සමනල තටුවක රහස

ampm

Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    සමනල තටුවක රහස

    Microscopic-Images-3.jpg

    images
    images
    images

    සමනල තටුවක රහස

    සමනල තටු කොච්චර සියුම්ද කිව්වොත් යන්තම් දූවිල්ලක් හෝ වතුර බින්දුවක් තටුවේ ගෑවුණත් සමනලයාට පියාඹන්න අමාරුයි. ඒ නිසා සමනල තටුවල වතුරවත් දූවිලිවත් රැඳෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද?

    සමනල තටුවේ තිබෙන ඉතා කුඩා කොරපොතු
    සමනල තටුවේ තිබෙන ඉතා කුඩා කොරපොතු
    මේ ගැන සිතන්න: ඔහයෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකවරුන් පිරිසක් එක් සමනල විශේෂයක් (Morpho didius) ගැන අධ්‍යයනයක නියැලුණා. ඔවුන් කියා සිටියේ සමනල තටුව සුමටයි කියා පෙනුණත් එහි පෘෂ්ඨය සෑදී තිබෙන්නේ වහලක උළු අතුරා ඇති ආකාරයට පිහිටා තිබෙන ඉතා කුඩා කොරපොතු රාශියකින් කියලයි. ඒ කොරපොතු මතුපිට ඇසට නොපෙනෙන සමාන්තරව පිහිටි කානු රාශියක් තිබෙනවා. ඒ නිසා සමනල තටුවට වැටෙන දූවිලි හෝ ජලය නොරැඳී බිමට රූරා වැටෙනවා. එය අනුකරණය කරමින් ඉංජිනේරුවන් උත්සාහ කරන්නේ මතුපිට දූවිලි සහ ජලය නොරැඳෙන ආකාරයට කාර්මික හා වෛද්‍ය උපකරණ නිපදවන්නයි.

    ඒ ආකාරයට අවට පරිසරයේ තිබෙන දේවල් අනුකරණය කරමින් යම් නිර්මාණයන් කරන්න විද්‍යාඥයන් උත්සාහ දරනවා. ඒ ගැන භාරත් භූෂාන් නමැති පර්යේෂකවරයාද මෙසේ කියා තිබෙනවා. “අවට පරිසරයේ තිබෙන ලොකු, කුඩා හැම දෙයකම පුදුමාකාර ඉංජිනේරු ශිල්ප ක්‍රමයක් දකින්න තියෙනවා. ශතවර්ෂ ගණනාවක් පුරා මිනිස්සු ඒවා අනුකරණය කරන්න උත්සාහ කරලත් තියෙනවා.”

    ඔබේ නිගමනය කුමක්ද? සමනල තටු ඇති වුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයද?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සනමලයාගේ විතරක් නෙවේ
    බන් ඒ වෆේ සියුම් තටු තියන තව සත්තු කිහිප දෙනෙක්ම ඉන්නවා
    ඔක්කොගෙම එහෙමයි අපි ලස්සනට කියලා අල්ලනවනේ :rolleyes: