සමන්ත_භද්‍ර

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඇයි බන් පොත් පත් වල නියම දහම තියෙද්දි විකුර්තිකරපු දහමක් අහන්නේ.. අන්න අර රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටික බලපන් කෝ බුද්ධාගම ඔනෙ නම්

    :yes::yes::yes::yes:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    spiritual දරිද්‍රතාවය නිසා ඇතිවූ ප්‍රපංචයක් ????
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    සමන්ත භද්‍ර යනු

    2mOxsgf


    සමන්ත භද්‍ර යනු ලංකාවේ පවත්නා (විකෘති කරන ලද) බුදුන් ගේ දහමට චැලෙන්ජ් එකක් දුන් පුද්ගලයාය​. මිනිස් බිළි ඉල්ලන ඉත්තෑකන්දේලා , ඥාණසාරලා මෙන් ඔහු අනෙකාට වෛර කරන්න කියා උගන්වන්නේ නැත​. එසේම මහා නායකලා හොරෙන් ගන්නා ආතල් ඔහු එලිපිටම විඳියි. ඒවා සාධාරනීකරණය කරයි. ඔහු තමා රහත් බව කියන්නේ Delusional disorder තත්වයක් නිසාද නැතහොත් Narcissistic personality disorder තත්වය නිසාද කියා නොදනිමි. සමන්ත භද්‍ර අනෙකුත් භික්‍ෂූන්ට වඩා බුදු දහම කියවා තිබේ. ඒ නිසා සමන්ත භද්‍රට (දැණුම හරහා) චැලෙන්ජ් කිරීමට කිසිදු භික්‍ෂුවක් එන්නේ නැත​. එන අය බ්ලාස්ට් කරන ක්‍රම සමන්ත භද්‍ර දනියි. කෙසේ නමුත් සමන්ත භද්‍රලා යනු මේ යුගයේ spiritual දරිද්‍රතාවය නිසා ඇතිවූ ප්‍රපංචයක් බව තේරුම් ගත යුතුය​.

    Obathuma Dan Me hamuduruwange Bana videos kochchara balala thiyenawada... ??

