සමස්තකරණ ප්‍රවාද (totalization theories)
අපි බොහෝ තීරණ ගන්නේ ක්‍ෂුද්‍ර (micro) තත්වයන් දිහා බලලා. ආසිනුකරයේ අපට සාර්ව (macro) තත්වයන් මත තීරණ ගැනීමේ නැඹුරුවක් උපතින් ම නැද්ද කියලත් හිතෙනවා. ඒත් බටහිරයා මෙහි ශූරයෙක්. ඔහු යටත් විජිත පිහිටුවමින් වෙනත් ලෝක හොයාගෙන ගියේ මේ දැක්මේ තිබෙන වෙනස නිසා. ඔහු දැන ගත්තා තමන්ගේ ක්‍ෂුද්‍ර ලෝකය මත පමණක් රදා පැවතිම අනතුරු දායකයි කියල. ඒ නිසා ඔහු සැම නතුකරගන්නා සමස්තකරණ ප්‍රවාද (totalization theories) හැදුවා. පස්සේ ඒ ප්‍රවාද හරහා ලෝකයේ ඉන්ටෆේස් (මූලික සැකසුම) එකේ බලය තමන් සතු කරගත්තා. දැන් අපි දුවන්නෙත් එහෙම නතු කරගත්ත බටහිර ඉන්ටෆේස් එකක.
ආපහු මුලට. සාර්ව පින්තූරයක් නිර්මාණය කරගන්න නම් යමක් දිහා මදක් ඈතින් සිට බලන්න ඕන. එහෙම බලනකොට අපි මීට පෙර නොදුටු පින්තූර රටා හා රේඛා අපට පෙනෙන්න ගන්නවා. හරියට චන්ද්‍රිකා තාක්‍ෂණය දියුණු වුනාට පස්සේ පෘථිවියේ ඒතාක් හඳුනා නොගත් දැවැන්ත නිර්මාණ හඳුනා ගත්ත වගේ. ඉන්දියාව හා ලංකාව යා කළ ඓතිහාසික වැටිය එහෙම එකක්. අද ලෝකයේ බොහෝ දේවල් ගැන අනාවැකි හා නිගමනාදියට එන්නේ එවැනි කුරුළු බැලුම්වලින්. ක්‍ෂුද්‍ර පින්තූර හරහා ගන්න තීරණ නිකං නැට්ට (ක්‍ෂුද්‍ර තත්වය) විසින් බල්ලා (සාර්ව තත්වය) නැටවීමක් වගේ එකක්. මහින්දගේ ක්‍ෂුද්‍ර වැරදි දැකල කෙනෙක් ඔහුගේ සමස්තය ප්‍රතික්‍ෂේප කළා.
අපි මුලින් කිව්ව අපි දැනට දුවන ලෝකයේ ඉන්ටෆේස් එක බටහිර කියල. එහෙනම් වත්මන් ලෝකයට වැටහෙන්නෙ ඒ භාෂාව. එහෙනම් අපි තීරණ ගන්නත් ඕන දැනට බටහිර විදියට (කෙසේ වෙතත්, බටහිර ඉන්‍ටෆේස් එක තිරසාර නැහැ. දේශගුණික විපර්යාස ඊට නිදසුනක්. ඒක වෙනම ප්‍රශ්නයක්). අපි බටහිර ක්‍රමය අනුගමනය කරන්නේ ඌරගේ මාළු ඌ මතම තියල කපන්න ඕන නිසා. බටහිර ඉන්ටෆේස් එකේ පෙරදිග නැඹුරුවක තීරණ අරගෙන බැහැ. රටක දේශපාලනය ගැන පවා මෙවැනි ප්‍රවේශයක් යොදාගෙන බැලීම ඉතාම වැදගත්. එතකොට අපට සාමාන්‍යයෙන් වෙන වැරදීම් අවම කරගන්න පුළුවන්.මොක ද ලොකු පින්තූරයක් තුළ බොහෝ දේ තිබෙන නිසා නිගමන වැරදී යාමේ අවස්ථාව අඩුයි. ඒ වගේ ම වැරදි නැවත සකස්කර ගැනීමේ අවස්ථාව වැඩියි. ක්‍ෂුද්‍ර පින්තූර මත සිට සමස්තය පිළිබඳ තීරණ ගත්තා ම ක්‍ෂුද්‍ර එක වැරදුනොත් සියල්ල වැරදුනාමයි. වර්තමාන ලංකාව එවැනි වැරදීමක කදිම නිදසුනක්.