Hancok!
මේ නූල අතරින්පතර කියවං යද්දි මට තේරුනා උඹ තාම Campus ගිහින් නැති A/L මානසිකත්වය බේරෙන බච්ච කොල්ලෙක් කියලා..තාම හරියට තමං තේරුණු Campus එකවත් දන්නැති,ඒත් මොරටුවෙ Elec කරන එකෙක්නෙ උඹ.GPAත් අහල තිබ්බෙ.උබ මොරටු Select උනොත් ඒ උඹේ බලාපොරොත්තුව ඉටුවේවා!ඒ උනාට උඹ හරියට අර O/L A- 10ක් අරං,Island first talk දෙන සිරාම බච්චෙකුටත් හපන් කියල දැන ගනිං.Engineering යන ඔක්කොටෝම Elec කරන්ට හම්බෙන්නෙත්නෑ,එහෙම කිරීමේ ආසාවකුත් නෑ.එතකොට උබ හිතං ඉන්නෙ අනෙක් Engineering students ලා (pera ,Ruhunu Elec set එක ඇතුළුව) මොරටුවෙ Elec department එක දිහාව බලං හූල්ල හූල්ල ඉන්නවා කියලද? එතකොට Mechanical,Computer,Chemical,Civil,Material,Production field වල වැඩ කරන්නෙ කවුද?ලංකාවෙ රජයේ Campus වල Engineering Faculty (Moratu,Pera,Ruhunu)ඔක්කොම එකම වගේ.ඉහල Rank වැඩිහරයක් moratu ඉල්ලන trend එක තිබ්බට Standard එකයි. .හැම Feild එකම එක ගානට සැරයි.ඒකයි හැමෝටම Bsc.Eng දෙන්නේ.හොද ඉන්ජෙක් වෙන්ට මීටරේ විතරක් තිබිල මදි.මහන්සි වෙන්ට වෙනවා..සමහර විට තමං පට්ට මීටරයක්,මට වඩා ඩයල් ආය නෑ කියන හැගීමම ඇති මහන්සි නොවී ඉඳල කෙලවෙලා යන්ට. උබ හිතං ඉන්නෙ Art,Commerce, කරපු එවුං පාඩං කරල Bio පාස්උනු maths නොකරපු Docaල ඉන්ජොන්ට දණ ගහල වැඳල හූල්ල හූල්ල ඉන්ට ඕනෙ කියලද?තමං ගත්ත උපාදියෙන් මිනිස්සු මනින්ට පුළුවං කියලද උඹ හිතන්නේ? අන්තිමට මොන රෙද්ද කරත් මිනිස්සු මැරෙනවා.අපේ Batch එකේ 4 මැරුණා අවුරුදු 4ට.එකෙකුට Accedent වෙලා අංශබාගේ හැදුනා, එකෙකුට Glucoma හැදුනා .ඒත් අපි කොහොමහරි set වෙලා උන්ව යන්තං හරි සනීප කරල ඉන්ජො කරා.මට තේරෙන විදිහට ලෝකයේ උතුම්ම රැකියා 2,හෙද රැකියාවයි,ගුරු වෘත්තියයි.ඉන්ජා ලගවත් නෑ බං…
ඔය කියන විදිහට උඹ මොරටුවෙ select වෙන්නැති උනොත් ,රුහුණෙ යන්නෑනෙ එහෙ Select උනත්,හැබැයි පුතෝ Pera අහු උනොත් තමා අවුල..මොකද එහෙ,ආටො,සයනො,මෙඩ්ඩො,AHS,Manegement,Agro ඔක්කොම ඉන්නවා .. උඹ රුහුණෙ civil වත් ගනං ගන්නැති එකේ සයනො,ආටො ගැන කවර කතාද? උඹ ඩයල් එක කියලා එද්දි උඹට දණ ගහල වැඳල ඉන්දන්ට සිංහාසන එහෙ නෑ.උඹ එක campus කොල්ලෙක් විතරයි.එහෙ අල,වාත,බොන,මල්ගහන,තල,මට්ට,ඇති,නැති,බඩුගහන,නාහෙට අහන්නැති උන් වගේම උපෝසත සිල් රකින,ඕනම ධර්ම කරුණක් දන්න මල් වගේ අහිංසකයොත් එකට ඉන්න තැනක්.ඒක හින්ද UGC එකට වැඳල හරි මොරටුව ඉල්ල ගනිං.
මේව ලිව්වෙ අත කහනවට,හිතේ කහටක් තියා ගන්ට එපා ඩෝ. අනිවාර්යයෙන් උබෙ ඔය දැන් තියෙන උද්යෝගය දිගටම තියාගනිං.අවුරුදු 4 ක් ඒක තියාගන්න එක තමා අමාරුම.ඒකට තමං කැමති Field එක තෝරගන්ට ඕනෙ. Exam ගොඩ දාන්ට නෙවෙයි හරියට ඉගෙන ගනිං.Engineering degree එකේ Exam ගොඩයි..වැදගත්ම දේ Exam එකක් කෙල උනාම ඊලග එක එලට කරන්න Moral up කරගන්න එක.උබ මහන්සිවෙලා නිහතමානී හොඳ ඉංජෙක් වෙයං!(ඒත් මට හිතෙන්නෙම උඹ කලනයවත් දන්නැති,පරිවර්තනයක් දැක්කම චූ යන,නිව්ටන් නියම තාම කටපාඩම් කරන සූටිම,සූටි කොල්ලෙක් කියල..එහෙම නැතිව ඇති,නැත්තං අපරාදෙ මේ type කරපුව)මම Lord නෙවෙයි හරිද. මගේ අත්දැකීම් අනුව ලිව්වෙ. ඒත් දැන් උඹ මේටික බල්ලට දායි.උඹට වැරදුන දාට මෙතනත් පොඩ්ඩක් බලපං.උඹටම තේරෙයි අවුරුදු 4 යනකොට..ඒක නෙවෙයි පේරා පලයං..ආතල් බං.[/SIZE]