සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා කාලය එළඹී තිබෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
හෙතෙම මේ බව සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (09දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.
මේ අතර රටේ අවශ්‍යතාව අනුව තෝරාගත් අපරාධ සඳහා හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,
“අද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මගින් කරනු ලබන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසන පිළිබඳමීට වඩා අපි සැලකිල්ලක් දක්වන්න ඕන.අද සමාජ මාධ්‍යයේ ටික් ටොක් කියලා එකක් තිබෙනවා. මේ විදියට අද සමාජ මාධ්‍ය ජාලා තුළින් ඇති වෙලා තිබෙන මේ ව්‍යසනය පිළිබඳ, මම කියන්නේ නෑ සමාජ මාධ්‍ය තහනම් කරන්න ඕනී කියලා නමුත් මෙය නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා කාලය පැමිණ තිබෙනවා.
ඒ වගේම විශේෂයෙන් අද මත්කුඩු, මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අල්ලනවා. නමුත් එල්ලුම්ගහට ගිය මිනිහෙක්, අවුරුද 20-30ට හිරේට ගිය මිනිහෙක් හොයා ගන්න බෑ. හිරේ ගියත් ඒ පුද්ගලයා හිරේ සිට ඒ ජාවාරම කරනවා. අද සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල්වල පවා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව මරණ දඬුවම නියම කරනවා. ඇයි මේවට ප්‍රමුඛත්වය ලබාදීලා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. සංවිධානාත්මක අපරාධවලට ඇයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. අපේ රටේ අවශ්‍යතාවන් අනුව තෝරාගත් අපරාධ සඳහා හෝ අපි මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි”
FB comment walata ridawagena wage