බුද්ධ දර්මය කියන්නෙ උදේට හවසට පෝයට මලක් හදුන්කූරක් පුජා කරල දානයක් දීල ජාතක කතාවක් අහල කරගෙන යන සාම්ප්‍රදායිකත්වය තුළ පවතින දෙයක් නෙමෙයි ඊට වඩා බොහෝ එහාට ගිය පුද්ගලයාගේ සිතම මූලික කරගත් ආධ්‍යාත්මික පුහුනුවක් කියන කාරනේ මම අවබෝධ කර ගත්තෙ 2012 - 15 අතර කාලෙ පිටිදූවෙි සිරිධම්ම ස්වාමින් වහන්සේ කරපු දේශනා වලින්. නමුත් ඒ අවබෝධයෙන් ඔබ්බට යන මාර්ගය ත්‍රිපිටකය තුලින් පහදල දෙනව කවදාකවත් මට උන්නාන්සෙගෙ කිසිම දේශනාවක අහන්න ලැබිල නෑ. රහතෙක්ගෙ හැටි මෙහෙමයි වැඩි දෙයක් දැනගන්න ඕන නං ආශ්රමයට එන්න කියන කථාව තමයි ගොඩක් සැරයක් අහන්න ලැබුනෙ. ඉතින් අර මුලින් ලැබුනු අවබෝධයෙ වැඩි දියුනු වීමක් උනෙත් නෑ. හිටිය වගේම ජීවිතේ ඉස්සරහට ගියා මිසක් ප්‍රායෝගිකව ලබා ගත්ත සැනසීමකුත් තිබූනෙ නෑ. ඊට පස්සෙ හාමුදුරුවන්ගෙ තමන්ව හුවා දක්වගන්න පටන් ගත්ත ක්‍රියාකලාපය නිසා සහ ඒ දේශනා කරන දේවලින් ප්‍රායෝගිකව ලැබුන දෙයක් නැති නිසා ටිකෙන් ටික ඈත් වුනා . මගෙ පුද්ගලික විශ්වාසය උන්නාන්සෙගෙ වැඩපිලිවෙල ඇතුලෙ මිනිස්සුන්ට ධර්මාවබෝධය දෙන එකට වඩා ආකල්ප වෙනස් කිරීම වගේ පරමාර්ථයක් තියෙන්නේ. ඉරාජ් වගේ මිනිස්සු ලගින් තියාගෙන ඉන්න එකෙන් ඒක හොදට පැහැදිලියි. ඒ කතාව කෙසේ වෙතත් 2017 මැද වගේ කාලෙ අහන්න ලැබුනු වෙනත් ස්වාමීන් වහන්සේ නමකගෙ දේශනාවකින් මගෙ ජීවිතේ ඒ වෙනකන් ආපු මාර්ගය සම්පුර්ණයෙන් වෙනස් උනා.