සමලිංගිත්වය(gay/lesbians). අහපු ගමන් , දැකපු ගමන් ඒක ටිකක් නුහුරු, අප්රිය, සමාජය දැඩිව පිළිකුල් කරන වචනයක්. මමත් , උඹ ත් ඒක හඳුවන්නේ එහෙමයි. ඒත් මට ඕන අද ටිකක් ඒක ගැන කතා කරන්න.. එහෙම කතා කරන එකෙන් මං උඹට කියන්නේ අපිත් එහෙම වෙන්න ඕන කියන එක නෙවෙයි. එන්න යං..
.. බටහිර රටවල් වල මේ සිද්ධිය සාමාන්යම දෙයක්. මොකද බටහිර රටවල් වල සම්මත වෙච්ච සංස්කෘතියක් නෑ. උන් ජීවත් වෙන්නේ උන්ට ඕන විදියට. උන් උන්ගෙ ජීවිතේ රිසියේ විදිනවා. මං හිතන්නේ කවදාවත් කොතනකදිවත් ඒ මිනිස්සුන්ට පසුතැවිළි වෙන්න වෙලා නම් නැතුව ඇති.
ආදරයෙදි වුණත් අපිට වඩා බටහිර රටවල් වල මිනිස්සු ඉන්නේ හුඟක් ඉදිරියෙන්. හැඟීම ඇති වෙන්නේ කෙල්ලට ද කොල්ලට ද කියලා නෑ, උන් උන්ගෙ හැඟීම අනිකාට ප්රකාශ කරනවා.. උන් උන් ඉස්සහර උන් විදියට හැසිරෙනවා. හිතේ තියෙන හැඟීමක් කියා ගන්න බැරි ලංකාව වගේ රටක ජීවත් වීමත් එක්තරා විදියට ලොකු අසීරුකමක්, අවසනාවක්.
ඒවා වැඩක් නෑ. කතාවට. –
ශුංගාරය කියන දේ එක්තරා විදියක හැඟීමක්. අපි ලිංගත්වය තුළින් බලාපොරොත්තු වෙන්නේ එක්තරා විදියක තෘප්තිමත්වීමක්. අන්න ඒ තෘප්තිමත්වීම අපි තාවකාලික සතුටක් ඒ මොහොත තුළ අත් විඳිමින් ජීවිතය විඳිනවා. ඒක කොල්ලෙක්, කෙල්ලෙක්, ගැහැණික්, පිරිමියෙක් වෙන්න ඕනම ද ? යන ප්රශ්නය මට ඇති වෙනවා..
කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්නෙ බැරිද ?
කොල්ලෙක්ට කොල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්න බැරිද ?
ලංකාව වගේ රටක ඇඟිලි දික් කරන්න 99% පිරිසක් මාන බලනවා. හැබැයි මං මේ කතා කරන්නේ ලංකාවෙන් එහාට ගිහිල්ලා.
කොල්ලෙක් කොල්ලෙක් එක්ක එකට ඉද්දී අපේ උන් කියනවා “ඌ කොලුකාරයා” කියලා.. සමාජයෙ එහෙම අය කොන් කරන හරිද ?
හැඟීම් විඳීම අයිතියක්.! ඒක එකිනෙකාට වෙනස් වෙන්න බැරි නෑ. කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක ලිංගික තෘප්තිමත්වීමක් ලබනවා නම් ඒක ඒ අයගෙ හැඟීම සහ එයාලගෙ අයිතිය. උඹටවත් මටවත් ඒකට ඇඟිලි දික් කරන්න බෑ. මොකද අද වෙනකොට සමලිංගත්වයට රටවල් ගණනාවක ඉඩ හසර දීලා තියෙනවා.. උන් උන්ගෙ හැඟීම, ඒ මොහොතෙ තෘප්තිමත් වීම, ඒ මොහොතෙ විඳීම විඳිනවා. ඒක කෙල්ලෙක් එක්කද කොල්ලෙක් එක්කද කියන එක අදාල නෑ. එතනින් එහාට ඒ ගැන හිතන කොට ගැටලුකාරී තත්වයන් මුණ ගැහුණත් සමලිංගත්වය පවත්වාගෙන යන අය සමාජයෙන් කොන් කිරීම ,ඒ පිළිබඳව මුළු ගැන්විලා කතා බහ කිරීම නොකල යුත්තක්.අපේ වචනයෙන් ඒක උන්ගෙ ආතල් එකනම්, ඇයි අපි ඒක මැද්දට පනින්නේ.
සමාජ සංස්කෘතියත් එක්ක ලංකාව වගේ රටක සමලිංගකත්වය පිළිකුල්ව දකිනවා. ඒ වුණත් ලංකාව තුල ද අතීතයට වඩා වර්තමානය වන විට සමලිංගත්වය වර්ධනය වීමක් දකින්න ලැබෙනවා.
සමලිංගත්වය නිසා අද වෙන කොට ලංකාව වගේ රටක කෙල්ලො දෙන්නෙක්ට යාළුවො වගේ එකට ඉන්න බෑ.. සහෝදරියො දෙන්නෙකුට එකට ඉන්න බෑ.. මොකද ලංකාවේ ඉන්නේ හුඟක් වපර ඇස් වලින් සමාජය දකින පිරිසක්.. වසංගතයක් වගේ පැතිර යන සමලිංගත්වය නිසාවෙන් යම් යම් අවස්ථාවල එවැනි වූ ගැටලුකාරී තත්වයන් ද ඇති නොවනුවත් නොවේ..
කාගෙවත් හැඟීමකට අපි පස්ස ගිණි තියාගෙන පිස්සො වගේ හැසිරෙන කොට තමයි දැණෙන්නේ ලංකාවේ අපි කොතනද ඉන්නේ කියලා.
කුලය අනුව මිනිහෙක් පහත් කරලා සළකන එක වැරදියි කියලා තේරෙන්න අපිට අවුරුදු ගාණක් ගියානම්, සමලිංගික අයව පහත් කරලා සළකන්න හොද නෑ කියලා තේරෙන්න අපිට කොච්චර කාලයක් යයි ද ?
~උපුටා ගැනීමක්~

dan me wage post dannama account ekak hadagena enna una neda 