සබන් මිල වැඩිවුනාද.. .

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මෙරට වෙළඳ ඉතිහාසයේ පළමු වරට සබන් වල මිල ගණන් ඉහළම අගයක් ගෙන ඇති බවට ප්‍රධාන ජාලයේ මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර තිබුනා.

    අප මේ සම්බන්ධයෙන් මෙරට සබන් ආශ්‍රිත නිෂ්පාදන කරන ප්‍රමුඛ සමාගමක පාරිභෝගික අංශයෙන් කළ විමසීමකදී ඔහුන් සඳහන් කලේ සබන් කැටයක කිසිදු මිල වැඩි කිරිමක් තම සමාගම සිදු නොකර ඇති බවත් එසේ වැඩි කිරීමක් සිදු කළහොත් තම වෙබ් අඩවියේ එය වාර්තා කරන බවයි.

    එමෙන්ම පාරිභෝගික අධිකාරියේ ඉහළ නිලධාරිනියක් එකී සමාගමේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ මිල ගණන් වැඩිවීමක් සිදුව ඇති බවයි.

    මෙලස මිල ගණන් වැඩිවීමට හේතුව වී ඇත්තේ ඩොලරය ඉහල යාමත් සමඟ සබන් සැදීමට ගන්නා අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහල යාම බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ .

    ඒම වාර්තා වලට අනුව මෙම සමාගමට අයත් සබන් නිෂ්පාදන වන රෙදි සෝදන සබන් කැටයක් රු. 135ක් ලෙසත් බේබි සබන් කැටයක් 175ක් ලෙසටත් විෂබීජ නාෂක සබන් කැටයක් 145ක් යන මිල ගණන් යටතේ අලෙවි වන බවටයි වාර්තා වන්නේ

    source: https://www.utvnews.lk/212838/
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්සර හිටපු මිනිස්සු නෑවේ සබන් ගාලද?? මළ විකාර 😁😁 සුදු හදුන් කෝමාරිකා වෙනිවැල් ගැට වගේ ඒවා ගාලා නාපල්ලා. නන්දෙ මිනිස්සුන්ට කන්නයි හු@# යි විතරක් නෙවෙයි නාන්නත් නැතිකරා. හැබැයි උබලටත් එක්කම මිනිහා දවස ගානේ නානවා 😁
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ada foodcity eke saban eka eka ganan, detol samahara eva 78i thaw eva 88i :baffled: