මට 3rd party ඉන්ෂුවරන්ස් එකක් ඕන වෙලා insuranceme.lk එකට payment කරලා ගන්න බැලුවා. පලවෙනි එක allianz insurance එකට කරන්න ගියා එතකොට 1,100ක් පෙන්නුවා.
ඕකට සම්පත් විශ්ව එකෙන් ගෙවාන යද්දී OTP එක enter කරන්න ආවා, එක enter කරද්දී timeout වෙලා. payment unsuccessful කියලා ආව insuranceme.lk එකේ.
ඊට පස්සේ LOLC එකේ දෙවෙනි පාර දාන්න බැලුවාම එකට 1,120ක් කියල ආවා ඕකට දාල OTP එක ගහලා payment එක කරාම insuranceme.lk එකේ payment successful කියලා msg එක ආව.
ටික වෙලාවකින් සම්පත් බැංකුවෙන් sms දෙකක් ආවා 1,100යි / 1,120යි දෙකම චාර්ජ් වෙලා කියලා.
මම මේකට කම්ප්ලේන් කරා නිකම් සතයක්වත් බැංකුවට දෙන්න අකමැති හින්දා. මැනේජර් ඊට පස්සේ කෝල් කරා ඔය ගැන අහන්න. ඊට පස්සේ එයා කියනවා එයාලගේ පැත්තෙන් payment එක වෙලා තියෙන්නේ කියල. මට insurance එක කතා කරලා කියන්න ලු.
මම insuranceme එකට කතා කරාම උන් මගේ උන payment දෙකේම proof එවුවා, උන් කියනවා 1,120 විතරක් ආවාලු, අනික් 1,100 ආවේ නෑ කියල. අකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් screenshot වගයක් අරන් එව්වා.
මම ඔය ගැන මැනේජර්ට කිව්වාම මැනේජර් පිළිගන්න කැමති උනේ නෑ payment එක වෙලා කියල. මේක reund ගන්නවා නම් marchant request එකක් දාල ලු ගන්න ඕන කිව මැනේජර් ඉතින් එක කරන්න කිව්වා මම. ඊට පස්සේ insuranceme.lk එකට කතා කරලා මට කෝල් කරනවා කිවා මේ ගැන කියන්න ජනවාරි 15 සදුදා.
අද වෙනකම් කෝල් එකක් නෑ. ඔය සම්පත් විශ්ව එක පාවිච්චි කරනවා නම් පරෙස්සමෙන්. මෙලෝ වැඩක් නැති ජරාවක් උන්ට තියෙන්නේ.
රුපියල් 1,100ක් හින්දා හොදයි. මිට වඩා වැඩි එකක් උනා නම් එත් එච්චරයි.