සබ්මැරීන දඩයම - 3
සබ්මැරීන දඩයම ලිපි පෙලේ තුන්වන කොටස ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.මීට පෙර ලිපියෙන් "ඩීසල්-විදුලි සබ්මැරීන" ගැන සංක්ෂිප්ත විස්තරයක් ගෙන එන ලදි.මෙම කොටසින් කතා කරන්නේ මාස ගණනක් වුවද මහා සාගරයේ ගත කල හැකි ,මහද්වීපයක් වුවද විනාශ කර දැමීමට වුවද ප්‍රමාණවත් න්‍යෂ්ඨික අවි ගෙන යා හැකි,යළි ඉන්ධන ලබාගන්නා තෙක් දශකයකට වැඩි කාලයක් වුවද යාත්‍රා කිරීමට හැකි සබ්මැරීන වර්ගයක් සම්බන්ධවයි.මෙම හැකියාවන්ගේ එකතුව සහිත සබ්මැරීනයක් නූතන සංග්‍රාමයකදී අතිමහත් විනාශයක් සිය සතුරන්ට ලගාකර දිය හැකි අවියක් වේ.මේවා න්‍යෂ්ඨික සබ්මැරීන නම් වේ.
න්‍යෂ්ඨික සබ්මැරීනයකට බලය සපයන්නේ දියයට,සීමා සහිත පරිසරයක් තුල භාවිතා කල හැකි අයුරින් නවීකරණය කල න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයක් මගින්ය.මෙම න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය උත්පාදනය කරන තාපය යොදාගෙන නිපදවන හුමාලයෙන් ටර්බයින් ක්‍රියාත්මක කරවන අතර ඊට අවරපෙත්ත සහ අභ්‍යන්තර කාර්යයන් සඳහා අවශ්‍ය බැටරි ආරෝපණය කිරීම ජෙනරේටරය සම්බන්ධ කර තිබේ.න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සබ්මැරීනවලට අසීමිත පරාසයක් සහ මාස ගණනක් ජලය යට ගත කිරීමට අවස්ථාව සලසා දි තිබේ.ඒවාහි තිබෙන අභ්‍යන්තර ඔක්සිජන් උත්පාදන පද්ධති සහ ආහාර,ජලය විශාල ප්‍රමාණයෙන් ගබඩා කිරීමට ඇති හැකියාව නිසා සාමාන්‍යයෙන් න්‍යෂ්ඨික සබ්මැරීනයකට දින 90 ක පමණ කාලයක් නැවත සැපයුම් ලබාගන්නා තුරු එකදිගට ජලය යට ගත කිරීමට හැකියාව තිබේ.
එක්සත් ජනපද න්‍යෂ්ඨික සබ්මැරීනයක එන්ජින් සැලැස්ම
ප්‍රති-සබ්මැරීන සංග්‍රාමයක නපුරු සිහිනයක් ලෙස න්‍යෂ්ඨික සබ්මැරීනයක් හැඳින්විය හැකිය.ඊට හේතුව ඒවාට මීටර් 600 වඩා ගැඹුරට කිමිදීමට හැකිවීමත්,දියයටදී නාවික සැතපුම් 30-35 වේගයකින් ගමන් කල හැකිවීමයි.මෙය ඩීසල්-විදුලි සබ්මැරීනවලින් ලබාගත නොහැකි වාසියකි.ඩීසල්-විදුලි සබ්මැරීන Hatchback වර්ගයේ මෝටර් රථයකට සමාන කලහොත් ,එය එවැන්නක් ඕනෑම කෙනෙකුට ලබාගැනීමේ හැකියාව තිබේ.මෙහෙයවීම පහසුය.මිලෙන් අඩුය.න්‍යෂ්ඨික සබ්මැරීනයක් Hummer රථයකට සමාන කලහොත්,එවැන්නක් සතු කරගැනීම පහසු නොවේ.සුළු පිරිසකට පමණක් එවැන්නක් ලබාගත හැකිය.මිලෙන් අධිකය.අතිශය බලවත්ය.මේ නිසා ලොව රටවල් 6ක් පමණක් න්‍යෂ්ඨික සබ්මැරීන භාවිතා කරයි.රටවල් 50ක් ඩීසල්-විදුලි සබ්මැරීන භාවිතා කරයි.
SSN සබ්මැරීන සාගරයේ රජෙක් වැනිය. SS යන්න මගින් සබ්මැරීනය(Submarine) යන්නද N අකුරින් න්‍යෂ්ඨික බලය(nuclear power) යන්නද අඟවයි.මේවා ඉහළ වේගයකින් ගමන් කල හැකි සතුරු නෞකා,සබ්මැරීන සහ ගොඩබිම් ඉලක්ක වෙත කෲස් මිසයිල හෝ ටෝර්පිඩෝ යොදාගෙන ප්‍රහාර එල්ල කල හැකි සබ්මැරීන වේ.SSN සබ්මැරීන සාමාන්‍යයෙන් මෙහෙයුම්වල යෙදෙන්නේ යුද නෞකා කණ්ඩායමක් සමග හෝ හුදකලාවයි.වැඩි කාලයක් ජලය යට ගත කිරීමට තිබෙන හැකියාව,යාත්‍රාකල හැකි දුර ප්‍රමාණය වැඩිවීම සහ ඉහළ වේගයක් තිබීම ආදිය නිසා සතුරු නෞකා සහ ඩීසල්-විදුලි සබ්මැරීනවලට පහරදීමට න්‍යෂ්ඨික සබ්මැරීන යොදාගත හැකිය.මෙම සබ්මැරීනවලට තිබෙන හැකියාව පෙන්වූ අවස්ථාවක් ලෙස ෆෝක්ලන්ඩ් යුද්ධය පෙන්වා දිය හැකිය.එහිදී බ්‍රිතාන්‍ය සතු න්‍යෂ්ඨික සබ්මැරීනයක් එල්ල කල ටෝර්පිඩෝ ප්‍රහාරයක් නිසා ආර්ජන්ටිනාවේ General Belgrano නම් යුද නෞකාව ගිලීගිය අතර ඉන්පසුව ආර්ජන්ටිනාව සිය නෞකා සියල්ල ෆෝක්ලන්ඩ් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් ඉවත් කරගන්නා ලදි.
ලොව පළමු න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීනය(SSN) වන්නේ 1954 වසරේදී දියත් කල එක්සත් ජනපද නාවික හමුදාවේ USS Nautilus නම් සබ්මැරීනයයි.පහත දැක්වෙන්නේ SNN වර්ගයේ සබ්මැරීන සතු රටවල් සහ ඒවාහි පන්තීන්ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ Los Angeles පන්තියේ සබ්මැරීන සතුව කෲස් මිසයිල නිකුත් කිරීමට සිරස් දියත් කිරීමේ පද්ධතියක් තිබේ.කෲස් මිසයිල සාමාන්‍යයෙන් දියත් කරන්නේ සබ්මැරීනවල ටෝර්පිඩෝ ටියුබ්වලින්ය.එක්සත් ජනපදය,රුසියාව,චීනය,ප්‍රංශය ආදී රටවල් තමන්ගේ ප්‍රහාරක න්‍යෂ්ඨික සබ්මැරීන නිපදවන රටවල්ය.මෙම කණ්ඩායමට අලුතින්ම එකතුවූ රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි.ඉන්දියාව රුසියාවෙන් බද්දට ගත් Akula පන්තියේ සබ්මැරීනයක් INS Chakra යන නමින් මෙහෙයුම්වල යොදවා තිබේ(න්‍යෂ්ඨික සබ්මැරීන අලෙවිකිරීම ජාත්‍යන්තර නීතියට පටහැනිය).
SSBN යනු න්‍යෂ්ඨික අවි ශිර්ෂ සහිත බැලස්ටික් මිසයිල දියත් කල හැකි සබ්මැරීන වර්ගයකි.SS යන්නෙන් "සබ්මැරීන"(Submarine) යන වචනයද,B අකුරින් "බැලස්ටික් මිසයිල"(ballistic missile) සහ N අක්ෂරයෙන් "න්‍යෂ්ඨික බලැති"(nuclear powered) යන්නද නිරූපණය කෙරේ.මේවා සීතල යුද සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය සතුව තිබූ ප්‍රධානතම අවි පද්ධතියක් විය.මෙම සබ්මැරීන සතු මෙහෙයුම වන්නේ න්‍යෂ්ඨික යුද්ධයකදී සැඟවී සිට න්‍යෂ්ඨික අවි ශීර්ෂ සහිත බැලස්ටික් මිසයිල එල්ල කිරීමයි.ඒ අනුව නියම සංග්‍රාමයකදී සබ්මැරීනයකින් මිසයිලයක් දියත් කිරීම යනු තුන්වන ලෝක යුද්ධයක් ඇරඹීයි.
ඉහත සඳහන් කල SNN වර්ගයේ න්‍යෂ්ඨික සබ්මැරීන සේවයේ යොදවා තිබෙන රටවල් අතරින් සමහරක් සතුව SSBN වර්ගයේ සබ්මැරීන තිබේ.ඉන්දියාව සිය රටේම නිපදවූ Arihant* සබ්මැරීන පන්තියේ පළමු සබ්මැරීනය තවමත් නිල වශයෙන් සේවයේ පිහිටුවා නැත.පහත දක්වා තිබෙන්නේ SSBN වර්ගයේ සබ්මැරීන සතු රටවල් සහ ඔවුන් සතු SSBN සබ්මැරීන පන්තීන්ය.
එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවේ Vanguard පන්තියේ HMS Vanguard නම් සබ්මැරීනය
SSBN වර්ගයේ සබ්මැරීනයක් දියත් කල පළමු රට වන්නේ සෝවියට් දේශයයි.එය Project 611 (Zulu IV class) නමින් හඳුන්වන ලදි.එක් බැලස්ටික් මිසයිල දියත් කිරීමේ ටියුබයකින් සමන්විත වූ එය, ප්‍රථම වරට SLBM වර්ගයේ බැලස්ටික් මිසයිලයක්( R-11FM) දියත් කල සබ්මැරීනය බවට පත්විය(1955 සැප්තැම්බර් 16).රුසියානු SSBN සබ්මැරීනවල R-29 බැලස්ටික් මිසයිල සහ නේටෝ/ඇමෙරිකානු SSBN සබ්මැරීනවල Polaris, Poseidon සහ Trident-II බැලස්ටික් මිසයිල රැගෙන යති.මුල් කාලීන SSBN සබ්මැරීන ජලය මතුපිටට විත් සිය බැලස්ටික් මිසයිල දියත් කල යුතු වුවද නූතන SSBN සබ්මැරීනවලට ජලය යට එනම් මීටර් 50ට නොඅඩු ගැඹුරක සිට මිසයිල දියත් කිරීමේ හැකියාව තිබේ.
වම්පස:ඇමෙරිකාවේ Ohio පන්තියේ සබ්මැරීනයක් දකුණුපස:සබ්මැරීනයකින් බැලස්ටික් මිසයිලයක් නිකුත් කරන අයුරු
කුඩා ප්‍රමාණයේ SSBN සබ්මැරීනයක් විශාලතම SSN සබ්මැරීනයක විශාලත්වයට සමානය.රුසියාව නිපදවා තිබෙන Typhoon පන්තියේ සබ්මැරීන ලොව විශාලතම සබ්මැරීනය ලෙස හැඳින්වේ.මේවාට දශක ගණනක ආයු කාලයක් තිබේ.මෙවැනි සබ්මැරීන අනාවරණය කරගැනීම සහ විනාශ කිරීම අතිදුෂ්කර කාර්යයකි.ඒවා රැගෙන යන බලවත් සෝනාර් පද්ධති,ඔබ ඔවුන් සොයාගැනීමට ප්‍රථමව ඔවුන්ට ඔබව සොයාදෙයි.
මෙම සබ්මැරීනවලට ගමන් කල හැකි ගැඹුර සහ වේගය සාපේක්ෂව ඩිසල්-විදුලි සබ්මැරීනවලට වඩා වැඩි නිසා ඒවා දඬයම් කිරීම ලේසි පහසු කටයුත්තක් නොවේ.ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් පන්තියේ සබ්මැරීන වලට උපරිම වේගය නාවුක සැතපුම් 30-32 පමණ වේ.රුසියානු Akula පන්තියේ සබ්මැරීන නාවුක සැතපුම් 35ක් වේගයක් වාර්තා කර තිබේ.කෙසේවෙතත් තමන්ගේ සබ්මැරීනවල සැබෑ හැකියාවන් හෙළිකිරීමෙන් වැළකී සිටීමට ඇමෙරිකාව සහ රුසියාව පෙළඹී සිටින නිසා න්‍යෂ්ඨික සබ්මැරීනවල උපරිම වේගය සම්බන්ධව තොරතුරු එතරම් ප්‍රසිද්ධියට පත්ව නොමැත.
න්‍යෂ්ඨික සබ්මැරීනවල තිබෙන එක් අවාසියක් වන්නේ ඒවාහි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක නිපදවන ශබ්දයයි.ඩීසල් විදුලි සබ්මැරීන මෙන් මේවාහි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක නවතා දැමීම කල නොහැකිය.ඒවා හැමවිටම සක්‍රීයය.ඒ නිසා දියුණුතම ධ්වනි නිවාරණ ශිල්ප ක්‍රම යොදාගෙන න්‍යෂ්ඨික සබ්මැරීනවල ශබ්දය හැකිතරම් අවම කරගෙන තිබේ.
කොළ පැහැයෙන්: ඩීසල් විදුලි සබ්මැරීන සහිත රටවල් තැඹිලි පැහැයෙන්:ඩීසල් විදුලි සහ බැලස්ටික් මිසයිල(න්‍යෂ්ඨික) සහිත සබ්මැරීන සතු රටවල්ද පෙන්වා තිබේ
මෙතෙක් වේලා අප සංක්ෂිප්තව සාකච්ඡා කලේ දැනට භාවිතා කරන සබ්මැරීන දෙවර්ගය ගැනයි.ඊළඟ ලිපියෙන් සබ්මැරීන මහා සාගරයේදී අනාවරණය කරගන්නා අයුරු,ලුහුබඳින අයුරු සහ විනාශ කරන ආකාරය ගැන කතා කරමු.
Source:defencyclopedia.com
-HarshaLulzSec-

න්‍යෂ්ඨික සබ්මැරීනයක කොටස්

න්‍යෂ්ඨික සබ්මැරීන මාදිලි දෙකක් තිබේ.
1.ලුහුබැඳ-විනාශකරන්නන්/ප්‍රහාරක සබ්මැරීන හෙවත් SSN
2.බැලස්ටික් මිසයිල සබ්මැරීන හෙවත් SSBN
SSN සබ්මැරීන
SSN සබ්මැරීන සාගරයේ රජෙක් වැනිය. SS යන්න මගින් සබ්මැරීනය(Submarine) යන්නද N අකුරින් න්‍යෂ්ඨික බලය(nuclear power) යන්නද අඟවයි.මේවා ඉහළ වේගයකින් ගමන් කල හැකි සතුරු නෞකා,සබ්මැරීන සහ ගොඩබිම් ඉලක්ක වෙත කෲස් මිසයිල හෝ ටෝර්පිඩෝ යොදාගෙන ප්‍රහාර එල්ල කල හැකි සබ්මැරීන වේ.SSN සබ්මැරීන සාමාන්‍යයෙන් මෙහෙයුම්වල යෙදෙන්නේ යුද නෞකා කණ්ඩායමක් සමග හෝ හුදකලාවයි.වැඩි කාලයක් ජලය යට ගත කිරීමට තිබෙන හැකියාව,යාත්‍රාකල හැකි දුර ප්‍රමාණය වැඩිවීම සහ ඉහළ වේගයක් තිබීම ආදිය නිසා සතුරු නෞකා සහ ඩීසල්-විදුලි සබ්මැරීනවලට පහරදීමට න්‍යෂ්ඨික සබ්මැරීන යොදාගත හැකිය.මෙම සබ්මැරීනවලට තිබෙන හැකියාව පෙන්වූ අවස්ථාවක් ලෙස ෆෝක්ලන්ඩ් යුද්ධය පෙන්වා දිය හැකිය.එහිදී බ්‍රිතාන්‍ය සතු න්‍යෂ්ඨික සබ්මැරීනයක් එල්ල කල ටෝර්පිඩෝ ප්‍රහාරයක් නිසා ආර්ජන්ටිනාවේ General Belgrano නම් යුද නෞකාව ගිලීගිය අතර ඉන්පසුව ආර්ජන්ටිනාව සිය නෞකා සියල්ල ෆෝක්ලන්ඩ් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් ඉවත් කරගන්නා ලදි.
