සබ්මැරීන දඩයම-2
මේ දිග හැරෙන්නේ සබ්මැරීන දඩයම ලිපි පෙලේ දෙවන ලිපියයි.සබ්මැරීනවලට එරෙහි සංග්‍රාමයකදී පළමුව දැන ගත යුත්තේ ඔබේ සතුරා කුමන ආකාරයේ සබ්මැරීනයක්ද යන්නයි.දැනට ලොව පුරා භාවිත වන සබ්මැරීන දෙවර්ගයක් තිබේ.එනම් ඩීසල්-විදුලි සබ්මැරීන සහ න්‍යෂ්ඨික සබ්මැරීනයි.මෙම කොටසින් ඩීසල්- විදුලි සබ්මැරීන සම්බන්ධව සංක්ෂිප්ත විස්තරයක් ගෙන එනු ඇත.
ඩීසල්-විදුලි සබ්මැරීන යන නමින් කියවෙන පරිදි ඒවා ඩීසල් සහ විදුලිය යන දෙකෙන්ම ක්‍රියාත්මක වේ.ඒවාහි ඩීසල් ජෙනරේටරයකින් ආරෝපණය වන බැටරි විශාල ප්‍රමාණයක් තිබේ.මෙම සබ්මැරීනවලට තම බැටරි ආරෝපණය කරගැනීමට ජලය මතුපිටට පැමිණිය යුතුය.ඩීසල්-විදුලි සබ්මැරීන ජලය මතුපිටින් හෝ ආසන්නයෙන් ගමන් කරද්දී සිය ඩීසල් ජෙනරේටරය ක්‍රියාත්මක කරයි(ජලය මතුපිටට එන්නේ ඩීසල් ජෙනරේටරය වාතය නොමැතිව ක්‍රියාත්මක කල නොහැකි නිසාය.වාතය ලබාගන්න snorkel නම් උපකරණයක් ඒවා සතුව ඇත ).ඩීසල් ජෙනරේටරය ක්‍රියාත්මක කරවා බැටරි ආරෝපණය කර ගැනීමෙන් පසුව ඔවුන්ට සාගරයේ ගැඹුරට ගමන් කර සිය බැටරි බලයෙන් ,ඩීසල් ජෙනරේටර් අක්‍රීය කර නිශ්ශබ්දව යාත්‍රා කල හැකිය. දින කිහිපයක් බැටරි බලයෙන් ක්‍රියා කල පසු යළි බැටරිවල බලය අඩුවී යන අතර සුපුරුදු පරිදි සබ්මැරීනයට ජලය මතුපිටට පැමිණ ඒවා ආරෝපණය කරගැනීමට සිදුවේ.ඩිසල්-විදුලි සබ්මැරීන SSK (Sub Surface Killer)/diesels නමින්ද හඳුන්වයි.
Kilo class සබ්මැරීනයක් හුස්ම ගන්නා අයුරු(snorkel උපකරණය ජලය මතුපිට පෙනෙන්නට තිබේ)
මුල් කාලයේදී ඩීසල්-විදුලි සබ්මැරීන මහත් ශබ්දයක් ඇතිකරන සහ සෙමින් ගමන් කරන ඒවා විය.නමුත් නූතන ඩීසල්-විදුලි සබ්මැරීන සතුව ශබ්දය කපා හැරිය හැකි පද්ධති තිබේ.වැඩිදියුණු කල සැලසුම් සහිතව පැමිණි පසුකාලීන ඩීසල්-විදුලි සබ්මැරීන වෙරළබඩ මුහුදු ප්‍රදේශවල සංග්‍රාමයන්හිදී මාරාන්තික සතුරෙක් වීමට හැකිව තිබෙන්නේ ඒවාට සිය ජෙනරේටර් අක්‍රීය කර කිසිදු ශබ්දයක් උත්පාදනය නොවන අයුරින් ගමන් කල හැකිවීම නිසාය.සතුරුන්ට හසුනොවන ලෙස මැරුණා සමානව සාගර පත්ලේ රැඳී සිටීමට ඒවාට හැකිය.නූතන තාක්ෂණයක් වන Air Independent Propulsion System භාවිතා කරන ඩීසල් සබ්මැරීන වලට සතියක පමණ කාලයක් ජලය යටම ගත කල හැකිය.නමුත් සාමාන්‍ය ඩීසල්-විදුලි සබ්මැරීන එනම් ඉහත කී තාක්ෂණය රහිතව ජලය යට ගත කල හැක්කේ දින 1-2කාලයක් පමණි.සාමාන්‍යය ඩීසල්-විදුලි සබ්මැරීනයකට මීටර් 150-300 පමණ ගැඹුරකට කිමිදීමට පුලුවනි.ඒවාහි ජලය යටදී නාවුක සැතපුම් 15-20 වේගයකින් ගමන් කරයි.
මෙය න්‍යෂ්ඨික නොවන සබ්මැරීනවලට වායුගෝලීය ඔක්සිජන් ලබාගැනීමකින් තොරව(වාතය ලබාගැනීමට ජලය මතුපිටට පැමිණීම හෝ snorkel නම් උපකරණය ජලය මතුපිටට ගෙන ආයුතුවේ)ක්‍රියාත්මක වීමට හැකි ප්රචාලන තාක්ෂණයකි.මෙම ප්රචාලන පද්ධතිය ඩීසල්-විදුලි ප්රචාලන පද්ධතිය වෙනුවට භාවිතා කල හැකිය.
නූතන නාවික හමුදාවන් දැන් න්‍යෂ්ඨික සබ්මැරීනවලට දිශානත වීමට පටන් ගෙන තිබුණද රුසියාව,චීනය සහ ඉන්දියාව ආදී රටවල නාවික හමුදා තවමත් විශාල ඩීසල්-විදුලි සබ්මැරීන ප්‍රමාණයක් නඩත්තු කරනු ලැබේ.මේවා මගින් ලබාදෙන වාසි න්‍යෂ්ඨික සබ්මැරීනයකින් ලබාගත නොහැකිය.ඩීසල්-විදුලි සබ්මැරීන ලාභදායි මෙන්ම කුඩා නාවික හමුදාවකට වුවද ඒවා පරිහරණය කිරීමේ හැකියාව තිබේ.නූතන ඩීසල්-විදුලි සබ්මැරීනවලට උදාහරණ වන්නේ ype 212,වැඩිදියුණු කල Kilo class,Scorpene,Soryu ආදී පන්තිවල සබ්මැරීනයි.Type 212 සබ්මැරීනය මේ අතරින් වඩාත්ම ප්‍රසිද්ධතම සබ්මැරීනය වන්නේ ඒවා ප්‍රමාණයෙන් ඉතා කුඩා සහ නිශ්ශබ්ද නිසාය.ඒවාහි 30දෙනෙකුට ගමන් කල හැකිය.වැඩිදියුණු කල Kilo class සබ්මැරීන යනු ඉතාම නිශ්ශබ්ද සහ අමතර වෙඩි බලයක් සහිත සබ්මැරීන පන්තියකි.ඊට කි.මී. 300 දුරට නෞකා නාශක මිසයිල දියත් කිරීමට පුලුවනි.Soryu යනු සාපේක්ෂව විශාල සහ ගමන් කල හැකි දුර ප්‍රමාණයද වැඩි සබ්මැරීන පන්තියකි.කෙසේවෙතත් ඩීසල්-විදුලි සබ්මැරීනවල අවාසිද තිබේ.
නූතන ඩීසල්-විදුලි සබ්මැරීන යනු අතිශය නිහඬ සහ AIP තාක්ෂණය සහිතව සතියක පමණ කාලයක් ජලය මතුපිටට නොපැමිණ යාත්‍රා කල හැකි සබ්මැරීන වර්ගයක් බව දැන් ඔබට පැහැදිලි ඇති.ඒවාට කෲස් මිසයිල සහ ටෝර්පිඩෝ ප්‍රහාර දියත් කිරීමට තිබෙන හැකියාවත් සමග දැන් ඒවා විශේෂයෙන් නොගැඹුරු මුහුදේ සංග්රාම වලදී මාරක අවියක් බවත් පත්ව තිබේ.සංග්‍රාමයක මුල් අවස්ථාවේදිම මෙම සබ්මැරීන අනාවරණය කරගැනීම සහ විනාශ කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වන්නේ ඒ නිසාය.ඊළඟ කොටසින් න්‍යෂ්ඨික සබ්මැරීන ගැන කතා කරමු.
