සබකෝලයද ??? එහෙනම් කියවන්න

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සබකෝලයද ??? එහෙනම් කියවන්න

    අයේෂා මේ සැරෙ උදේ රැස්වීමට පංතිය වෙනූවෙන් කතාවක් පවත්වන්න ඕන. මම හෙට උදේට මාතෘකාවයි කරුණූයි දෙන්නම්." පංති භාර ටීචර් කිව්වා.

    මේ ප්‍රකාශයත් සමග අයේෂා ටිකක් කලබල වූණා. දවස් ඉක්මනින් ගෙවිලා



    රැස්වීම පවත්වන දවස උදාවූණා. ශබ්ද විකාශන යන්ත්‍රය හරහා අයේෂා ගේ නම දෙතුන් වරක් කියවූණත් ඔහූ ඉදිරියට ආවේ නැහැ. පස්සේ කවූරුත් තේරුම් ගත්තා අයේෂා පාසලට පැමිණ නැති බව. පස්සෙයි ටීචර් දැන ගත්තේ අයේෂා දකෂ ළමයෙක් වූණත් කතාව පවත්වන්න බයේ එදා ඉස්කෝලේ නොපැමිණි බව.



    මෙවැනි සිද්ධි සමාජය තුළ බහූලව දකින්නටත් අසන්නටත් ලැබෙනවා. විශේෂයෙන් පිරිසක් ඉදිරියේ කතා කරන්න. කවියක්, සිංදුවක් ගායනා කරන්න වගේ සමාජයේ ප්‍රසිද්ධ ස්ථානයක තනිව හෝ නායකත්වය ගෙන කටයූතු කරන්න පාසල් වයසේ දරු දැරියන් වගේම වැඩිහිටි තත්ත්වයට පත්වූ ඇතැම් පූද්ගලයන් පවා බයවෙනවා. මෙලෙස ඇති කරගන්නා අනිසි බය හෙවත් භීතිකාව රෝගී තත්ත්වයක්. මනෝ විද්‍යාවේ මෙය සමාජ භීතිකාව ලෙස හඳුන්වනවා.



    සමාජ භීතිකාවේදී වෙන්නේ, පිරිසක් මැද කටයූතු කරන්න අපහසූයි. සමහර අයට ආපන ශාලාවක පිරිසක් මැද ඉඳගෙන කෑම කන්න බැහැ. පිරිසක් ඉන්න තැන පාඩම් කරන්න බැහැ. පූස්තකාලයට ගිහිල්ලා පොත්, පත්තර බලන්න බැහැ. මෙහි පොදු තත්ත්වය තමයි, ඔවූන් පිරිසක් මැද යමක් කිරීමට අනිසි බියක් දැක්වීම. මේ අපහසූතාව එන්නේ එවන් පූද්ගලයන් හිතනවා, අනෙක් අය තමා දෙස විවේචනාත්මකව බලනවා කියල.



    එවැනි අය හිතන්නේ අනෙක් පිරිස තමා දෙස බලන්නේ අඩූවක්, පාඩූවක් සොයන්න. තමන්ට වරදින තැනක් සොයන්න කියලයි. මෙය හැඟීමක් විදියට හඳුන්වන්න පූළුවනි. මේ සිතුවිල්ල එහෙමත් නැත්නම් හැඟීම හරහා තැති ගැනීමක් ඇතිවෙනවා. මේ තත්ත්වය හරහා තමා ගැන තියෙන ආත්ම විශ්වාසය, අභිමානය, ආත්ම ශක්තිය අඩූ වෙනවා. ඒ නිසා ඉහත කාරණා මඟ ඇරලා කටයූතු කරන්න උත්සාහ ගන්නවා.



    උදාහරණයක් විදියට අපි හිතමූ හෙට කෙනෙකුට සභාවක කතා කරන්න තියෙනවා කියල. ඒ ගැන හිතලා හිතලා තැවි, තැවී අපහසූතාවයට පත්වෙනවා. මේ අපහසූතාවය උච්ච වෙලා එම පූද්ගලයා එයින් පලායන්න පූළුවනි.



    සමාජ භීතිකාව ආරම්භ වෙන්නේ යොවූන් වයසේදී. අපි දන්නවා යොවූන් වියේදී තමයි, කෙනෙකුට ඇසූර කියන දෙය අවශ්‍ය වෙන්නේ. මෙම තත්ත්වය ගැහැනූ ළමයි, පිරිමි ළමයි, දෙගොල්ලන්ටම එක හා සමානව බලපානවා.



