සඳ සඳ වගේ...

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    24et2lk.jpg



    moon-rising-timelapse-la-dan-marker-moore-gif-1.gif




    moon-rising-timelapse-la-dan-marker-moore-1.jpg



    Code:
    http://www.lunudehi.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2015/12/weuldjg-y-mdhk-yea-pk-pdhdremhlg.html


    :love::love::love:
     
    • Like
    Reactions: Kasippu Sira

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    කලු ගැහී තරඟයට ඉහල ගිය
    සිමෙන්ති බිත්ති මිසක
    ඇසට නිලට
    අහසක් ගහක් කොලක්
    අවටක් නැත.
    නිව්යෝර්ක් නම් පුරවර
    සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ
    දොර ජනෙල් වසා සිරකල කාමරයක
    ඇඳක්-පුටුවක්-මේසයක්
    මම.

    මහපොලවේ අනික් පැත්තෙ
    සෙනෙහැති දෙමාපියන්
    නෑ මිතුරන් අඹු දරුවන්
    මට සිහි වෙයි.
    පලවන්නට මළ පාලුව
    කවියක් හඬ නඟා කියමි
    නින්නාදව ආපසු එයි මගෙ කටහඬ
    මගෙ කනටම.
    යා යුතු අතක් නොදැන
    කවුලුව හැර එබී බලමි.
    ප්‍රපාතයට එබී බලමි
    මූණට කටු ඇනගෙන
    සීතල කඩා පනින.

    අසුවී විදුලි එලිය පිටාරයට
    මොර දීගෙන යයි වාහන ඒ මේ අත
    ඉවසිල්ලක් නොමැතිව
    දිවගෙන යයි ඒ මේ අත
    කුරා කුහිඹු මිනිස් යන්ත්‍ර
    මොහොතක් නැවතී මා දෙස
    ආදරයෙන් බලන කෙනෙක්
    වගතුග අසන කෙනෙක්
    දන්නා හදුනන්නෙක්
    මෙතන නොමැත
    ඒ හැම දෙන මහ පොලවේ අනිත් පැත්තෙ
    මට සිහි වෙයි.

    මහා දුකින් ඉහල බලමි


    දිලිහි දිලිහි ආකාසේ
    රන් පිඟාන සේ
    හඳ..
    මා දන්න හදුනන
    අපේ ගමේ වෙල් එලියට පායන හඳ
    පෝය දාට බෝ මලුවට පායන හඳ.