    keeyak balalada oya thireneta awee.. (balanna kaliyen asami )
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ප්‍රපංචය කියන්නේ phenomenon. මඡ්ක්‍ධිම නිකායට අයත් “මධු පිණ්ඩික” සූත්‍ර දේශනාවෙන් “ප්‍රපංච” යන වචනයේ තේරුම සොයා ගත හැකිය. එහිදී ඇස මුල් කොට දකින දේ නිසා ප්‍රපංච ඇති වන ආකාරය මෙසේ විස්තර කරයි. “ චක්ඛුං ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං ප්‍රපංචේති” ඇසත් රූපයත් නිසා ඇසේ විඤ්ඤාණය හට ගනී. මේවායෙහි එකතුව ස්පර්ශය යි. ස්පර්ශය නිසා විඳීමත් විඳීම නිසා හඳුනා ගැනීමත් හඳුනා ගැනීමෙන් විතර්කයත් විතර්කය නිසා ප්‍රපංචයත් ඇති වේ. මේ අනුව සරල වශයෙන් “ප්‍රපංච” යනු ආයතන හයෙන් හඳුනා ගත් දෙයක් පිළිබඳ ව දිගින් දිගට සිතා බැලීම ලෙස දැක්විය හැකිය. අප ඇසින් යමක් දුටු විට දුටු පමණින් නැවතීමක් නැත. එය හඳුනා ගෙන දිගින් දිගට ඒ පිළිබඳ ව සිතන්නට පෙළඹේ. උදාහරණයක් ලෙස ඇසින් දුටුවේ පුටුවක් නම්, එය සාදා ඇත්තේ කුමකින්ද ? එහි වර්ණය, හැඩය ආදී වශයෙන් විවිධ සිතිවිලි පහල කරයි. හඳුනා ගැනීමත් සමග ම යෙදෙන මේ සිතිවිලි ප්‍රපංච ලෙස දැක්වේ. මෙහි දී විතර්කය හා ප්‍රපංචය දෙකක් ලෙස දැක්වීම ද විශේෂත්වයකි. විතර්කයම තව දුරටත් දිග් ගැස්වීම ප්‍රපංචය යි. විතර්ක ප්‍රපංච දෙකටම මූලික වන්නේ විඳීම හා හඳුනා ගැනීමයි. විඳීමක් හඳුනා ගැනීමක් නොමැති තැන විතර්ක ප්‍රපංච නැත. ප්‍රපංච අකුසල සහගත පමණක් ම නොවේ. ධම්ම විතර්ක ද ඇත. ඒවා ද දිගින් දිගටම මෙනෙහි කිරීම ප්‍රපංචය යි. කෙසේ හෝ ප්‍රපංචය හේතු කොට ගෙන අනිත්‍ය දර්ශනය ට බාධා ඇතිවේ.
    මේ නිසා විතර්ක ප්‍රපංච බැහැර නොකොට අනිත්‍ය දර්ශනය ලබා ගැනීමට නොහැකිය. යමක් හඳුනා ගැනීම ප්‍රපංචයට හේතු වන බව “සඤ්ඤානිදානා හි ප්‍රපංචසංඛ” යන සුත්ත නිපාතයේ කලහ විවාද සූත්‍ර පාඨයෙන් ද හෙළිවේ. මේ නිසා අනිත්‍ය දර්ශනය සංඥාවෙන් බැහැර වූ දෙයක් ලෙස තේරුම් ගත හැකිය.
    මේ කරුණ ම මඩු පිණ්ඩික සූත්‍රයේ දී තවදුරටත් විග්‍රහ කර දක්වයි. “යමක් හේතුකොට ගෙන ( විඳීමක්, හඳුනාගැනීමක් ) පුද්ගලයෙකුගේ සිත තුළ ප්‍රපංච හැසිරේ නම් ඒවා පිළි නො ගත යුතුය. ඒ පිළිබඳ කථා බස් නො කළ යුතුය. ඒවාට බැඳී නොසිටිය යුතුය. මෙය සියලු පාපී අකුසල ධර්මයන් ගේ නිරෝධය යි.” ප්‍රපංචයන් ගෙන් බැහැර වීම නම් අනිත්‍ය දර්ශනයට පැමිණිය යුතුය. නිවනට පරියාය වචනයක් ලෙස “නිප්පඤ්ච” වචනය යෙදී ඇති බව මෙහිදී සලකා බැලිය හැකිය. අංගුත්තර නිකායට අයත් “ අනුරුද්ධ සූත්‍රයෙහි ද , “ මේ ධර්මය ප්‍රපංචයන් හි නො ඇලී සිටින තැනැත්තාම බව දැක්වේ. එහිම අවසන් ගාථාවන්හි සඳහන් වන “නිප්පපඤ්චරතො බුද්ධෝ” යන්නෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රපංච නැති බවෙහි ඇලී වාසය කරන බව දැක්වේ.
    යවකලාපී සූත්‍රයේ දී මේ ප්‍රපංචය ඉතා සියුම් වූ මාර බන්ධනයක් ලෙස හඳුන්වා වදාළහ. එසේ ම ප්‍රපංචය යනු සිතෙහි හැසිරෙන සිතිවිලි සමුදායක් බව ද එම සූත්‍රයෙන් ම තේරුම් ගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ බාගිය දාරුචීරය තාපසයාට දුන් කෙටි අවවාදයෙහි සඳහන් “දුටුවෙහි දුටු පමණක් වන්නේ ය”, යන්නෙන් ප්‍රපංච නැති බව අදහස් වේ. ඒ ප්‍රපංච නැති බවට පැමිණීමෙන් ම බාහිය අර්හත්වය ලබා ගති. සාමාන්‍ය ලෝකයා ආයතන හයෙන් ලබා ගන්නා අරමුණු ඔස්සේ විතර්ක ප්‍රපංච වලට යොමු වේ. නමුත් සතිය දියුණු කර ගත් යෝගාවචරයා දකින, අසන, විඳින, දැනගන්නා දේ අනිත්‍ය වූ ධර්මතාවයක් ලෙස සලකා බලයි. ව්‍යවහාරයට අදාළ සංඥා වශයෙන් නොව ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් ත්‍රිලක්ෂණයට නගා බැලීම ප්‍රපංච නිරෝධ මාර්ගය යි. අනිත්‍ය දර්ශනය විතර්කයක් නො වන බව මෙයින් ඉතාම පැහැදිලි වේ.
    බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කොට වදාළේ, අනිත්‍ය දර්ශනය පිණිස සිත පුහුණු කිරීමට යි. ඒ නිසා සෑම අවස්ථාවක ම සිහියෙන් යුක්තව කටයුතු කිරීමෙන් ඒ ඒ දෙයෙහි අනිත්‍ය බව තේරුම් ගත හැකිය. ඒ අයුරින් සතිය දියුණු කරගත් යෝගාවචරයාට විතර්කයකින් තොරව හේතු ඵල දහමක් ලෙස අනිත්‍ය දර්ශනය ලැබිය හැකිය.
    යමක් පිළිබඳව විතර්ක ප්‍රපංච කිරීම මනස නමැති ආයතනයේ ක්‍රියාකාරිත්වය යි. ආයතනයක ක්‍රියාකාරිත්වය නිවන නොව සසර යි. සළායතන නිරෝධය ම නිවන වේ. මේ නිසා සතර සතිපට්ඨානය තුළ සතිය දියුණු කළ යුත්තේ විතර්කයෙන් තොරව අනිත්‍ය දර්ශනයට පැමිණීම පිණිසය. ආරම්භයේ දී මෙය අපහසු වේ. මුලදී විතර්ක බලයෙන් සමාධිය දියුණු කොට පසුව විතර්ක සංසිදුවා අනිත්‍ය දර්ශනයට යොමු විය යුතුය.
    සළායතනයන් ගෙන් අරමුණු ගන්නා වේගය අඩු කිරීම සමාධියේ කෘත්‍යය යි. අංගුත්තර නිකාය ඡක්ක නිපාතයෙහි “ යො පපඤ්චං අනුයුත්තො, පපඤ්චාභි රතෝ මගෝ, විරාධයී සෝ නිබ්බානං, යෝගක්ඛේමං අනුත්තරං” යනුවෙන් යම් පුද්ගලයෙක් ප්‍රපංචයෙහි යෙදුනේ ද ප්‍රපංචයෙහි ඇලුනේ ද ඔහු යෝගක්ඛේම නම් වූ නිවනින් දුරු වුනා යනුවෙන් දේශනා කොට වදාළහ.
    නිවන පිණිස ප්‍රපංචය කොතරම් බලපෑමක් කරන්නේදැයි මෙයින් පැහැදිළි වේ. මේ නිසා නිවන පිණිස වෙර දරන යෝගාවචරයා ප්‍රපංච දුරු කිරීම පිණිස උත්සාහ කළ යුතු වේ. ඒ සඳහා නිවැරැදි ලෙස සතිය දියුණු කළ යුතුය.


    එජකුලේට
    ජකුලේට
    කුලේට
    ලේට

    පිටරට සුවද
    මාම ඩීවරයෙක්
    නැන්ඩ හඋසෙ වෛෆෙ :baffled::baffled::baffled::baffled:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ගොවිගම නොවන කුල වල අයට පැවිදි වීම සදහා 19 වන සියවසේදී අමරපුර - රාමඤ්ඤ නිකායයන් ආරම්භ කෙරුනි. මෙය සියම් නිකායට එරෙහි වීමකි. සියම් නිකාය ඇරඹි 18 වන සියවසේදී එය ආරම්භ කර දශක කිහිපයක් ඇවෑමෙන් එම නිකාය ගොවිගම කුයේ අයට පමණක් වෙන් කෙරිනි.

    මෙතන තමයි අපිට වැරදුනේ
     

    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    අනික් හමුදුරැවෝ කියන දෙවලුයි මෙයා කියන දෙවලුයි ගොඩක් වෙනස්.මෙයා නිසා මාත් බුදුදහම ගැන හොයන්න ගත්තා.රහත්ද නැත්ද කියලා අදාල නැ මට නම්.කියන බණ වලින් හිත නිවෙනවා.කියන්න ඔනි එක කෙලින්ම කියනවා.එයා නිසා සමාජයේ යම් පිරිසක් දහම ගැන හොයන්න අරන්.එක තමයි වෙන්න ඔනි..

    :yes::yes::yes::yes::yes::yes::yes: