එදා යන්න යනකොට තමයි මේ ත්‍රෙඩ් එක දැක්කේ. වෙලාව තිබ්බේ නැති නිසා මුකුත් ලිව්වේ නැහැ.
ඒක නිසා මම අද හොයාගෙන ඇවිත් යමක් සටහන් කරන්න හිතුවා. එදා වෙඩි වැදුන සමණල්ලු කිහිප දෙනෙක් ගෙන් එක්කෙනෙක් තමයි විජය කුමාරතුංග කියලයි මට හිතෙන්නේ. ප්‍රේමකීර්තිද අල්විස් වගේ අහිංසක මිනිස්සුත් නිකරැණේ එදා මරා දැමුණා.
විජය කුමාරතුංගලා, ප්‍රේමකීර්තිද අල්විස්ලාට එදා වෙඩි තියලා දැම්මට ඒ මැරයින්ට ඔවුන්ව විනාශ කරන්න බැරිවුනා. අදටත් ඔවුන්ගේ නම මිනිසුන් ඇතර රැදී තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති.
රොන් අයියාට ස්තූතිවන්ත වෙනවා මේ වගේ මාන හිතවාදියෙකු ගැන සටහනක් ගොනු කිරීම පිලිබඳව.
අවසාන වශයෙන් මේ ගැන කීමට මම කොහේදි හෝ කියවපු පොඩි දෙයක් මතක්වුනා. කාගේ කියමනක්ද කියලනම් මතක නැහැ....
" උමතු මිනිසෙක්ට උයනක ඇති ගස් සියල්ල විනාශ කල හැක. එහෙත් වසන්තය උදාවන එක වැලැක්වීමට ඔහුට නොහැකි වනු ඇත............"
බොහොම ස්තුතියි මිස්සක මල්ලියා සටහන කියෙව්වට හා මල්ලි අවසානයට සඳහන් කරල තියෙන සුන්දර පොඩි වැකියට.....