ලොව පළමු න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීනය(SSN) වන්නේ 1954 වසරේදී දියත් කල එක්සත් ජනපද නාවික හමුදාවේ USS Nautilus නම් සබ්මැරීනයයි.පහත දැක්වෙන්නේ SNN වර්ගයේ සබ්මැරීන සතු රටවල් සහ ඒවාහි පන්තීන්ය.
එක්සත් ජනපදය - Los Angeles පන්තියේ සබ්මැරීන 41ක්,Seawolf පන්තියේ සබ්මැරීන 3ක්,Virginia පන්තියේ සබ්මැරීන 3ක්
රුසියාව - Victor III පන්තියේ සබ්මැරීන 4ක්,Sierra I සහ Sierra II පන්තිවල සබ්මැරීන 3ක්,Akula පන්තියේ සබ්මැරීන 8ක්,Yasen පන්තියේ සබ්මැරීනයක්
එක්සත් රාජධානිය - Trafalgar පන්තියේ සබ්මැරීන 4ක්,Astute පන්තියේ සබ්මැරීන 3ක්
ප්‍රංශය - Rubis පන්තියේ සබ්මැරීන 6ක්
චීනය - Han පන්තියේ සබ්මැරීන 3ක්,Type 093 සබ්මැරීන 5ක්,Type 095 සබ්මැරීන 2ක නිෂ්පාදන කටයුතු අවසන් කර තිබේ.
ඉන්දියාව - Akula පන්තියේ සබ්මැරීනයක්
ඇමෙරිකා එක්සත් ජනපදය සතු Los Angeles පන්තියේ සබ්මැරීනයක්
රුසියාවේ Akula පන්තියේ සබ්මැරීනයක්
එක්සත් රාජධානියේ Astute පන්තියේ සබ්මැරීනයක්
ප්‍රංශය සතු Rubis පන්තියේ Casabianca නම් සබ්මැරීනයක්
චීනයේ Type 093 සබ්මැරීනයක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ Los Angeles පන්තියේ සබ්මැරීන සතුව කෲස් මිසයිල නිකුත් කිරීමට සිරස් දියත් කිරීමේ පද්ධතියක් තිබේ.කෲස් මිසයිල සාමාන්‍යයෙන් දියත් කරන්නේ සබ්මැරීනවල ටෝර්පිඩෝ ටියුබ්වලින්ය.එක්සත් ජනපදය,රුසියාව,චීනය,ප්‍රංශය ආදී රටවල් තමන්ගේ ප්‍රහාරක න්‍යෂ්ඨික සබ්මැරීන නිපදවන රටවල්ය.මෙම කණ්ඩායමට අලුතින්ම එකතුවූ රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි.ඉන්දියාව රුසියාවෙන් බද්දට ගත් Akula පන්තියේ සබ්මැරීනයක් INS Chakra යන නමින් මෙහෙයුම්වල යොදවා තිබේ(න්‍යෂ්ඨික සබ්මැරීන අලෙවිකිරීම ජාත්‍යන්තර නීතියට පටහැනිය).
බැලස්ටික් මිසයිල සබ්මැරීන(SSBN)
SSBN යනු න්‍යෂ්ඨික අවි ශිර්ෂ සහිත බැලස්ටික් මිසයිල දියත් කල හැකි සබ්මැරීන වර්ගයකි.SS යන්නෙන් "සබ්මැරීන"(Submarine) යන වචනයද,B අකුරින් "බැලස්ටික් මිසයිල"(ballistic missile) සහ N අක්ෂරයෙන් "න්‍යෂ්ඨික බලැති"(nuclear powered) යන්නද නිරූපණය කෙරේ.මේවා සීතල යුද සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය සතුව තිබූ ප්‍රධානතම අවි පද්ධතියක් විය.මෙම සබ්මැරීන සතු මෙහෙයුම වන්නේ න්‍යෂ්ඨික යුද්ධයකදී සැඟවී සිට න්‍යෂ්ඨික අවි ශීර්ෂ සහිත බැලස්ටික් මිසයිල එල්ල කිරීමයි.ඒ අනුව නියම සංග්‍රාමයකදී සබ්මැරීනයකින් මිසයිලයක් දියත් කිරීම යනු තුන්වන ලෝක යුද්ධයක් ඇරඹීයි.
ඉහත සඳහන් කල SNN වර්ගයේ න්‍යෂ්ඨික සබ්මැරීන සේවයේ යොදවා තිබෙන රටවල් අතරින් සමහරක් සතුව SSBN වර්ගයේ සබ්මැරීන තිබේ.ඉන්දියාව සිය රටේම නිපදවූ Arihant* සබ්මැරීන පන්තියේ පළමු සබ්මැරීනය තවමත් නිල වශයෙන් සේවයේ පිහිටුවා නැත.පහත දක්වා තිබෙන්නේ SSBN වර්ගයේ සබ්මැරීන සතු රටවල් සහ ඔවුන් සතු SSBN සබ්මැරීන පන්තීන්ය.
එක්සත් ජනපදය - Ohio පන්තියේ සබ්මැරීන 18
රුසියාව - Typhoon පන්තියේ සබ්මැරීනයක්, Delta III පන්තියේ සබ්මැරීන 3ක් සහ Delta IV පන්තියේ සබ්මැරීන 6ක්, Borei සබ්මැරීන 3ක්
එක්සත් රාජධානිය - Vanguard පන්තියේ සබ්මැරීන 4ක්
ප්‍රංශය - Triomphant පන්තියේ සබ්මැරීන 4ක්

චීනය - Type 094 සබ්මැරීනයක් සහ Type 092 සබ්මැරීන 5ක්
ඉන්දියාව - Arihant පන්තියේ සබ්මැරීන 1ක් *
ඇමෙරිකා එක්සත් ජනපදය සතු Ohio පන්තියේ USS Alabama (SSBN-731) නම් සබ්මැරීනය
රුසියාවේ Delta II class පන්තියේ සබ්මැරීනයක්
රුසියාවේ Typhoon පන්තියේ සබ්මැරීනයක්
රුසියාව සතු Borei පන්තියේ පළමු සබ්මැරීනය වන K-535 Yury Dolgorukiy
එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවේ Vanguard පන්තියේ HMS Vanguard නම් සබ්මැරීනය
ප්‍රංශය සතු Triomphant පන්තියේ සබ්මැරීනයක්
චීනයේ Type 094 සබ්මැරීනයක්
ඉන්දියාවේ පළමු බැලස්ටික් මිසයිල සබ්මැරීනය වන INS Arihant
SSBN වර්ගයේ සබ්මැරීනයක් දියත් කල පළමු රට වන්නේ සෝවියට් දේශයයි.එය Project 611 (Zulu IV class) නමින් හඳුන්වන ලදි.එක් බැලස්ටික් මිසයිල දියත් කිරීමේ ටියුබයකින් සමන්විත වූ එය, ප්‍රථම වරට SLBM වර්ගයේ බැලස්ටික් මිසයිලයක්( R-11FM) දියත් කල සබ්මැරීනය බවට පත්විය(1955 සැප්තැම්බර් 16).රුසියානු SSBN සබ්මැරීනවල R-29 බැලස්ටික් මිසයිල සහ නේටෝ/ඇමෙරිකානු SSBN සබ්මැරීනවල Polaris, Poseidon සහ Trident-II බැලස්ටික් මිසයිල රැගෙන යති.මුල් කාලීන SSBN සබ්මැරීන ජලය මතුපිටට විත් සිය බැලස්ටික් මිසයිල දියත් කල යුතු වුවද නූතන SSBN සබ්මැරීනවලට ජලය යට එනම් මීටර් 50ට නොඅඩු ගැඹුරක සිට මිසයිල දියත් කිරීමේ හැකියාව තිබේ.
