සම්මා ආජීව...

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

සම්මා ආජීව කියන්නේ නිවැරදි ජීවිකාව. ඒ පිළිබඳව පුංචි කතාවක් ඔයාලට කියන්න මට හිතුනා. සමහර විට ඔයාලා මේ කතාව දන්නවාත් ඇති. සමහර විට නොදන්නවාත් ඇති. කොයිකටත් කියවලා බලන්නකෝ.

මේක ඕස්ටේලියාවේ වෙච්චි සිදුවීමක්. මේ කතාවට සම්බන්ධ පවුලේ සාමාජිකයෝ තුන්දෙනයි. තාත්තා, අම්මා සහ පුතා. මේ තාත්තා එක්තරා සමාගමක සේවකයෙක්. මේ පුතාගේ වයස අවුරුදු 6යි. ඉතින් දවසක් මේ පුතා තාත්තා වැඩ ඇරිලා එනකම් මග බලාගෙන ඉන්නවා. වෙනදා තාත්තා ගෙදර එන වෙලාව පහු වෙලා. කොහොම හරි රූ 9 විතර වෙද්දි තාත්තා ගෙදර ආවා. ඒ එනකොටත් පුතා මග බලා ගෙන ඉන්නවා. තාත්තා ගෙට ආවම පුතාව දැකලා තාම නිදි නැද්ද කියලා ඇහුවා. එතකොට පුතා අහනවා තාත්තාගෙන් තාත්තේ තාත්තා ඔෆිස් එකේ වැඩ කරනවාට 1 පැයකට කීයක් නම් ගෙවනවාද කියලා. තාත්තා පුතාට උත්තර දෙනවා මට හොඳටම මහන්සියි,විකාර කථා තරන්න එපා කියලා. ඒ පුතා ආපහු දෙවන වතාවටත් අහනවා ඒ දේම. එතකොට තාත්තාට තව ටිකක් කේන්ති යනවා. පුතා තුන්වැනි වතාවටත් ඒකම ඇහුවම මේ තාත්තා අඩි පොලොවෙ හප්පලා කෑ ගහලා කියනවා මට හොඳටම මහන්සියි,ඒ මදිවට දැන් මලේ ඔලුව අවුල් කරනවා.යනවා යන්න මෙතනින් කියලා. අනේ මේ නිසා දුකට පත් වුන පුතා අඬාගෙන තමන්ගේ ඇඳට ගිහිල්ලා හාන්සි වෙනවා.

තේ කෝප්පයක් එහෙම බීලා වෙහෙස නිවා ගත්ත තාත්තාට මේ අතරේ කල්පනා වෙනවා මන් පුතාට කථා කලා සැර වැඩි නේද කියලා. එහෙම හිතපු තාත්තා පුතාගේ කාමරේට ගිහිල්ලා දොර ඇරලා ඉකි ගහමින් ඉන්න පුතාට කියනවා පුතා මන් වැඩ කරලා වැඩ කරලා හෙම්බත් වෙලා ඉඳියේ.ඔයා ඒ වගේ දේ ඇහුවාම මට කේන්ති ගියා.මන් ඔයාට සැර කලාට මට සමාවෙන්න කියලා. එතකොට ඒ පුතා ආයිත් අහනවා තාත්තේ තාත්තාට වැඩ කරනවාට පැයකට කීයක් ගෙවනවාද කියලා. ආපහු සැරයක් කේන්ති ගියාට ඒ පාර තාත්තා කියනවා අවුරුදු 6ක දරුවෙකුට මොකටද ඒවා.කමක් නෑ, මට පැයක් වැඩ කරනවාට ඩොලර් 20ක් ගෙවනවා කියලා.

එතකොට ඒ පුංචි පුතා කියනවා තාත්තේ එහෙනම් මට ඩොලර් 10ක ණයක් දෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවෙදි තාත්තා පර්ස් එකෙන් ඒ මුදල පුතාට අරන් දෙනවා. ඒ ඩොලර් 10 අරගත්ත පුතා තමන්ගේ කොට්ටය යටට අත දාලා තමන් ආරක්ෂා කරන් හිටපු තවත් ඩොලර් 10ක් අරන් ඒ ඩොලර් 20 තාත්තාට දීලා අහිංසක හිනාවකින් යුතුව තා‍ත්තාගෙන් අහනවා තාත්තේ මෙතන ඩොලර් 20ක් තියෙනවා.තාත්තාට පුළුවන්ද 1 පැයක් මා එක්ක ලඟට වෙලා ඉන්න කියලා.

බලන්න මේ කථාව කියෙව්වම මේ මොන විකාරයක්ද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නමුත් සම්මා ආජීව කියන අරි අට්ට මගේ අවසන් මාර්ගය පිළිබඳව ඔයාලට යම් සංඥාවක් ගන්න මේ කථාව පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ටිකක් හිතන්න කියලා මන් ඔයාලට ආරාධනා කරනවා...​