Source:defencyclopedia.com
-HarshaLulzSec-

ඩීසල්-විදුලි සබ්මැරීනයක එන්ජිම

USS U-3008 සබ්මැරීනයේ snorkel නම් උපකරණය
Kilo class සබ්මැරීනයක් හුස්ම ගන්නා අයුරු(snorkel උපකරණය ජලය මතුපිට පෙනෙන්නට තිබේ)
ඩීසල්-විදුලි සබ්මැරීනවල වාසි
1.න්‍යෂ්ඨික සබ්මැරීනවලට සාපේක්ෂව ඉතා අවම ශබ්දයක් උත්පාදනය කරයි
2.කුඩා මෙන්ම කඩිසර නිසා නොගැඹුරු ජලය සහිත ප්‍රදේශවල මාරාන්තික අවියක් ලෙස ක්‍රියාත්මක වේ.
3.අවශ්‍ය අවස්ථාවක එන්ජින් අක්‍රීය කල හැකිය(නමුත් න්‍යෂ්ඨික සබ්මැරීනවල ප්‍රතික්‍රියාකාරකය පැය 24 ක්‍රියාත්මක වේ).
4.සාපේක්ෂව නිපදවීම පහසුය.නාවිකයන් පුහුණු කිරීම සහ නඩත්තුකිරීම,හැසිරවීම පහසුවය.
5.නූතන ඩීසල්-විදුලි සබ්මැරීනවලට න්‍යෂ්ඨික සබ්මැරීනවලට මෙන්ම ගොඩබිම් ප්‍රහාර දියත් කිරීමේ හැකියාව තිබේ.
2.කුඩා මෙන්ම කඩිසර නිසා නොගැඹුරු ජලය සහිත ප්‍රදේශවල මාරාන්තික අවියක් ලෙස ක්‍රියාත්මක වේ.
3.අවශ්‍ය අවස්ථාවක එන්ජින් අක්‍රීය කල හැකිය(නමුත් න්‍යෂ්ඨික සබ්මැරීනවල ප්‍රතික්‍රියාකාරකය පැය 24 ක්‍රියාත්මක වේ).
4.සාපේක්ෂව නිපදවීම පහසුය.නාවිකයන් පුහුණු කිරීම සහ නඩත්තුකිරීම,හැසිරවීම පහසුවය.
5.නූතන ඩීසල්-විදුලි සබ්මැරීනවලට න්‍යෂ්ඨික සබ්මැරීනවලට මෙන්ම ගොඩබිම් ප්‍රහාර දියත් කිරීමේ හැකියාව තිබේ.
මුල් කාලයේදී ඩීසල්-විදුලි සබ්මැරීන මහත් ශබ්දයක් ඇතිකරන සහ සෙමින් ගමන් කරන ඒවා විය.නමුත් නූතන ඩීසල්-විදුලි සබ්මැරීන සතුව ශබ්දය කපා හැරිය හැකි පද්ධති තිබේ.වැඩිදියුණු කල සැලසුම් සහිතව පැමිණි පසුකාලීන ඩීසල්-විදුලි සබ්මැරීන වෙරළබඩ මුහුදු ප්‍රදේශවල සංග්‍රාමයන්හිදී මාරාන්තික සතුරෙක් වීමට හැකිව තිබෙන්නේ ඒවාට සිය ජෙනරේටර් අක්‍රීය කර කිසිදු ශබ්දයක් උත්පාදනය නොවන අයුරින් ගමන් කල හැකිවීම නිසාය.සතුරුන්ට හසුනොවන ලෙස මැරුණා සමානව සාගර පත්ලේ රැඳී සිටීමට ඒවාට හැකිය.නූතන තාක්ෂණයක් වන Air Independent Propulsion System භාවිතා කරන ඩීසල් සබ්මැරීන වලට සතියක පමණ කාලයක් ජලය යටම ගත කල හැකිය.නමුත් සාමාන්‍ය ඩීසල්-විදුලි සබ්මැරීන එනම් ඉහත කී තාක්ෂණය රහිතව ජලය යට ගත කල හැක්කේ දින 1-2කාලයක් පමණි.සාමාන්‍යය ඩීසල්-විදුලි සබ්මැරීනයකට මීටර් 150-300 පමණ ගැඹුරකට කිමිදීමට පුලුවනි.ඒවාහි ජලය යටදී නාවුක සැතපුම් 15-20 වේගයකින් ගමන් කරයි.
Air Independent Propulsion System - වාතයෙන් ස්වාධීන ප්රචාලන පද්ධතිය
මෙය න්‍යෂ්ඨික නොවන සබ්මැරීනවලට වායුගෝලීය ඔක්සිජන් ලබාගැනීමකින් තොරව(වාතය ලබාගැනීමට ජලය මතුපිටට පැමිණීම හෝ snorkel නම් උපකරණය ජලය මතුපිටට ගෙන ආයුතුවේ)ක්‍රියාත්මක වීමට හැකි ප්රචාලන තාක්ෂණයකි.මෙම ප්රචාලන පද්ධතිය ඩීසල්-විදුලි ප්රචාලන පද්ධතිය වෙනුවට භාවිතා කල හැකිය.
ඊශ්‍රායල නාවික හමුදාව සතුව Dolphin-class වර්ගයේ AIPS තාක්ෂණය භාවිතා කරන සබ්මැරීන තුනක් තිබේ
නූතන නාවික හමුදාවන් දැන් න්‍යෂ්ඨික සබ්මැරීනවලට දිශානත වීමට පටන් ගෙන තිබුණද රුසියාව,චීනය සහ ඉන්දියාව ආදී රටවල නාවික හමුදා තවමත් විශාල ඩීසල්-විදුලි සබ්මැරීන ප්‍රමාණයක් නඩත්තු කරනු ලැබේ.මේවා මගින් ලබාදෙන වාසි න්‍යෂ්ඨික සබ්මැරීනයකින් ලබාගත නොහැකිය.ඩීසල්-විදුලි සබ්මැරීන ලාභදායි මෙන්ම කුඩා නාවික හමුදාවකට වුවද ඒවා පරිහරණය කිරීමේ හැකියාව තිබේ.නූතන ඩීසල්-විදුලි සබ්මැරීනවලට උදාහරණ වන්නේ ype 212,වැඩිදියුණු කල Kilo class,Scorpene,Soryu ආදී පන්තිවල සබ්මැරීනයි.Type 212 සබ්මැරීනය මේ අතරින් වඩාත්ම ප්‍රසිද්ධතම සබ්මැරීනය වන්නේ ඒවා ප්‍රමාණයෙන් ඉතා කුඩා සහ නිශ්ශබ්ද නිසාය.ඒවාහි 30දෙනෙකුට ගමන් කල හැකිය.වැඩිදියුණු කල Kilo class සබ්මැරීන යනු ඉතාම නිශ්ශබ්ද සහ අමතර වෙඩි බලයක් සහිත සබ්මැරීන පන්තියකි.ඊට කි.මී. 300 දුරට නෞකා නාශක මිසයිල දියත් කිරීමට පුලුවනි.Soryu යනු සාපේක්ෂව විශාල සහ ගමන් කල හැකි දුර ප්‍රමාණයද වැඩි සබ්මැරීන පන්තියකි.කෙසේවෙතත් ඩීසල්-විදුලි සබ්මැරීනවල අවාසිද තිබේ.
ජර්මනිය නිෂ්පාදනය කරන Type 212 සබ්මැරීනයක්
රුසියාව නිපදවන Kilo class සබ්මැරීනයක්
Scorpene class සබ්මැරීනයක්
ජපානයේ Soryu class සබ්මැරීනය යනු ලොව තිබෙන තිබෙන විශාලතම සහ වඩාත් සන්නද්ධතම ඩීසල්-විදුලි සබ්මැරීනයයි
ඩීසල්-විදුලි සබ්මැරීනවල අවාසි
1.මෙම සබ්මැරීනවල ජලය යටදී උපරිම වේගය නාවුක සැතපුම් 15-20 පමණ වන නිසා සතුරු ටෝර්පිඩෝ හෝ සබ්මැරීන දඬයම් කරන නෞකාවලින් ගැලවී යාම අසීරුය.
2.කිමිදිය හැකි ගැඹුර මීටර් 15-300 පමණ වන නිසා ගැඹුරු මුහුදේදී සැඟවී සිටීම පහසු නැත.
3.ජලය යට සිටීමට හැකි කාල සීමා අවමය.AIP පද්ධතිය භාවිතා කරන සබ්මැරීනවලට සතියක් දක්වා එම කාලය වැඩි කර ගත හැකිය.
4.ගබඩා කරගත හැකි අවි ප්‍රමාණය අවමය.ටෝර්ෆිඩෝ/මිසයිල 12-20 ක් පමණ ගෙනයනු ලැබේ.
5.දිගු දුර මෙහෙයුම් සඳහා යොදාගැනීම අපහසුය.

උතුරු කොරියානු ඩීසල් සබ්මැරීනයකින් මිසයිලයක් දියත් කරන අයුරු
අවසන් නිගමනය

Last edited: