සමන්ගේ නීති විද්‍යාලය

කවුද හරි?

  • රුවන්

    Votes: 4 40.0%
  • සමන්

    Votes: 6 60.0%

  • Total voters
    10

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සමන්ගේ නීති විද්‍යාලය

    දැන් හතු පිපෙන්නා වගේ හැම විෂයටම පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්න හින්දා සමන් නීති විද්‍යාලයක් පටන් ගත්තා.

    මේකයි සමන්ගෙ නීති විද්‍යාලෙ වෙනස. මේකෙ නීතිඥ ශිෂ්‍යයන්ට උගන්නන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒත් කෝස් ෆී එක ගෙවන්න ඕනෙ.

    මොකක්?

    මෙහෙමයි. ඩිග්‍රිය ගන්නකම්ම නොමිලේ උගන්නනවා. පලවෙනි කේස් එක (නඩුව) දිනුවාම කෝස් ෆී එක ගෙවන්න ඕන. එහෙම තමයි ගිවිසුම් අත්සන් කරන්නෙ.

    ඔන්න රුවන් කියල එකෙක් ආව ඉගෙනගන්න. ඩිග්‍රියත් ගත්ත.

    මේ යකා ඊට පස්සෙ කියනව කවුරුවත් ඌ හයර් කළේ නැහැලු නීති උපදෙස් ගන්නවත් නඩුවකදී represent කරන්නවත්. ඉතිං මූ උසාවිය පැත්තෙවත් යන්නෙ නෑ. සමන්ගෙ සල්ලිත් නෑ. රුවන් ගාවත් ඇත්තටම සත පහක්වත් නෑ. අතින්-කටට ක්‍රමේට ජිවත් වෙන්නෙ.

    මේක හරියන්නෙ නෑ කියල සමන් තීරණය කළා නඩු මගට බහින්න.

    දැන් සමන් කියන විදිහට, සමන් නඩුව දිනුවොත් අධිකරණ තීන්දුවට ගරු කරලා රුවන් සමන්ට අය විය යුතු මුදල ණයක් අරගෙන හරි ගෙවන්න ඕන. සමන් නඩුව පැරදිලා රුවන් දිනුවොත් ඒත් රුවන් සමන්ට අයවිය යුතු මුදල ගෙවන්න ඕන, මොකද නඩුවක් දිනුවොත් රුවන් ගිවිසුමකින් බැඳිලා ඉන්නවනේ සමන්ගෙ මුදල ගෙවන්න.

    රුවන් කියන විදිහට රුවන් නඩුව දිනලා සමන් පැරදුණොත් රුවන් සමන්ට කීයක් වත් ගෙවන්න ඕන නැහැ. මොකෝ අධිකරණ තීන්දුව කියන්නෙ රුවන් සල්ලි ගෙවන්න ඕන නෑ කියලනෙ. හැබැයි රුවන් නඩුව පැරදුණොත් ඒත් සල්ලි ගෙවන්න ඕන නැහැ. මොකෝ ගිවිසුම ප්‍රකාරව රුවන් එක නඩුවක් වත් දිනලා නැහැනේ.

    දැන් කවුද මේ දෙන්නගෙන් හරි?

    පිළිතුරු දෙකයි තියෙන්නෙ. රුවන් / සමන්
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමන්ට සල්ලි හම්බෙනව රුවන්ගෙන් කොහොම කරත් :baffled:

    නඩුව දාන්නෙ රුවන් නඩුවක් දිනන්න කලින් සමන්ට සල්ලි ගන්න පුලුවන්ද බලන්න. මොකෝ රුවන් වංචාවෙන් සල්ලි නොගෙවා ඉන්න හින්ද .නඩුවෙන් තීන්දු කරොත් සමන් දිනුම් කියල රුවන් එකට ගරු කරල සල්ලි දෙන්න ඕනේ. ගිවිසුමට වඩා නඩු තීන්දුව බලවත්.

    රුවන් දිනුවොත් සමන්ට නඩුවෙන් සල්ලි හම්බවෙන්නේ නෑ. හැබැයි එතකොට අලුත් තත්වයක් හැදෙන්නේ. කලින් නඩුවක් නොදිනපු රුවන්ගෙන් සල්ලි ගන්න පුලුවන්ද බැරිද කියල දුන්න තීන්දුව අදාළ නෑ දැන් ඉන්න නඩුවක් දිනල ඉන්න රුවනට. එතකොට කලින් ගහපු ගිවිසුමට අනුව රුවන් බැඳිලා ඉන්නව සමන්ට සල්ලි ගෙවන්න.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මොකද්ද ඕයි මේක කොටි වලිගයක් නේ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ගිවිසුමට වඩා නඩු තීන්දුව බලවත්.

    ඒත් මේකෙන් සමන් හරි වෙන්නේ නෑනේ, ගිවිසුම කඩ කළා කියල රුවන් නඩු දැම්මොත්?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් මේකෙන් සමන් හරි වෙන්නේ නෑනේ, ගිවිසුම කඩ කළා කියල රුවන් නඩු දැම්මොත්?

    සමන් දිනුවොත් ගිවිසුම කඩ කලා කියන්න බෑ මොකෝ ගිවිසුම කඩ කරල සල්ලි ගන්න පුලුවන්ද බැරිද කියලනෙ සමන් අහන්නෙ නඩුවක් දාල. ගිවිසුම කඩන්න අධිකරණයෙන්මයි අවසර ලැබෙන්නෙ.

    සමන් පැරදුනොත්, අලුත් තත්ත්ව යටතේ රුවන් දැන් නඩුවක් දිනලා ඉන්නෙ, රුවන් ආය නඩුවක් දැම්මොත් එයාටමයි අවාසි මොකෝ එයා තමයි දැන් ගිවිසුම කඩල තියෙන්නෙ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මොකක්ද මචන් අහන්නේ දෙන්නගෙන් හරි කවුද කියලද නැත්තන් නඩුව දිනන්නේ කවුද කියලද ප්‍රශ්නේ පැහැදිලි මදි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රුවන්ට තියෙන්නේ නඩුවට වෙන ලෝයර් කෙනෙක් අල්ලන්න එයා වෙනුවට :yes: එතකොට නඩුව දින්නත් දින්නේ වෙන ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් හින්ද රුවන් තාම කිසිම නඩුවක් කතාකරලා දිනපු නැති කෙනෙක්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    රුවන්ට තියෙන්නේ නඩුවට වෙන ලෝයර් කෙනෙක් අල්ලන්න එයා වෙනුවට :yes: එතකොට නඩුව දින්නත් දින්නේ වෙන ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් හින්ද රුවන් තාම කිසිම නඩුවක් කතාකරලා දිනපු නැති කෙනෙක්

    අතේ සතේ නෑ කියල කියල තියනවනේ රුවන්ගෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මොකක්ද මචන් අහන්නේ දෙන්නගෙන් හරි කවුද කියලද නැත්තන් නඩුව දිනන්නේ කවුද කියලද ප්‍රශ්නේ පැහැදිලි මදි

    කවුද හරි කියල :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සමන් දිනුවොත් ගිවිසුම කඩ කලා කියන්න බෑ මොකෝ ගිවිසුම කඩ කරල සල්ලි ගන්න පුලුවන්ද බැරිද කියලනෙ සමන් අහන්නෙ නඩුවක් දාල. ගිවිසුම කඩන්න අධිකරණයෙන්මයි අවසර ලැබෙන්නෙ.

    සමන් පැරදුනොත්, අලුත් තත්ත්ව යටතේ රුවන් දැන් නඩුවක් දිනලා ඉන්නෙ, රුවන් ආය නඩුවක් දැම්මොත් එයාටමයි අවාසි මොකෝ එයා තමයි දැන් ගිවිසුම කඩල තියෙන්නෙ.

    ඉතිං එහෙනං අළුත් තත්වේ යටතේ ගිවිසුම කඩන්න අධිකරණයෙන් රුවන්ට අවසර ලබිලානේ :D එතකොට රුවන් හරි සමන් වැරදි ;)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සමන් ගිවිසුමට පිටින් ගිහින් අධිකරණයේ පිහිට පතන හින්දා, රුවන් දින්නොත් ගිවිසුමට පිටින් ගිහින් අධිකරණයේ තීන්දුව මත යැපෙන්න පුලුවන්... සාධාරණයි...
    සල්ලි ගෙවිය යුතු නැහැ...

    අනික් අතට රුවන් දින්නත් රුවන්ට සේවාදායකයෙක් නෑ... රුවන් කතා කරන්නේ තමන්ගේම නඩුවට... ඉතින් ඔහුට සේවයට ගෙවීමක් සිදු වන්නේ නැහැ. නඩුව දින්නත් තවමත් ඔහුට සමන්ට ගෙවීමට මුදල් නෑ...
    එහෙම බලනකොට රුවන් හරි වගේ... :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සමන් ගිවිසුමට පිටින් ගිහින් අධිකරණයේ පිහිට පතන හින්දා, රුවන් දින්නොත් ගිවිසුමට පිටින් ගිහින් අධිකරණයේ තීන්දුව මත යැපෙන්න පුලුවන්... සාධාරණයි...
    සල්ලි ගෙවිය යුතු නැහැ...

    අනික් අතට රුවන් දින්නත් රුවන්ට සේවාදායකයෙක් නෑ... රුවන් කතා කරන්නේ තමන්ගේම නඩුවට... ඉතින් ඔහුට සේවයට ගෙවීමක් සිදු වන්නේ නැහැ. නඩුව දින්නත් තවමත් ඔහුට සමන්ට ගෙවීමට මුදල් නෑ...
    එහෙම බලනකොට රුවන් හරි වගේ... :confused:

    ගිවිසුමේ නැහැනේ නඩු මඟට බැස්සොත් ගිවිසුම අවලංගුයි කියල... සමන් නඩු දාන්නෙ මිනිහ කන්ෆිඩන්ට් හින්ද මේක දින්නත් පැරදුනත් සල්ලි ලැබෙයි කියල... :yes: ඒ වගේම රුවනුත් කන්ෆිඩන්ට් සල්ලි ගෙවන්නෝන නෑ කියල... කවුද හරි?

    ගිවිසුමේ තියෙන්නෙ "නඩුවක් දින්නම" කියලනේ, ඒ කියන්නෙ ඒ එක නඩුවෙන් සල්ලි හොයල ඩිග්‍රියේ මිල ගෙවන්න කියල නෙවේ නඩුවක් දිනන්න තරං හොඳට උගන්නපු නිසා අදාළ මුදල ගෙවිය යුතුයි කියන එක :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕකට නීති තර්ක ඕනේ නෑ බන්. .
    වෙන කෙනෙක්ගේ සල්ලි වලින් ඉගෙන ගත්තනම් ලෝයර් කෙනෙකුත් වුනානම් ලෝයර්ගේ යුතුකම තමන්ට මේ තත්වෙට එන්න සල්ලි යෙදෙව්ව කෙනාට ඒ මුදල ගෙවන එක. .

    මේ කතාවෙන් ලෝයර්ලා කියන්නේ කෙලෙහිගුනයක් නැති එවුන් කියලත් ලාවට කියවෙනවා. .
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සමන් දිනුවොත්, රුවන්ට සිද්ද වෙනවා සමන්ට සල්ලි ටික දෙන්න

    රුවන් දිනුවොත් ඌ කීයක්වත් සමන්ට දෙන්න ඕනේ නෑ, මොකද ඌ විත්තිකරු විදියට නඩුවට පෙනී ඉන්නෙ. ලෝයර් කෙනෙක් විදියට නෙමේ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ගිවිසුමේ නැහැනේ නඩු මඟට බැස්සොත් ගිවිසුම අවලංගුයි කියල... සමන් නඩු දාන්නෙ මිනිහ කන්ෆිඩන්ට් හින්ද

    ඉතින් එහෙනම් ගිවිසුමේ නෑනේ නඩුවක් පැරදුනොත් සල්ලි ගෙවන්න කියලා... මොකද නඩු මඟට බැස්සට ගිවිසුම අවලංගු නැති නිසා...

    හැබැයි ඉතින් මොන දේ උනත් අන්තිමට නඩු තීන්ඩුව නේද වලංගු?
    :oo:

    ගිවිසුමේ තියෙන්නෙ "නඩුවක් දින්නම" කියලනේ, ඒ කියන්නෙ ඒ එක නඩුවෙන් සල්ලි හොයල ඩිග්‍රියේ මිල ගෙවන්න කියල නෙවේ නඩුවක් දිනන්න තරං හොඳට උගන්නපු නිසා අදාළ මුදල ගෙවිය යුතුයි කියන එක :yes:

    ඔව් ඒක හරි... ඒ ගිවිසුම අනුවනේ. උඹ අහන්නේ කවුද හරි කියලනේ... මට නම් හිතෙන්නේ අතේ සල්ලි නැතුව වේලි වේලි ඉඳිද්දි තමන්ට විරුඩ්දව සල්ලි ඉල්ලලා නඩුවකුත් දාපු එකෙක්ට ගෙවන්න ඔනි නැහැ කියලා. :P

    හැබැයි තව දෙයක් රුවන් හිතලා ඕනේකමින් නඩු කතා කරන්නෙ නැතුව ඉන්නවා නම් රුවන් වැරදි.