සම්බන්ධන්ගේ තීරණයට අතුරුදන්වුවන්ගේ ඥාත&#
අතුරුදන්වුවන්ගේ ගැටලුව වෙනුවෙන් විසඳුමක් ලබා නොදුන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරයේදී සහයෝගය පළ කිරීමට ගත් තීරණයට තමන් විරුද්ධ බව වවුනියා ප්‍රදේශයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසයි.
ඝාතනයට ලක්වු නඩරාජා රවිරාජ් මහතාගේ ගුණ සැමරීම වෙනුවෙන් පැවැත්වු සැමරුම් වැඩසටහනකින් අනතුරුව විරෝධතායකට එක්වු අතුරුදන්වූවන්ගේ ඥාතීන් එලෙස පවසා ඇත.
විරෝධතාකරුවන් පැවසුවේ සම්බන්ධන් මහතා ප්රමුඛ දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතා වෙත සහයෝගය පළ කිරීමට ගෙන ඇති තීරණයට උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ද විරුද්ධ බවයි.
අතුරුදන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුම් ලබා නොදෙන සම්බන්ධන් මහතාදේශපාලන වාසි වෙනුවෙන් දෙමළ ජනතාවගේ ගැටළු පාවා දෙමින් සිටින බව විරෝධතාවය එක්වු අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා තිබේ.
අතුරුදන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ නායකයින් පිළිතුරු ලබාදිය යුතු බවටද අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඉල්ලීම් කරයි.
ඔවුන් පැවසුවේ තම ඡන්දයෙන් බලයට පත්වු සම්බන්ධන් මහතා ජනාධිපතිවරුන් තෝරා ගැනීමට කටයුතු කරන අතර, දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබා නොදෙන බවයි.
Source : http://sinhala.adaderana.lk/