපු උන් අද ලස්සන කතා කියනවා දේශපාලන වේදිකාවේ... හෙන ගහනවා... :angry:

    මේක රචකයාගෙම අත්දැකීමක් වුනා නම් ඒක ගීතයක් විදියට මෙහෙම ප්‍රසිද්ධ වෙන විදියට වැඩ කරයි ද? එහෙම එයාගෙම අත්දැකීමක් ලිව්වා නම් වෙන්නේ බිරිඳයි ළමයිනුයි අපහසුතාවයට පත් වෙන එක නේද? එයාලට ඇත්තටම ආදරය කළා නම් එහෙම අපහසුතාවයට පත් වෙන විදියට, තමන්ගෙ බිරිඳ නොමනා වැඩක් කළා කියලා රටක ලෝකයක ඉන්න මිනිස්සුන්ට ප්‍රසිද්ධ කරන ගීතයක් ලියන තත්වෙට රචකයා වැටෙන්න නැතුව ඇති. ඒ නිසා මට නම් හිතෙන්නෙ මේක හිතට ආපු සිතුවිල්ලක් හරි වෙනින් දන්න කෙනෙක්ගෙ හරි අත්දැකීමක් වෙන්න ඇති. :)