සමන්ගේ නීති විද්‍යාලය
දැන් හතු පිපෙන්නා වගේ හැම විෂයටම පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්න හින්දා සමන් නීති විද්‍යාලයක් පටන් ගත්තා.
මේකයි සමන්ගෙ නීති විද්‍යාලෙ වෙනස. මේකෙ නීතිඥ ශිෂ්‍යයන්ට උගන්නන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒත් කෝස් ෆී එක ගෙවන්න ඕනෙ.
මොකක්?
මෙහෙමයි. ඩිග්‍රිය ගන්නකම්ම නොමිලේ උගන්නනවා. පලවෙනි කේස් එක (නඩුව) දිනුවාම කෝස් ෆී එක ගෙවන්න ඕන. එහෙම තමයි ගිවිසුම් අත්සන් කරන්නෙ.
ඔන්න රුවන් කියල එකෙක් ආව ඉගෙනගන්න. ඩිග්රියත් ගත්ත.
මේ යකා ඊට පස්සෙ කියනව කවුරුවත් ඌ හයර් කළේ නැහැලු නීති උපදෙස් ගන්නවත් නඩුවකදී represent කරන්නවත්. ඉතිං මූ උසාවිය පැත්තෙවත් යන්නෙ නෑ. සමන්ගෙ සල්ලිත් නෑ. රුවන් ගාවත් ඇත්තටම සත පහක්වත් නෑ. අතින්-කටට ක්‍රමේට ජිවත් වෙන්නෙ.
මේක හරියන්නෙ නෑ කියල සමන් තීරණය කළා නඩු මගට බහින්න.
දැන් සමන් කියන විදිහට, සමන් නඩුව දිනුවොත් අධිකරණ තීන්දුවට ගරු කරලා රුවන් සමන්ට අය විය යුතු මුදල ණයක් අරගෙන හරි ගෙවන්න ඕන. සමන් නඩුව පැරදිලා රුවන් දිනුවොත් ඒත් රුවන් සමන්ට අයවිය යුතු මුදල ගෙවන්න ඕන, මොකද නඩුවක් දිනුවොත් රුවන් ගිවිසුමකින් බැඳිලා ඉන්නවනේ සමන්ගෙ මුදල ගෙවන්න.
රුවන් කියන විදිහට රුවන් නඩුව දිනලා සමන් පැරදුණොත් රුවන් සමන්ට කීයක් වත් ගෙවන්න ඕන නැහැ. මොකෝ අධිකරණ තීන්දුව කියන්නෙ රුවන් සල්ලි ගෙවන්න ඕන නෑ කියලනෙ. හැබැයි රුවන් නඩුව පැරදුණොත් ඒත් සල්ලි ගෙවන්න ඕන නැහැ. මොකෝ ගිවිසුම ප්‍රකාරව රුවන් එක නඩුවක් වත් දිනලා නැහැනේ.
දැන් කවුද මේ දෙන්නගෙන් හරි?
පිළිතුරු දෙකයි තියෙන්නෙ. රුවන් / සමන්

එතකොට රුවන් හරි සමන් වැරදි 