වම්පස:ඇමෙරිකාවේ Ohio පන්තියේ සබ්මැරීනයක් දකුණුපස:සබ්මැරීනයකින් බැලස්ටික් මිසයිලයක් නිකුත් කරන අයුරු
කුඩා ප්‍රමාණයේ SSBN සබ්මැරීනයක් විශාලතම SSN සබ්මැරීනයක විශාලත්වයට සමානය.රුසියාව නිපදවා තිබෙන Typhoon පන්තියේ සබ්මැරීන ලොව විශාලතම සබ්මැරීනය ලෙස හැඳින්වේ.මේවාට දශක ගණනක ආයු කාලයක් තිබේ.මෙවැනි සබ්මැරීන අනාවරණය කරගැනීම සහ විනාශ කිරීම අතිදුෂ්කර කාර්යයකි.ඒවා රැගෙන යන බලවත් සෝනාර් පද්ධති,ඔබ ඔවුන් සොයාගැනීමට ප්‍රථමව ඔවුන්ට ඔබව සොයාදෙයි.
Seawolf පන්තියේ සබ්මැරීනයකින් ටෝර්පිඩෝ ප්‍රහාරයක් එල්ල කරන අයුරු
මෙම සබ්මැරීනවලට ගමන් කල හැකි ගැඹුර සහ වේගය සාපේක්ෂව ඩිසල්-විදුලි සබ්මැරීනවලට වඩා වැඩි නිසා ඒවා දඬයම් කිරීම ලේසි පහසු කටයුත්තක් නොවේ.ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් පන්තියේ සබ්මැරීන වලට උපරිම වේගය නාවුක සැතපුම් 30-32 පමණ වේ.රුසියානු Akula පන්තියේ සබ්මැරීන නාවුක සැතපුම් 35ක් වේගයක් වාර්තා කර තිබේ.කෙසේවෙතත් තමන්ගේ සබ්මැරීනවල සැබෑ හැකියාවන් හෙළිකිරීමෙන් වැළකී සිටීමට ඇමෙරිකාව සහ රුසියාව පෙළඹී සිටින නිසා න්‍යෂ්ඨික සබ්මැරීනවල උපරිම වේගය සම්බන්ධව තොරතුරු එතරම් ප්‍රසිද්ධියට පත්ව නොමැත.
ප්‍රංශයේ Le Terrible සබ්මැරීනය
න්‍යෂ්ඨික සබ්මැරීනවල තිබෙන එක් අවාසියක් වන්නේ ඒවාහි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක නිපදවන ශබ්දයයි.ඩීසල් විදුලි සබ්මැරීන මෙන් මේවාහි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක නවතා දැමීම කල නොහැකිය.ඒවා හැමවිටම සක්‍රීයය.ඒ නිසා දියුණුතම ධ්වනි නිවාරණ ශිල්ප ක්‍රම යොදාගෙන න්‍යෂ්ඨික සබ්මැරීනවල ශබ්දය හැකිතරම් අවම කරගෙන තිබේ.
ලොව විශාලතම සබ්මැරීන වන Typhoon පන්තියේ සබ්මැරීන පහක්
කොළ පැහැයෙන්: ඩීසල් විදුලි සබ්මැරීන සහිත රටවල් තැඹිලි පැහැයෙන්:ඩීසල් විදුලි සහ බැලස්ටික් මිසයිල(න්‍යෂ්ඨික) සහිත සබ්මැරීන සතු රටවල්ද පෙන්වා තිබේ
මෙතෙක් වේලා අප සංක්ෂිප්තව සාකච්ඡා කලේ දැනට භාවිතා කරන සබ්මැරීන දෙවර්ගය ගැනයි.ඊළඟ ලිපියෙන් සබ්මැරීන මහා සාගරයේදී අනාවරණය කරගන්නා අයුරු,ලුහුබඳින අයුරු සහ විනාශ කරන ආකාරය ගැන කතා කරමු.
සබ්මැරීන දඩයම-හඳුන්වාදීම
සබ්මැරීන දඩයම-2
සිව්වන කොටසින් හමුවෙමු.
Source:defencyclopedia.com
-HarshaLulzSec-
Last edited:

දැන් තමයි කියවන්න වෙලාව ලැබුණේ..