සබ්මැරීන ගිල්වමු

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සබ්මැරීන ගිල්වමු

    SQjy2CJ.jpg

    2017 අප්‍රේල් මාසයේ අගදී උතුරු කොරියාව ඇමෙරිකා එක්සත් ජනපදය නම් තනි ලෝක බලවතාට තවත් අනතුරු ඇඟවීමක් සිදුකලේය.ඒ ඇමෙරිකානු නාවික හමුදාව දියත් කල යූ එස් එස් මිචිගන් නම් න්‍යෂ්ඨික සබ්මැරීනය ගිල්වා දමන බවයි.උතුරු කොරියානු රජයේ පාලනය යටතේ තිබෙන යූරිමින්සොකිරි නම් පුවත් වෙබ් අඩවියේ ඔස්සේ මෙම අනතුරු ඇගවීම සිදුකර තිබිණි.මීට පෙර ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන කාල් වින්සන් නෞකාව ගිල්වා දමන බවට උතුරු කොරියාව තර්ජනය කර තිබිණි.

    mUZ2KHP.jpg
    යූ එස් එස් මිචිනගන් සබ්මැරීනය දකුණු කොරියාවේ බූසාන් වරායේ​

    2017 අප්‍රේල් මස 30 දා යූරිමින්සොකිරි පුවත් වෙබ් අඩවියේ "යූ එස් එස් මිචිගන් සබ්මැරීනයට අඩුම තරමින් ජලය මතුපිටට වත් එන්නට ලැබෙන්නේ නැත.එයට අභාග්‍ය සම්පන්න අවසානයක් ලැබී දියයට හොල්මනක් වන්නට සිදුවේවි" යනුවෙන් සඳහන් කර තිබිණි.

    MFJanAy.jpg
    දකුණු කොරියාවේ තඩ් ප්‍රති-මිසයිල පද්ධතියක් ස්ථානගත කරන අයුරු​

    ඒ අතර දකුණු කොරියාවේ ආරක්ෂාවට යැ‍යි කියමින් එරට ස්ථානගත කල තඩ් නම් ප්‍රති-මිසයිල පද්ධතිය වෙනුවෙන් ඇ.ඩො.බිලියන 1ක මුදලක් දකුණු කොරියාව විසින් ඇමෙරිකාවට ගෙවිය යුතුබව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.මෙම මිසයිල ආරක්ෂණ පද්ධති දකුණු කොරියාව තුල ස්ථානගත කිරීම ඔස්සේ චීනය කෝපයට පත්ව තිබේ.මන්ද මෙම ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධති චීනයේ හැකියාව ඉක්මවා යෑමත් ඒ හරහා චීනය අනාරක්ෂිත වීමත් යන කරුණු නිසාය.සමහර පිරිස් කියා සිටින්නේ ඇමෙරිකාව තඩ් මිසයිල ආරක්ෂණ පද්ධති කොරියානු අර්ධද්විපයේ ස්ථාන ගත කලේ චීනයට සහ රුසියාවට කරන අනතුරු ඇඟවීමක් ලෙස බවයි.කෙසේවෙතත් මේ මිසයිල ආරක්ෂණ පද්ධතිවලට දකුණු කොරියාවෙන්ම විරෝධය පළවී තිබේ.මෙම ක්‍රියාමාර්ගය නිසා කෝපයෙන් පසුවන චීනය එරට ක්‍රියාත්මක දකුණු කොරියානු ව්‍යාපාරවලට සම්බාධක පනවා ඇතැයිද වාර්තා වේ.

    NH7AKRG.jpg

    2017 අප්‍රේල් මස 26දා ඇමෙරිකාව සතු වඩාත් බලගතුම සබ්මැරීනයක් වන ඔහියෝ පන්තියේ යූ එස් එස් මිචිගන් සබ්මැරීනය දකුණු කොරියාවේ බූසාන් වරායට සේන්දු විය.මෙම සබ්මැරීනයට කෲස් මිසයිල 100කට වඩා රැගෙන යා හැකි අතර සතුරු ගුවන් ආරක්ෂණ පද්ධති මුලිනුපුටා දැමීමට එම මිසයිල යොදාගත හැකිය.1982 වර්ෂයේදී අධිකාරීත්වයට පත් කල මිචිගන් සබ්මැරීන ඔහියෝ පන්තියේ සබ්මැරීන 18න් එකකි.මෙය නිර්මාණය කලේ යම් ආකාරයකින් ශීතල යුද සමයේ සෝවියට් දේශය හදිසියේ න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කල හොත් මුහුද යට සිට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හැකි අයුරින්ය.

    M1fQhRi.jpg

    සීතල යුද්ධය 1991 වර්ෂයේදී අවසන් වීමත් සමග ඔහියෝ පන්තියේ සබ්මැරීන ගණන 14 දක්වා අඩු කල බව සඳහන් වේ.ඉන්පසුව මිචිගන් ඇතුලුව සබ්මැරීන 4ක් ටොමහොක් සාම්ප්‍රදායික ගොඩබිම් ප්‍රහාරක කෲස් මිසයිල ගෙන යා හැකි අයුරින් වෙනස් කරන ලදි.ඊට පෙර ඒවා සැලසුම් කර තිබුණේ ට්‍රයිඩන්ට් 2ඩී-5 න්‍යෂ්ඨික බැලස්ටික් මිසයිල රැගෙන යා හැකි පරිදිය.එතැන් පටන් එම ඔහියෝ පන්තියේ සබ්මැරීන 4 ගොඩබිම් ප්‍රහාරක කෲස් මිසයිල 154ක් රැගෙන කි.මී.900 දුර ගමන් කල හැකි ඒවා බවට පරිවර්තනය විය.එක් මිසයිලයක් රාත්තල් 1000ක් බර පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන අතර ඒවා ගෝලීය පිහිටුම් පද්ධතිය ඔස්සේ ඉලක්ක ලබාගනියි.

    AUEYsR8.png
    නාවික හමුදාවේ සීල් සෙබලුන් රහසිගත මෙහෙයුම් සිදුකිරීමට යොදාගන්නා කුරුමිටි සබ්මැරීනය රැදවන ස්ථානය-යූ එස් එස් මිචිගන් සබ්මැරීනය​

    යම් හෙයකින් ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට පහරදෙන්නට තීරණය කල හොත් පළමු ප්‍රහාර පෙළට යූ එස් එස් මිචිගන් සබ්මැරීනය සහභාගී වේවි.පොළොවට ආසන්නයෙන් සෙමින් පියාසර කරමින් රේඩාර් වලට හසුනොවිම ගමන් කරන ටොමහොක් මිසයිල වලට තද ආරක්ෂාවක් සහිත ඉලක්ක පවා නියමුවෙක් අහිමි කර නොගෙන විනාශ කල හැකිය.ටොමහොක් මිසයිල යොදාගෙන හමුදා මූලස්ථාන,ගුවන් ආරක්ෂණ රේඩාර්,මිසයිල දියත් කරන ස්ථාන සහ ගුවන් කඳවුරු විනාශ කල හැකිය.ඒ ඔස්සේ දෙවන ප්‍රහාර පෙළ දියත් කරන මිනිසුන් සහිත ප්‍රහාරක යානාවලට ආරක්ෂාව තහවුරු වන අතර ඔවුන්ගේ කාර්යය බාධාවකින් තොරව සිදුකල හැකිවේ.උතුරු කොරියාවේ ගුවන් ආරක්ෂණ පද්ධති බොහොමයක් පැරණි යල්පැන ගිය ඒවා බවත් ඉහළ උසකින් පියාසර කිරීමෙන් ඉලක්ක බවට පත්වීමෙන් වැළකි සිටිය හැකිබවත් සඳහන් වේ.නමුත් සමහර පද්ධති,එනම් KN-06 දිගුදුර ගොඩබිම්-ගුවන් මිසයිලයට එක්සත් ජනපද ගුවන් යානා බිම හෙළීමේ හැකියාව තිබේ.

    Pq8kY4w.png


    මෙහි දැක්වෙන්නේ මිචිගන් සබ්මැරීනයේ සහෝදර යූඑස් එස් ෆ්ලොරිඩා සබ්මැරීනය ටොමහොක් මිසයිල දෙකක් දියත් කරන අයුරුය.




    නාවික ගැටුමකට මැදිහත් වුවහොත් සබ්මැරීනයකට ඛේදනජනක අවසානයක් ලගා කල හැකි අවි කිහිපයක් පහත දක්වා තිබේ.


    එෆ්21 අධිබරැති ටෝර්පිඩෝව

    F21 යනු ප්‍රංශ නාවික හමුදාව භාවිතා කරන අලුත්ම ටෝර්පිඩෝවකි.ඊට පැයකදී නාවික සැතපුම් 25-50 අතර වේගයකින් ගමන් කල හැකිය.අවම ශබ්දයක් නිකුත් කරන විදුලි මෝටරයකින් මෙම ටෝර්පිඩෝව බලගැන්වෙන නිසා සතුරන්ට අසුවන්නට පෙර තම ඉලක්කය සපුරාගැනීමට ඊට හැකිය.






    එම්කේ.54 සැහැල්ලු ටෝර්පිඩෝව

    එක්සත් ජනපදය සහ මිත්‍ර පාර්ශ්වික රටවල් භාවිතා කරන හොඳම සැහැල්ලු ටෝර්පිඩෝවලින් එකක් වන්නේ එම්කේ.54යි.රාත්තල් 96ක අවි ශීර්ෂයක් ගෙන යන මෙම ටෝර්පිඩෝව නාවික සැතපුම් 40ක දුරක සිට දියත් කල හැකිය.තවද නෞකා,හෙලිකොප්ටර් සහ ගුවන් යානා යොදාගෙන එම්කේ.54 ටෝර්පිඩෝව දියත් කල හැකිය.

    Opa6ovW.jpg





    වැඩිදියුණු කල Shkval මිසයිලය

    මෙය ටෝර්පිඩෝවක් ලෙස ජලයේ ගමන් කර නමුත් මිසයිලයක් හෝ රොකට්ටුවක් ලෙසද සඳහන් කරන අවියකි.මෙහි තිබෙන විශේෂත්වය නිසා අවම ඝර්ෂණයක් සහිතව පැයට සැතපුම් 230 පමණ වේගයකින් ගමන් කිරීමට හැකියාව ලැබී ඇත.එය සතු රාත්තල් 463ක අවි ශීර්ෂය සතුරු සබ්මැරීන සහ ටෝර්පිඩෝ වැනසීමට යොදා ගැනේ.බටහිර රටවල කියන පරිදි මෙම අවිය දියත් කරන සබ්මැරීනයටද දියත් කිරීම ඔස්සේ හානිවිය හැකිය.

    LYLgB2v.jpg





    ආර්යූඑම්-139/ආර්යූආර්-5 ප්‍රති-සබ්මැරීන රොකට්ටු

    නෞකාවලින් ගුවන්ගත කරන මෙම සබ්මැරීන නාශක රොකට්ටු ජලය තුලට පිවිසි විට ඉන් ටෝර්පිඩෝවක් මුදා හරියි.එමගින් සතුරු සබ්මැරීනයේ ආසන්නයටම ගොස් සතුරාට ප්‍රතිචාර දක්වන්නට තිබෙන කාලය අවම කර පහරදීම කල හැකිය.තවද නෞකාවටද ආරක්ෂිත සීමාවක සිට රොකට්ටුව දියත් කිරීමට ඉඩ ලැබේ.දැනට එක්සත් ජනපද නාවික හමුදාව ප්‍රති-සබ්මැරීන රොකට්ටු ඔස්සේ ගෙන යන්නේ එම්කේ 54 ටෝර්පිඩෝය.

    L6Q5igy.jpg





    ප්‍රති-සබ්මැරීන මෝටාර්

    ප්‍රති-සබ්මැරීන මෝටාර් සහ ග්‍රෙනේඩ් යනු ප්‍රති-සබ්මැරීන සංග්‍රාමයේ ෂොට්ගන්ය.එකවර උණ්ඩවට දුසිම් කිහිපයක් නිකුත් කරන්නට ඒවාට පුලුවනි.ඒවා මුහුදට පතිත වී කිදා බසින අතර සබ්මැරීනයේ බදේ ගැටුණු වහාම මෝටාරය හෝ ග්‍රෙනේඩය පිපිරී යයි.කෙටි දුර සටන් වලදී මේවා මාරාන්තික අවි වේ.නමුත් දිගු දුර සටනකදී සතුරු සබ්මැරීන වලට මිසයිල සහ ටෝර්පිඩෝ ප්‍රහාර වලක්වන්නට ඒවාහි ප්‍රහාරක පරාසය ප්‍රමාණවත් නොවේ.






    එම්කේ 45 සහ ටී-5 න්‍යෂ්ඨික ටෝර්පිඩෝ

    සීතල යුද සමයේදී ඇමෙරිකාව සහ සෝවියට් දේශය න්‍යෂ්ඨික ටෝර්පිඩෝ නිපදවන ලදි.වර්තමානයේදී මේවා සේවයේ නොමැති වුවද සබ්මැරීන වැනසීමේදී අතිශය ඵලදායි අවි ලෙස හැඳින්විය හැකිය.නමුත් මෙම ටෝර්පිඩෝ දියත් කිරීමේදී සබ්මැරීනයටද හානිවන නිසා ඒවා විශිෂ්ඨ ගණයේ අවි නොවේ.පහත වීඩියෝවේ දැක්වෙන ටී-5 නම් රුසියානු ටෝර්පිඩෝව කිලෝ ටොන් 3.5ක විනාශයක් කල හැකි න්‍යෂ්ඨික අවියක් රැගෙන ගිය බව කියවේ.එක්සත් ජනපදයේ එම්කේ 45 ටෝර්පිඩෝවට කිලෝ ටොන් 11ක විනාශයක් කල හැකි න්‍යෂ්ඨික අවියක් ගෙන යා හැකිව තිබිණි.ටෝර්පිඩෝව පුපුරවා හරින්නේ දියත් කරන සබ්මැරීනයත් ටෝර්පිඩෝවත් අතර තිබෙන වයරයෙනි.




    Source:popularmechanics.com,businessinsider.com

    -HarshaLulzsec-
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    න්‍යශ්ටික අවි, ලෝක දේශපාලනේ.රුසියාව ඈමෙරිකාව..රහස් ඔත්තු සේවා මම ඉස්සර ඉදන් ආස මාතෘකා..ඔය වගේ දේවල් වලට සම්බන්ද වෙන්න තිබ්බා නම් පට්ට... ඒත් එදා වේල හොයාගන්න..ඉන්දියාවට ඕනේ විදිහට වෑඩ කරන අපේ වගෙ රට වලට මොන නය්ශ්ටික අවිද..හෑමදාම වගේ හොද ලිපියක්