මෑතකදී කතාබහට ලක් උන නැතිනම් තවමත් සමාජ මාධ්‍ය කරලියේ ටොප්ටෙන් වලම තියෙන මාතෘකාවක් තමයි සදහම් ආශ්රමයේ බුදුන් ඉස්සරහ මස් මාලු කෑම.
සමන්තභද්‍ර හිමියන් යනු ඇත්ත ඇති සැටියෙන් දකින මානව හිතවාදී පොලොවේ සිටිනා සැබෑ උත්තමයෙකි. රාජපක්ෂ පවුලේ උවද සෑමවිටම පාහේ වැදීමට පිදීමට ලක්වන හිමිනමකි. ජනාධිපති අගමැති යනු සාමාන්‍ය අප මෙන් අය නොවේ. යමක් තේරෙන මුහුකුරා ගිය දැනුමක් තියෙන රටේ ඉහලම සිටින මුල් පුරවැසියන් දෙදෙනායි. ඉවුන් දෙදෙනාට මේ හිමියන්ගේ වටිනාකම පෙනුනමුත් අනෙක් අයට එය නොපෙනීම අප කාගේත් අභාග්‍ය කි.
මෑතකදී දායක මහතෙකුගේ දෙමාපියන්ගේ උපන්දිනයක් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ උපන්දින සැමරුමක් සදහම් ආශ්රමයේ පැවැත්විය. දෙමාපියන්ගේ උපන්දිනයවෙනුවෙන් දානයක් දෙන්න තරම් එම දායක මහතා සැදැහැවත් සිල්වත් අයෙක් විය. එහි තිබෙන හොද විනා රටේ මිනිසුන් කෑගැසීමට පටන්ගත්තේ පන්සලේ මස් කෑවා කියාය. වැරදි හොයන්න ලාංකිකයා රුසියාය. මඩ ගැසීමටත් ලාංකිකයා රුසියාය. උඩක් බිමක් නොදැන චෝදනා එල්ලකරන්න ඔවුන් පසුබට වෙන්නෙ නැත.
සදහම් ආශ්රමයේ සැමදාම නව ආරට කෑම පිසියි. ගමේ මිනිසුන් පවා අලුත් දෙයක් ඉගෙනගනී. සමන්තභද්‍ර හිමියන්ගේ යෝජනාවකට අනුව එම උපන්දින සාදයට කොස් පිටි , කොස් ඇට , දෙල් පිටි හා කුරහන් පිටි ආශ්රයෙන් නව ක්‍රමයකට මාංශ රසයට සමාන කෑමක් සාදාගෙන තිබිනි. ස්වභාවිකව ශාක කොටස් පමණක් භාවිතා කොට තැනූ මෙම ආහාරය මාංශ රසයට හා පෙනුමට බෙහෙවින් සමානකමක් ගනී. එම සාදයේ මුලින්ම තිබුනේ එලෙස සාදාගත් ආදේශකයි.
මෙම එකමුතුව වෙනස දරාගැනීමට නොහැකි පාර්ශවයන් විසින් සැලසුම් සහගතව මෙම නොමනා ඡායාරූප අන්තර්ජාලයට එක්කොට තිබිනි. ඔබත් නියම බෞද්ධයෙක් නම් සිංහල ජාතියට ආගමට මහින්ද රාජපක්ෂ පවුලට ගරුකරනවානම් මේ බොරු යටපත් වෙන්න සත්‍ය ඔබගේ මිතුරන් සමග ශෙයා කරගන්න.
ස්තූතියි..!!