    මෙවැනි යොවූන් පිරිස පෞරුෂ වර්ධනය වැඩසටහන්වලට යොමූ වෙනවා. ඒ හරහා යම්කිසි අවස්ථාවක් ලැබෙනවා පිරිසක් සමග කටයූතු කරන්න, තමන් තුළ තියෙන බිය, චකිතය නැති කරගන්න. තවත් කෙනෙක් තමාගේ අඩූපාඩූ දකීවි කියන සිතුවිල්ල ඉවත් කරගන්නයි එවැනි පූද්ගලයන් පෙළඹවිය යූත්තේ.



    සමාජ භීතිකාව තියෙන පූද්ගලයන් ලබන සාර්ථකම විසඳුම වෙන්නේ සමාජයේදී තමා බියට පත්වන ක්‍රියාකාරකම් නැවත නැවතත් කිරීමට පෙළඹීමයි. පෞරුෂ වර්ධන වැඩසටහන්වලදී එකම සිතිවිලි තියෙන පිරිසක් එකතුවන නිසා තමන්ට කවූරුවත් හිනාවෙයි, අඩූපාඩූ දකියි කියල හිතන්නේ නැහැ.



    සමාජ භීතිකාව කියන ව්‍යාධි තත්ත්වයට ගෙදර පරිසරයත් බලපාන්න පූළුවනි. ගෙදරදී දරුවන්ට ඇසූරු කරන්න පිරිස අඩූනම්, නිවසේ පොදු ක්‍රියාකාරකම්වලට හවූල් නොවනවා නම් නිවසේ පිරිස එහෙමත් නැත්නම් ඥාතීන් ඉදිරියේ හෝ යම් කිසි දේවල් ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැත්නම් ඔවූන් යොවූන් වියට පත්වීමේදී සමාජ භීතිකාවෙන් පෙළෙන්න පූළුවනි.



    අනෙක් කාරණාව තමයි, පාසලේදී පවා දරුවන් ඉදිරිපත් කිරීම්වලට යොමූ නොකර ගැනීම. මෙවැනි කුලෑටි දරුවන් යොවූන් වියට පැමිණ සමාජ ගතවීමේදී සමාජ භීතිකාවකින් පෙළෙන්න පූළුවනි.



    මෙතනදී දෙමාපියන් වශයෙන් කළ යූතුම දෙය තමයි තමන්ගේ දරුවන්ට නිවසේදීත්, පාසලේදීත්, දහම් පාසල වගේම පොදු වැඩ කටයූතුවලදීත් සහභාගීත්වයක් ලබාදීම. ගෙදරට එන අමූත්තන්ව පිළිගන්න, සංග්‍රහ කරන්න, කතා කරන්න අවස්ථාව පූංචි කාලේ ඉඳලම ලබාදීම. ඒ වගේම අසල්වාසීන්, පංතියේ යහළුවන්, ආශ්‍රය කරන්න අවස්ථාව ලබාදෙන්න ඕන. වගකීම් අරගෙන කටයූතු කරන්න දරුවන් කුඩා කාලේ ඉඳලා පූරුදු පූහූණූවීමෙන් යම් දවසක ඔවූන් සමාජය තුළදී බයෙන් චකිතයෙන් වැඩ කිරීමෙන් වළකිනවා වගේම නිරායාසයෙන් හූරුව ලැබෙනවා.




    තවත් එකක්.........සමාජ භීතිකාව දෙවනි වනුයේ මරණ බියට පමණි...
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    බණ කියන එක නවත්තලා උස්සපු තැන දාපන් බැල්ලියේ


     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බණ කියන එක නවත්තලා උස්සපු තැන දාපන් බැල්ලියේ


    බැ*ලිගෙ පුතො තොගෙ අම්ම එවපන් රෙදි නැතුව ...දාපු තැන නෙවෙයි තැන් තුනම පෙන්නන්ම්...යකො මෙලෝ දෙයක් දාන් නැති හරක්ට තමයි දාන එකෙ වැරදි පේන්නෙ
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    හොදයි මච0.....
    11.gif
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0

    උබට ගත්ත තැන මොකටද?? නඩු දාන්නද?

    උඹේ නම් සබකෝලයක් ගෑවිලාවත් නැහැ! එළිපිටම අනිත් උන්ගේ ලිපි උස්සලා රෙප් ඉල්ලනවා