සමනළයෙකුට වෙඩි තැබීම
Re post ද දන්නේ නැ ... උපුටා ගත්තේ මෙතනින්
පේ‍්‍රමකීර්ති ද අල්විස් කියල කියන්නේ ලෝකෙට කලාතුරකින් බිහිවෙන අපූරු මිනිහෙක්. මේ අපූරු මිනිහට වෙඩි තියල මරා දමන්න කවුරු හරි හිතනවානම්..ඒ සිතුවිල්ල තරම් අකාරුණික, අසාධාරණ සිතුවිල්ලක් මේ ලොකේ තවත් නෑ.
ඒත් කාටහරි ඒ අවාසනාවන්ත සිතුවිල්ල ඇතිවෙලා පේ‍්‍රම්ව ඝාතනය කරලා මේ අවුරුද්දේ ජූලි 31 වෙනිදට අවුරුදු 25ක් ගත වෙලා. ඒ වුනාට පේ‍්‍රමකීර්ති තවමත් අප අතර ජීවත් වෙනවා. පේ‍්‍රම් ලියූ ගීතයක් ඇහෙනකොට,වෙඩි තියලා මරාදැමූ ඔහු අපේ ලඟ ආදරණීයව ජීවත් වෙනවා.
1979 අපේ‍්‍රල් මාසෙ රජරට සේවය ආරම්භ කරන්න ගුවන් විදුලියේ කොළඹ පිරිසක් එක්ක පේ‍්‍රම් හිටියා.පේ‍්‍රමකීර්ති සම්බන්ධව ඇති බොහෝ සොඳුරු සිදුවීම් අතරින් එක් සිදුවීමක් තවමත් මගේ හදවතට සමීපයි.
පේ‍්‍රමකීර්ති රජරට ඉන්න කාලේ දෙසැම්බර් 31 වෙනිදාවක වසර අවසාන පි‍්‍රය සාදයක් අනුරාධපුර ප‍්‍රසිද්ධ හෝටලයක පැවැත් වුණා. පේ‍්‍රමකීර්තිත් මේ සාදයට සහභාගි වුනා. ප‍්‍රධාන ශාලවේ අඩ අඳුරෙ මේසයක් වටා වාඩි වී පේ‍්‍රමකීර්ති තවත් මිනිසුන් කීප දෙනෙක් එක්ක බර කතාවක්. ගීතය, චිත‍්‍රපටය, ගුවන් විදුලිය, වගේ ක්ෂේත‍්‍රයන් පිළිබඳව පේ‍්‍රමකීර්ති දකින අදහස් අහන් ඉන්න හරිම රසවත්. ඒ වගේම තර්කාණුකූලයි. ඔය අතරේ හෝටලයේ ශබ්ද විකාශන යන්ත‍්‍රයෙන් විවිධ ගීත ප‍්‍රචාරය වෙනවා. බොහෝ දෙනෙක් ගීතවල රිද්මයට රංගනයකට එක්වෙලා. සමහරු ඒ රිද්මයට අත්පුඩි ගහනවා. සමහරු මේසයට තට්ටු කරනවා. සී.ටී.ප‍්‍රනාන්දුගේ ‘මී අඹ වනයේ’ගීතය අවසන් වී වාදනය වූයේ කපුගේ ගැයූ ‘දවසක් පැල නැති හේනේ..’ගීතය. රංගනයට එක් වෙලා හිටි හැමෝම වාගේ හිටි තැන්වලම ඉදගෙන ගීතය අහනවා. කීප දෙනෙක් හෙමින් ගීතය මුමුණනවා. අපි සිටි මේසයට තරමක් ඈතින් කොරිඩෝවේ සිටි තරුණයන් කීප දෙනෙක් ඒ ගීතයට නැටුමින් දායක වෙලා. පේ‍්‍රම් ඒ පිරිස දිහා බලාගෙන හිටියා. අවුරුදු දහ අටේ විස්සේ තරුණයන් හතර පස් දෙනෙක් එතන හිටියා. පේ‍්‍රමකීර්ති පුටුවෙන් නැගිටලා එතනට ගියා. මටත් ඉබේටම වගේ එතනට යැවුනේ මොකක් හරි අමුතු දෙයකට පේ‍්‍රම් එක්වන බව අත්දැකීමෙන් දන්න නිසයි.
‘‘අපි දැක්ක පේ‍්‍රම් අයියා අතන ඉන්නවා.’’පේඹකීර්තිව හඳුනා ගත් එක් තරුණයෙක් නටන ගමන් එහෙම කිව්වා. පේ‍්‍රම් ඒ තරුණයගේ පිටට තට්ටුවක් දැම්මා. ‘‘මල්ලිලා ඔය නටන එක පොඞ්ඩක් නවත්වන්නකො’’පේ‍්‍රම් කිව්වා. තරුණයෝ ටික නැටුම නවත්වලා පේ‍්‍රම් දිහා බලාගෙන හිටියා. ‘‘ඔය සිංදුවෙන් මොකක්ද කියන්නේ කියලා මල්ලිලා දන්නවද?’’පේ‍්‍රම් ඇහුවා. ‘‘ඔව් අම්මා කෙනෙක් ගැනනේ..’’එක් තරුණයෙක් කිව්වා. ‘‘නිකම්ම අම්ම කෙනෙක් ගැන නෙවෙයි මල්ලි. මිල කරන්න බැරි තරම් දරු සෙනෙහසක් තියෙන අම්ම කෙනෙක් ගැන. දැනට ඔය වගේ ගීත තියෙන්නේ ඔච්චරයි. මමත් අම්ම ගැන, මව් සෙනෙහස ගැන ගීත ලියලා තියෙනවා. ඒත් කවුරු හරි මගෙන් ඇහුවොත්.. මම වැඩියෙන්ම කැමති මව් සෙනෙහස ගැන ලියවුන ගීතය මොකක්ද කියලා, මුළු විශ්වයෙම තියෙන හොඳම ගීතය කපුගේ දවසක් පැල නැති හේනේ ගීතය කියලයි මම කියන්නේ. මල්ලිලා මොන සිංදුවට නැටුවත් මට කමක් නෑ. ඒ වුනාට ඔය ගීතයට නටන්න එපා. ඔය වගේ ගීත තියෙන්නේ නටන්න නෙවෙයි. රස විදින්න. හදවතට තුරුළු කරගන්න. ඔය වගේ ගීතයකට නටනවා කියන්නේ ජාතික ගීයටත් නටනවා වගේ නරුම වැඩක්. පේ‍්‍රම් දිගින් දිගටම කියාගෙන යනවා. දේශනයකට සවන් දෙන සිසුන් පිරිසක් වගේ, තරුණයෝ ටික පේ‍්‍රම් දිහා බලගෙන ඉන්නවා. පේ‍්‍රමකීර්තිගේ දක්ෂතාවත් ඕනෑම කෙනෙක් කතාවෙන් තමන්ට නතු කර ගැනීමයි. ‘‘ඔය මල්ලිලට අණ කරන්න බැහැ. මේ.. මේ.. දේ කරන්න කියලා, ඒ වුණාට ඔය වගේ මල්ලිලා තමයි මේ වගේ කරුණු ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන පිරිස. කරුණාකරලා මල්ලිලා ආපහු ඒ ගීතය හොඳට අහන්න. කන් දෙකෙන් විතරක් නෙමෙයි, හදවතත් ළංකරගෙන ආපහු ඒ ගීතය අහන්න.’’ශබ්ද වාහිනී යන්ත‍්‍රය කි‍්‍රයා කරණ මල්ලිට කියලා පේ‍්‍රම් ආපහු ‘දවසක් පැල නැති හේනේ’ගීතය වාදනය කළා. කලින් ඇහුණු ගීත වලට උණුසුම් ප‍්‍රතිචාර දැක් වූ ශාලාවේ සිටි හැමෝම වගේ සාවදානව නැවත ගීතය අහන් ඉන්නවා. ගීතය අවසන් වුණා. එක් තරුණයෙක්ගේ ඇස් වල කඳුළු පිරිලා. පේ‍්‍රම් ඒ තරුණයාගේ අත් දෙක අල්ලා ගත්තා.‘‘මල්ලී ඔය ඇස් දෙකේ කඳුළුවලට පහලට ගලන්න ඉඩදෙන්න. ඒ කඳුළු නවත්වන්න හදන්න එපා. ඔයාගේ හදවත ඉල්ලන කඳුළු තමා ඔය ඇස්වල පිරිලා තියෙන්නේ. ඔය කඳුළු හුඟක් වටිනවා. දැන් ඔයාලට පුළුවන්ද කපුගේ ගෙ ඔය ගීතයට නටන්න?’’පේ‍්‍රම් අර තරුණයාගෙන් ඇහුවා. කිසිවක් නොකී තරුණයෝ දෙදෙනෙක් මොහොතකින් පේ‍්‍රමකීර්තිව වැළඳ ගත්තා. මගේ ඇස් බොඳ වුණා.
එදා ඒ හෝටලයේ සිටි තරුණයෙක් ඊට පස්සේ නිතරම වගේ රජරට සේවයට ඇවිත් පේ‍්‍රම්ව මුණ ගැහුණා. ඇතැම් ගුවන් විදුලි වැඩ සටහන් වලටත් වරින් වර ඔවුන්ව සහභාගී වුණා. ඒ එක් තරුණයෙක් අද දක්ෂ වෛද්‍යවරයෙක්. පේ‍්‍රමකීර්තිව හදිසියේ ඝාතනයට ලක්ව මිය ගිය පුවත අසා ඔහු කුඩා දරුවෙකු සේ හඩා වැලපුන අන්දම මට මතක් වෙනවා.
මේ සිදුවීම මෑතකදී යලිත් මතක් වුණේ එදා පේ‍්‍රමකීර්ති සමඟ මා සිටි එම හෝටලයේ එම ශාලාවෙම පසුගිය දිනෙක විවාහ උත්සවයකට සහභාගී වෙන්න ගිය අවස්ථාවක් නිසා. ශාලාවේ විශාල බෆල්ස් වලින් ගුණදාස කපුගේ ‘සන්ෆලවර්ස්’සමඟ නිර්මාණය කළ අලූත් සංයුක්ත තැටියේ ගීත ප‍්‍රචාරය වුණා. දවසක් පැල නැති හේනේ ගීතයට ශාලාවේ සිටි බොහෝ දෙනෙක් මධුවිත අතින් ගෙන නටන අන්දම දුටුවා. අදත් මා සිටි මේසය අසල පේ‍්‍රමකීර්ති එදා වගේ හිටියා නම්.. මුළු ශාලාවටම ඇහෙන්න කෑගහලා කියයි ..‘‘මිනිස්සුනේ ඔය ගීතයට නටන්න එපා.ඔය ගීතය අසා පල්ලා.. අහල අඩපල්ලා.. ඔය නැටුම වගේ නෙවෙයි ඒ කඳුළු කෝටියක් වටිනවා’’කියා. ඒත් අවාසනාවට අද පේ‍්‍රමකීර්ති-ල නෑ.

Last edited: