සමණ බ්‍රාහ්මණ සූත්‍රය
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරා මරණ නොදනිත්ද, ඔහු තුමූ ජරාමරණ සමුදය නොදනිත්. ජරාමරණ නිරෝධය නොදනිත්. ජරාමරණ නිරෝධගාමිණී ප්‍රතිපදාව නොදනිත්.ජාතිය .... භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සංඛාර නොදනිත්ද ඔහු සංඛාරසමුදය නොදනිත්. සංඛාරනිරෝධය නොදනිත්. සංඛාර නිරෝධගාමිණීපටිපදාව නොදනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසම්මත වූවෝත් බ්‍රාහ්මණයන් නෙරෙහි බ්‍රාහ්මණ සම්මත වූවෝත් නොවෙත්. ඒ ආයුෂ්මත්හු (ආර්යඵල සඞඛ්‍යාත) ශ්‍රමණයන් පිළිබඳ අර්තයත් බමුණන් පිළිබඳ අර්තයත් මෙලොවදීම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට නොපැමිණ වෙසෙති.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරා මරණ දනිත්ද, ඔහු ජරාමරණ සමුදය දනිත්. ජරාමරණ නිරෝධය දනිත්. ජරාමරණ නිරෝධගාමිණී ප්‍රතිපදාව දනිත්, ජාතිය .... භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සංඛාර දනිත්ද ඔහු සංඛාරසමුදය දනිත්. සංඛාරනිරෝධය දනිත්. සංඛාර නිරෝධගාමිණීපටිපදාව දනිත්. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණයයි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණයයි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු (ආර්යඵල සඞඛ්‍යාත) ශ්‍රමණයන් පිළිබඳ අර්තයත් බමුණන් පිළිබඳ අර්තයත් මෙලොවදීම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වෙසෙති.
ඔයාලත් සමහරවිට හිතනවා ඇති අපිත් කවදාහරි නිවන් දකින්න ඕනායි කියලා. අඩුම තරමේ මිත්‍යාවක් වුනත් හිතනවා ඇති මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලෙදි හරි නිවන් දකින්න ඕනයි කියලා. දන්නවාද අපි එහෙම හිතුවට අපිට නිවන් දකින්න බෑ. ඒකට අපි ධර්මය දකින්න ඕනා. ධර්මය කියන්නේ වෙන මොකුත් නොවෙයි චතුරාර්ය සත්‍යය. අපි මේ සතුරාර්ය සත්‍යය දකින්න ඕනා. ඒක ඉතින් පොත් වලින් වත් බණ අහගෙන ඉඳලවත් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන් විසින් භාවනා කරලා දැකිය යුතුයි. ඒ නිසා සසර ගමන ගැන භයක් කාට හැරි දැනිලා තියේනම් අනිවාර්යෙන් භාවනා කරන්න. ඒකත් ඔය එක එක අසපු අල්ලගෙන කරන්න යන්න එපා. මොකද ඒ තුලින් ඔයාලාට උගන්වන්නේ අල්ලා ගැනීම විතරක් නිසා. අද ලංකාවේ එක එක අය එක එක නම් වලින් අසපු හදාගෙන මිනිස්සුන්ව මුලා කරනවා. අපේ මිනිස්සුත් ඒවට ගිහිල්ලා මුලා වෙලා තමන්ගේ සසර ගමන දික් කර ගන්නවා. සංසාරේ තියෙන දුක දකින්නේ අපේ අය අර අසපුවල ඉන්න හාමුදුරුවෝ දකින විදියට මිසක් මිනිහාට ඕන විදියට නෙමෙයි. ඒ බව තේරුම් අරගෙන ජීවත් වෙන්න.
ඔයාලා අහලා ඇතිනේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ධර්මයත් හරියට දරණ ගහගෙන ඉන්න විෂ සර්පයෙක් වගේ කියලා. අපි උගේ ඔළුවයි කියලා නැට්ටෙන් ඇල්ලුවොත් ඌ අපිට දෂ්ට කරනවා. ඒ නිසා හරියටම ඔළුවෙන්ම අල්ල ගන්න ඕනා අපිට දෂ්ට කරන්න බැරි වෙන්න. ඌ අපිට අපි එක එක ධර්ම ගුරුවරු ලඟට ගිහිල්ලා ඒ ඒ අයගේ ඇස් වලින් ධර්මය දකින්න උත්සහ කරද්දි අපේ ඇස් වැහෙනවා. එතනින්ම අපි මෝහාන්ධකාරයට පත් වෙලා අවිද්‍යාව වර්ධනය කරගෙන අපේ සංසාරේ ගමන දිග කර ගන්නවා. එහෙම අය අද සමාජේ හුඟක් වැඩියි. ඒ අය අර අසපු වලින් මිථ්‍යාව ඉගෙන ගෙන ඇවිත් ඒවා ප්‍රසිද්ධ කරනවා. තව තව අය ඒ මිථ්‍යාවට ඇදලා දානවා. තමන් නැහිලා අනිත් අයවත් නසනවා. ඒ ඇත්තෝ දන්නේ නෑ තමන් මේ කරගන්නේ අපායට පාර කපා ගන්න එක කියලා. ඒ අය ගැන මෛත්‍රී කරනවා ඇර වෙන ඉතින් කරන්න දෙයක් නෑ. මොකද මේ තත්වය අද විතරක් තිබ්බ දෙයක් නොවෙයි, බුද්ධ කාලෙදිත් තිබ්බ දෙයක් නිසා.
ඒ නිසා බොහොම මෛත්‍රියෙන් ඔය අයට කියන්නේ නොයෙකුත් දේ අහලා ඔළුව අවුල් කරගන්න එපා. නියත මිථ්‍යා දෘෂ්ටිය ඇති කර ගත්තොතින් කවදාවත් ගැලවීමක් නෑ. ඒ බව සිහි තියගෙන ධර්මය හදාරන්න. ධර්මයම ගුරු කරගන්න.

සංයුත්ත නිකාය 2.

)