සමණලයා

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව්

    11.gif
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ඔයාලා හැමෝම මේ ත්‍රෙඩ් එක ගැන උනන්දු වුන එක ගැන මට සතුටුයි.
    මට හිතුණා පොඩි රිසර්ච් එකක් කරන්න. ඔයාලටත් ඒක වැදගත් වෙයි කියලා හිතෙනවා.
    එලකිරි එක නියැදියක් විදියට අරගෙන ලංකාවේ Sexual Orientation එක % Poll එකක් මගින් දැනගන්න. :)
    හැබැයි හැමෝම අවංක වෙලා සහභාගි වෙන්න ඕන. කැමතිද .... ?? :yes::yes:
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Aammata siri maru thread eka...pinam gay newi,a wunath aththa ththwaya danna nisa,gay rights walata support karanawa.....banana ratatath jaya...!!!;);)
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,394
    1,662
    113
    ai bn samahara kollo kello wage adan inne? mata unwa penna ba.eth samahara gay un innwa sira personality ekak thygena.un ekkanm kisi prashnayak ne
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ai bn samahara kollo kello wage adan inne? mata unwa penna ba.eth samahara gay un innwa sira personality ekak thygena.un ekkanm kisi prashnayak ne

    සමහරවිට එයාලව ඒ තත්වෙට දාන්නෙත් තවත් පිරිමියෙක් තමයි. ඔයා කෙල්ල වගේ ඇන්දම ලස්සනයි කියලා ඒ මනුස්සයාගේ ලිංගික ආසාවන් සපුරාගන්නවා ගෑනියෙක් විදිහට අන්දලා. අනේ ඉතිං ඒ කොල්ලත් අසාවට ඒකට හුරුවෙනවා. මම දන්න කොල්ලෙක් හිටියා එයාගේ තාත්තා යාලුවොත් එක්ක එකතුවෙලා පුතාට සාරි අන්දලා පුතා හරි ලස්සනයි සාරි ඇන්දම, හරියට අම්මා වගේමයි කියලා තමන්ගේ ආසාවන් වලට හුරුකරගෙන.
    ඒක තනිකර එයාගේ වරදක් විතරක් නෙවේ බලනකොට.
    මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට විවිදාකාර ආසාවන් තියෙනවා. ඒවගේ ගොදුරු බවට පත්වෙන පිරිසකුත් ඉන්නවා අපි අතරම :):)
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    another gay promotion by government
    උබට කීයක් ගෙවනවද සමලිංගිකත්වය සමාජගත කරනවට සමනලයා

     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    සමලිංගික කටයුතු යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ ඇතැමුන් සමලිංගිකයන් වන්නේ මොළයේ ඇති වෙනසක් නිසා බවයි. යුක්ති යුක්ත කරන්නන්ට අනුව ඇතැමුන්ගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් විරුද්ධ ලිංගිකයන් වන අතර තවත් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් සමලිංගිකයන් වනවා. මේ යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ මොළය සකස් වී ඇති ආකාරය අනුව සමලිංගිකයන් කටයුතු කරන නිසා එසේ කිරීම වරදක් හෝ විකෘතියක් හෝ නොවන බවයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවයි.

    මේ එකක්වත් කෙටියෙන් සාකච්ඡා කරන්න බැහැ. එමෙන් ම ඒ ප්‍රශ්න අතර සම්බන්ධකම් ද තිබෙනවා. එහෙත් එයට කලින් ප්‍රශ්නයක් ඇසිය යුතුයි. එකිනෙකාගේ මොළ වෙනස් ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? එයට බටහිර විද්‍යාව දෙන පිළිතුර මොකක් ද? මොළය පැත්තකින් තබන්න. කලකට පෙර 1980 දෙසැම්බර් 12 වැනි දා බටහිර විද්‍යාවේ ප්‍රධාන ම සඟරා දෙකෙන් එකක් වන සයන්ස් සඟරාවේ පළ වූ ලිපියක මොළය යන අවයවය නැති අයකු ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනා ගැනීම පිළිබඳ විස්තරයක් පළ වූවා. මා දන්නේ නැහැ ඔහු කවර වර්ගයක ලිංගිකත්වයක් තිබූ අයකු ද කියා. අගමැති කාර්යාලයට හෝ විදේශ අමාත්‍යාංශයට හෝ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හෝ මෙරට සිටින විවිධ විද්‍යාඥයන්ට හෝ ඒ ගැන සොයා බැලිය හැකියි. අපේ අවයව ඒ ඒ ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? බටහිර විද්‍යාව එහි දී දෙමව්පියන් ගැන ජාන ගැන ඩී එන් ඒ ගැන කතා කරාවි. ප්‍රශ්නය වන්නේ ඒ දෙන පිළිතුරුවලට හේතු කවරේ ද යන්නයි. අප හේතු අසන්නේ බටහිරයන් හේතු ගැන කතා කරන නිසා.

    බටහිර විද්‍යාව පදනම් වන්නේ ද්‍රව්‍යවාදී දර්ශනයක් මත. ඔවුන්ට අනුව මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ප්‍රපංචයක්. වෙනත් අයුරකින් කියනවා නම් ඔවුන් මනස මොළයට ඌනනය කරනවා. පොඩි ප්‍රශ්නයක්. අර ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනාගත් අයට මනසක් නැද්ද? මනස මොළයට (ද්‍රව්‍යයට) ඌනනය වන්නේ නම් අපේ ක්‍රියාකාරකම් ගැන අප වග කියන්නේ නැත් ද? අප ක්‍රියා කරනවා යන්න ම තේරුමක් නැති ප්‍රකාශයක් ද? මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නම් මනසත් ද්‍රව්‍යවාදී වෙනවා. එවිට මනස කියන්නේ බාහිරව හා අභ්‍යන්තර ව මොළයට ඇති කරන සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාර පමණයි. මෙහි බටහිර දර්ශනය අනුව සංජානන මනසෙන් ස්වායත්තයි. එවිට සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාරත් මනසෙන් ස්වායත්තයි. කෙටියෙන් කියන්නේ නම් ද්‍රව්‍යයෙන් තොර මනසක් ඇත්තේ නැහැ. මෙය මනස යනු මනසේ ම නිර්මාණයක් යන්න සමග පටළවා ගන්න එපා. මනස යනු මොළයේ ප්‍රතිචාර නම් චේතනා ද මොළයේ ප්‍රතිචාර පමණයි.

    සමලිංගික ක්‍රියා යුක්ති යුක්ත කරන්නන්ට අනුව සමලිංගකයන් එවැනි ක්‍රියාවල නිරත වන්නේ මනස සකස් වී ඇති ආකාරය නිසයි. ඒ ක්‍රියා ඔවුන්ට උත්පත්තියෙන් ම ලැබී තිබෙනවා. එබැවින් එවැනි ක්‍රියාවලට දඬුවම් දීම, ඒවා අපරාධ ලෙස සැළකීම වැරදි බවයි ඒ ක්‍රියා යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ. මේ තර්කය ද්‍රව්‍යවාදීයි. සමලිංගික ක්‍රියා අපරාධ ගණයේ ලා සැළකිය නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

    මේ තර්කයත් මනස යනු මොළය දක්වන ප්‍රතිචාර පමණක් බවත් සැළකුවොත් එවිට චේතනා ද නැතිවෙනවා. එනම් චේතනාන්විත ව කරන ක්‍රියා ද නැතිවෙනවා. එසේ නම් අපරාධයක් හඳුනා ගන්නේ කෙසේ ද? යමකු මිනිසකු මරන්නේ හුදෙක් මොළය යම් සංජානනවලට දක්වන ප්‍රතිචාරයක් ලෙස ද? යම් යම් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඒ ඒ සංජානනවලට මොළය ඒ් ඒ ලෙස ප්‍රතිචාර දක්වනවා ද? අයකු මෛත්‍රි කරන විට වෙනත් අයකු මිනී මරණවා. මෛත්‍රී කිරීමත් මිනී මැරීමත් මොළය සකස් වී ඇති ආකාරය අනුව සිද්ධ වෙනවා. එසේ නම්, අප චේතනාන්විත ව ක්‍රියා නොකරන්නේ නම්, වරදක් යනු කුමක් දැයි නිර්වචනය කරන්නේ කෙසේ ද? අප දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කළ යුතුයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන්නේ නම් මිනී මැරීමත් අපරාධයක් වන්න බැහැ. මොළය සකස් වී ඇති ආකාරයට වග කියන්නේ කවු ද? එයට දඬුවම් කරන්නේ කෙසේ ද? කාට ද? මිනි මැරීමට වරද කරුවා ජාන ද නැත්නම් කැකිල්ලෙ රජ්ජුරුවො ද?

    මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.


    https://www1.kalaya.org

    උපුටා ගත්තේ http://www.elakiri.com/forum/showthread.php?p=21178210&posted=1#post21178210 See 51
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    another gay promotion by government
    උබට කීයක් ගෙවනවද සමලිංගිකත්වය සමාජගත කරනවට සමනලයා


    ඔන්න දේශපාලනේ ගාවගත්තා. මම ලියපුවා මුලින්ම කියවලා ඉන්න යාලු. මම මේකෙන් කාටවත් සමලිංගික වෙන්න කියන්නේ නෑ. ඔයාලගේ පවුලේ කෙනෙක් යාලුවෙක් දුවෙක් පුතෙක් එහෙම කෙනෙක් වුනොත් ඒ කෙනාව තේරුම් ගන්න, එයාලගේ හැගීම් තේරුම් ගන්න කියලයි මම කියන්නේ.
    :no::no: